Saturday, December 8, 2012

2012 - ලංකාවේ සින්දු | Songs in 2012

අවුරුද්දක් ගෙවිලා තව අවුරුද්දක් උදා වෙන්න තියෙන්නේ හරියටම තව මාසෙකටත් අඩුවෙන්.මේ අවුරුද්දත් ගෙවිලා ගිය දැනුනෙවත් නෑ.අලකලංචි,ජරමර ඔක්කොම මැද්දේ මේ අවුරුද්ද පුරාම අපිට අහන්න ලැබුන සින්දු වලින් මගේ හිතට දැනුන හොදයි කියලා හිතෙන සිංහල සින්දු සෙට් එක තමයි අද කියන්න හදන්නේ.

1. දිගු දෑස දුටුවාම- රොමේෂ් සුගතපාල
දැන් නම් සින්දුවේ ජනප්‍රිය බව ටිකක් අඩු උනාට සින්දුව ආපු දවස්වල හොදටම හිට් උන සින්දුවක්.දෙරණ මියුසික් විඩියෝ උළෙල ජනප්‍රියම සින්දුව උනෙත් මේ සින්දුව. අමා නංගි දම්සාරි වෙලා පුළුවන් තරමක් කථා හදාගෙන , MEME වලට මාතෘකාවක් උනෙත් මේ සින්දුව නිසාම තමා. සින්දුවේ හිට් වෙන්න වීඩියෝ එකත් උපරිමෙටම උදව් උනා කියල කියන්න පුළුවන්.



2. පෙනෙන නොපෙනෙන දුරක ඉදන් - ආත්මා ලියනගේ
ආත්මා ලියනගේ ගායනා කරන මේ සින්දුව මම අහන්න ගත්තේ නම් ළගදී. ඇත්ත කථාවක් පාදක කරගෙන ලියපු සින්දුවක් කියල තමයි කියන්නේ නම්. මට අනුවනම් ආත්මා ලියනගේ ගයපු 'ලියතඹරා මුදු කුසුමකි' කියන සින්දුවට පස්සේ කියපු හොදම සින්දුව තමයි මේක.

3. විස්සයි - විස්සේ - BnS
දැන් අහන්න එපා මේක මොන එහෙකටද මෙතනට ආවේ කියලා. 20-20 ලෝක කුසලානයේ Official Event Song විදියට භාතිය-සන්තුෂ් හදපු මේ සින්දුව අහපු මුල් දවස්වල එච්චර ගතියක් දැනුනේ නැති උනාට අවසාන මහ තරගය කාලේදී වගේ 'ඇගට හොදට දැනුනා'. ගොඩක් කට්ටිය කියපු දෙයක් තමයි භාතියලා හදපු Cricket Antherm ( 'රන් හිරු නැගෙනා - මේ ලෝ තලේ ') ගීතයත එක්ක බැලුවම මේක මෙලෝ රහක් නෑ කියන එක. නමුත් මතක තියාගන්න ඕන මේ ගීත දෙක හදුපු අවස්ථාවන් දෙක. විස්සයි විස්සේ ගීතය Event promotion ගීතයක් විදියට සාර්ථකයි කියන තැන මම නම් ඉන්නවා.



4. චන්ද්‍ර කින්නරාවි- බාචි සුසාන්
බාචි කියන සින්දුවලින් 'සරත් සදේ' සින්දුවට පස්සේ මම ආසම සින්දුවක්.මේ සින්දුවෙත් වීඩියෝ එක සින්දුව හිට් වෙන්න බලපැවා කියලා කියන්න පුළුවන්. 'අවසාන මොහොත' මාගේ කියන සින්දුව මගේ ලිස්ට් එක නැති උනත් බාචිගේ මේ සින්දුවට සහ ගායනා කරන විදිය නම් නියමයි.



5.සද රෑ මගේ දෑස මානේ - BnS
BnS ලගේ සරා සිහින ඇල්බම් තියෙන මම කැමතිම සින්දුවක් තමයි මේක.සරා සිහින ඇල්බම් එක ගිය අවුරුද්දේ නිකුත් උනාට මොකද තාමත් ඒකේ තියෙන සින්දු පරණ වෙලා නැහැ. මේ ගීතයේත් සංගීතය භාතිය ගෙන්.

6. මට සුර ලෝකේ මැව්වා - චින්ති
මේක මේ ඊයේ පෙරේදා ආපු චින්ති ගේ සින් දුවක්‌.../.. 'තරුම්නි ඔච්චම් පාමිනා' ගීතයෙන් ලංකාවේ රෙගේ මාකට් එක ආපු චින්ති කරපු ඒ විදියෙම වෙන සින්දුවක් තමයි මේක. ගොඩක් අයට චින්ති ගේ සින්දු දිරවන්නේ නැති උනත් මට නම් සමහර සින්දු අහගෙන ඉන්න පුළුවන් තත්වයක් තියෙනවා.වීඩියෝ එකත් හරිම සරල ( ටිකක් රෙගේ ටයිප් එකට සමාන වෙන්න ) කරපු විඩ්යෝ එකක් තමයි තියෙන්නේ.ෂෙහාන් ගලහිටියාව තමයි සින්දුව ලියලා තියෙන්නේ , සංගීතය චින්තිගෙන්.



7. රාත්‍රියේ පිපෙන්නම් - කේෂාන්
මේ අවුරුදෙම එපා වෙන්නේ නැතුව අහපු සින්දු වලින් එකක් තමයි මේකත්. උපුල් ශාන්ත සන්නස්ගල තමයි සින්දුව ලියලා තියෙන්නේ, මහේෂ් දෙනිපිටිය තමයි සංගීතය සපයලා තියෙන්නේ.උපුල් ශාන්ත සන්නස්ගල ආදරණීය වස්සානයට ලියපු 'හීනයකි මට ජිවිතේ' සින්දුවට පස්සේ ලියපු හොදම සින්දුවක් මේක තමයි කියලයි මත හිතෙන්නේ.



සිංහල සින්දු සෙට් එකෙන් ඔය ටික තමයි මට නම් 2012 අහපු හොදයි කියලා කියන්න පුළුවන් සින්දු.මේවා මගේ කැමැත්ත සහ මම අහන ටයිප් එකෙ සින්දු නිසා සමහර අය අකමැති වෙන්න පුළුවන්.යු ටියුබ් ලින්ක් දාපු නිසා පිටුව ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යයි.

23 comments:

  1. සමහරක් නම් මාත් ආසයි සමහරකට නම් නෑ... එ හින්දම වෙන් ඇති විවිද ගීත බිහි වෙන්නේත් විවිද රසස්වාදයන්ට ගැලපෙන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා..විවිධත්වයක් තිබ්බම ඕනෑම දේකට හොදයි නේ..

      Delete
  2. කාලයක් ජාතික ගීය වගෙ තිබුන මතකයන් ඔබේ සින්දුවේ රීමේක් එක පොඩ්ඩක් හිතට ඇල්ලුවා , මගේ සින්දු චිත්‍රපටි ලිස්ට් එක 31 දාන්නයි ඉන්නේ :)

    ReplyDelete
    Replies
    1. බුවා ගිය අවුරුද්දේ දාපු පොස්ට් එක මතක් වෙලා තමයි මමත් මේක දැන්මේ..2012 ආපු ටි.වී සිරිස් ගැනත් පොස්ට් එකක් දාන්න හිතේ තියෙනවා..

      මොකක්ද බොලේ ජාතික ගීය xD

      Delete
  3. ඩැඩී බෑන්ඩ් එකේ සිංදුවක් නැති එකනන් පුදුමයි.

    ReplyDelete
    Replies
    1. Daddy ලගේ අලුත් සින්දු එහෙම ආවේ නැහැනේ බන්

      Delete
  4. මගේ ලිස්ට් එකේ නම් තව කීපයක් තියනවා බං... චින්තිගේ අළුත් එක දැන ගත්තේ උඹෙන්

    ReplyDelete
    Replies
    1. කියන්නකෝ බලන්න දැනගන්නත් එක්ක :)

      Delete
  5. මං හිතුවෙ 10ක් වත් ඇති කියලයි... 7ද???

    ReplyDelete
    Replies
    1. මටත් ලියාගෙන යනකොට හිතුනා ගොඩක් ඇති කියලා ඒ උනාට අන්තිමේ සෙට් උනේ මෙච්චරයි..

      Delete
  6. සමහර එව්වා අහලම් නැද්ද මන්දා... :)

    ReplyDelete
    Replies
    1. සමහර ඒවා අලුත්ම එව්වා නේ xD

      Delete
  7. හෆ්ෆා... සින්දු 7යිනෙ හෆ්ෆා... මදි මදි.... මම මේකෙන් ආසම සින්දු කීපයක් තියෙන්වා... :) :D

    ReplyDelete
    Replies
    1. Ian අයියා නම් හැබැයි එක විඩියෝ එහෙකවත් නැහැ නේ :P

      Delete
    2. ආ..... එයා නෑ තමා.. :( අර පිස්සු කෙල්ලෙක් නම් ඉන්නවා හොරු පෙර පෙර :p

      Delete
  8. ජෝතිපාල,නෙවිල් ප්‍රනාන්දු, ක්ලැරන්ස් විජේවර්දන, ජිප්සීස් වගේ ආදී කාලේ 70,80, කාලේ සින්දු අහලා ගන්න වින්දනේ අද කාලේ කිසිම සිංදුවකින් ගන්න බෑ..

    ReplyDelete
  9. http://www.youtube.com/watch?v=XU-0yTdhf54

    onna oya sinduwath maru....

    ReplyDelete
  10. පලවෙනි සිංදුවේ වීඩියෝ එකෙන් සිංදුවම කෑවා !!!

    ReplyDelete
  11. පෙනෙන නොපෙනෙන සින්දුවේ කතාව මම ලඟදි කියෙව්වා. ලස්සනයි සින්දුවත්. මේ සමහරක් මම අහල තිබුනේ නෑ.

    ReplyDelete
  12. මේ ඔක්කොම මගේ ෆෝන් එකේ තියෙනවා මචන්

    ReplyDelete
  13. කැමති සිංදු කිහිපයක්නම් තිබුනා.

    ReplyDelete
  14. තට්ට අයියාDecember 25, 2012 at 8:51 PM

    කෝ මෙතෙන මම කිව්ව සින්දුව නෑනේ

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!