Sunday, November 11, 2012

කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?

කාරුණික දැනුම් දීමයි

අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්‍ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.

තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා විසින් ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරන ආකාරය ගුගල් සර්වර් හි සිට මම නිරීක්ෂණය කරමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි. දුන් පොරොන්දු ඉටු නොවුනහොත් සුදු පැහැති රේසින් වාහන එවීමට පසුබට නොවන බවද දැන්වීමට කැමත්තෙමි.

වැඩ බලන අමාත්‍ය (බ්ලොග් භාර දෙවියන් වෙනුවට)
- මිනිස්ට්‍රි ඔෆ් බ්ලොග් ඇන්ඩ් රිලේටඩ් අෆෙයාර්ස්
- ආශ්චර්යලන්ඩ්

ප.ලි : විවිධාකාරයේ වැඩ කටයුතු / බාල්දී / ජරමර සිදු වූ බැවින් පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට / කියවීමට නොහැකි වීම ගැන සමාව වනු මැනවි.

ඔබාමා අයියා දෙවැනි පාරට දිනපු එකේ , කලින් පාර ඔබාමා අයියා දිනපු එකට දාපු පොස්ට් එක මෙතන ක්ලික් කරලා බලන්න.



18 comments:

  1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... welcome back!!! :D මකුළුදැල් එහෙම කඩලා සුද්ධ කරලා ගත්තානම් හරි!! තාමත් එහෙන් මෙහෙන් මකුළුවො...;)

    ආයෙත් බ්ලොග් ලියන්න ආපු හේතුව, මම ගෙස් කලාට ප්‍රසිධියෙ ඔන්න කියන්නෙ නෑ... හරි නෑනෙ මඩ ගහන්න..:D

    ජය වේවා!!

    ReplyDelete
  2. යන්තන් ඇති , උබ ඇවිල්ලා....

    ReplyDelete
  3. හ්හ්ම්ම්ම්ම් අපිත් බලා ඉන්නවා. ඉක්මනට ලියන්න...

    ReplyDelete
  4. ආ මේ ඇවිත් ඉන්නේ...ආපහු යනවා එහෙම නෙවෙයි

    ReplyDelete
  5. සෑහෙන කාලෙකට පස්සේ අයෙම ඇවිත් වගේ.. එහෙනම් දිගටම ලියන්න මල්ලි.

    ප.ලි. - මම බ්ලොග් කළාවට අළුත් කෙනෙක්. පුලුවන් නම් මගේ ටැංකියටත් ගොඩ වෙලා යන්න එන්න. මෙන්න පාර.
    http://malutankiya.blogspot.com

    ReplyDelete
  6. සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ... :D :D :D

    ReplyDelete
  7. බ්ලොග් එක ලියපු එකාව තමා අපිත් මේ හොයන්නේ !

    ReplyDelete
  8. සිරාවටම උඹ අමතක වෙලා හිටියෙ බං :-)

    ReplyDelete
  9. හරි ලියාපං....

    ReplyDelete
  10. ඈ බං අයියේ හත්තිලව්වේ...කොහේද ඈ හිටියේ....

    ReplyDelete
  11. වෙල්කම් වෙල්කම් චම්මා ආයේ ලියපන් කලින් වගේ.

    ReplyDelete
  12. ආවඩා ආයු බොහෝ වේවා

    ReplyDelete
  13. එල එල...............කී බෝඩ් එකට තුන් හතර පාරක් වැඳලම වැඩ පටන් ගත්ත නම්...............

    ReplyDelete
  14. හා.. උඹත් රේසින් කාර් වලට බදු අඩු කරනකම්ම හිටියා නේ බ්ලොග් එක පැත්තේ එන්න.. :) :) :) :D

    ReplyDelete
  15. ආ... එහෙනම් මෙයත් ඇවිල්ලා. අයෙත් පටන් ගමු..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!