Sunday, November 25, 2012

අයං චන්ද්‍රිකා කාලෝ ( මේ එලඹෙන්නේ චන්ද්‍රිකා සමයයි )

බැලු බැලු හැම අතම කතාවන්නේ චන්ද්‍රිකා ගැනමය.මෙතුවක් කල් පැවතුනායයි පවසන සියලුම ප්‍රශ්න දැන් අහවරය.දැන් ඇති එකම ප්‍රශ්නය කවදා / කොයි වෙලාවේ කෙසේ චන්ද්‍රිකාව උඩ යයිද යන්න පමණි.මේ චන්ද්‍රිකා ගැන ඇසිය හැකි යයි උපකල්පනය කරන ලද කථා කිහිපයකි.

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 1

එතුමා විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන දේශපාලකයෙකි.දිනක් තමන් හමුවීමට පැමිණි ආණ්ඩු පක්ෂයේ තවත් දේශපාලකයෙකු සමහ සුහද කථාවක නිරත වීමෙන් අනතුරුව කතාබහ ඇදී ගියේ චන්ද්‍රිකාව කෙරෙහිය.

ආ. දේශාපලකයා : කොහොමද මන්ත්‍රිතුමා අපේ වැඩ දැන් , සෙල්ලම් නැහැ නේ කෙලින්ම අහසට බඩු යවන්නේ
වි. දේශපාලකයා : අනේ නිකන් ඉන්නව අයිසේ..ඔය චීන කාරයෝ එක්ක එකතු වෙලා මොනවා කරන්න බැරිද
ආ. දේශාපලකයා : ආ එහෙම කියන්න එපා..ඉතින් ඔබතුමාලට එහෙමවත් එකක් කරන්න බැරි උනා නේ..
වි.දේශාපලකයා : අපිට ඉතින් ඔව්වා කරන්න හිතුනේ නැහැ.ඇරත් ඉතින් චීනකාරයෝ මොනවා උනත් දාහක් දෙදාහක් ගත්තොත් නම ගහල දෙනවනේ..දැන් බයිසිකල් උනත් දාහක් දෙදාහක් ගත්තොත් මගේ නම උනත් ගහගන්න පුළුවන්..ඒක හින්දා ඔය මේඩ් ඉන් ශ්‍රී ලංකා ගහන එක නම් මහා දෙයක් නෙවෙයි..
ආ දැන් කෝ ඔහෙලගෙ ඔය මල ඉලව්ව
ආ. දේශාපලකයා : තව දවස පහ හයක් යයි
වි. දේශාපලකයා : (මහ හයියෙන් සිනහසෙමින්) ඉතින් හරි නේ ඕයි..චන්ද්‍රිකා උනත් වෙලාවට ආවේ නෑනේ..ඉතින් කොහෙද ඕයි ඕක වෙලාවට උඩ යන්නේ ?

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 2

දැන් දැන් දැනුම බෙදන - රට හදන රුපවාහිනී සංවාදවල මාතෘකාවද චන්ද්‍රිකාය.විද්වතුන් සෑමසියලු දෙනාම චන්ද්‍රිකාට පිස්සු වැටී ඇත.

දැන් බලන්න ....මහත්තයෝ , ඉස්සර අපේ පොඩ් එවුන්ගේ පොත්වල මොනාද තිබ්බේ, අර කොහෙවත් තියෙන ජපානේ පොඩ් කොලුගැටයෙක් නිදා ගෙන ඉන්න ගමන හොයා ගත්තු වල්ගා තරුවක් ගැන.දැන් මම අහන්නේ .....මහත්තයෝ ඕවා දැන ගත්ත කියලා අප ගිරුවාපත්තුවේ බණ්ඩාගේ පුතාට ඇති ප්‍රයෝජනේ මොකක්ද ? නැහැ නේ..ආන්න දැන් එකට දැන් අපේ පොඩ් එවුන්ට , නේද රෑට රෑට ආකාසේ දිහා බලාගෙන ඉන්න කොට හෙමිට එහාට යන තරුවක් දැක්කොත් ආඩම්බරෙන් කියන්න පුළුවන් අපේ රටෙන් යවපු චන්ද්‍රිකාවක යනවා කියලා..මේවා දකින්න , කියන්න අපේ ඇස් , කටවල් පින් කරලා තියෙන්න ඕන ........මහත්තයෝ..මටනම් සන් තෝසේ බෑ ..... මහත්තයෝ..

---------------------------------------------------------------------------------------------------
කථා අංක - 3

ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලංකාවේ ඉහළ පෙළ නිලධාරියෙක්ට දුරකථන ඇමතුමක්.

අමෙරිකානු නිලධාරියා : මොකක්ද මිනිහෝ ඔය කරලා තියෙන්නේ..කිව්වා නේද ඔය මල ඉලව්ව යවන්න එපා කියලා.. දැන් බලනවා වෙලා තියෙන දේ
ලංකාවේ නිලධාරියා : ඇයි ඇයි මොනවද වෙලා තියෙන්නේ
ඇමෙරිකානු නිලධාරියා : ඇයි තමයි..අර බලවා තමුසෙලා යවපු එක අර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්‌ථානය ඇමිණන්න ගිහින්..ඒකේ හිටපු එවුන් යන්තං ඒක එහාට කරගෙන බේරිලා තියෙන්නේ..අපි යවපු වෙන සැට් එහෙක ඔක වැදිලා අන්න ඒක කඩන්වැටිලා.. මොනාද ඕයි මේ කරන්නේ..චීනාගේ තියෙන්නේ හොර බඩු කියලා තමුසෙලා තාමත් දන්නේ නැද්ද..හෙට අනිද්දා ඔය කොහෙවත් තියෙන යු.එෆ්.ඕ එහෙකට තමුසෙලා යවපු එක පාට් එකක් දාල පුළුවන් නම මෙතන ලෝක යුද්ධෙකුත් සෙට් කරනවකෝ...තමුසෙලත් මොනවා නැතත් මහා ලොකුවට සින්දු හදලා තමයි වැඩ පටන් ගන්නේ..මොනවාද ඕයි හැම මල ඉලව්වටම සින්දුවක් හදනවා..හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?

25 comments:

  1. ආඩම්බරයි නොවැ දියුණු වෙන විදිහට...

    බඩට නැති වුනත් ලුණු කැද
    පයට ඕනෙමයි විල්ලුද
    ඒකයි නිතරම සංතෝසේ ඕයි...

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු ;)

      Delete
  2. +++++++++++++++++++

    ////හැබෑටම මම අහන්නේ තමුසෙලට පිස්සුද ?/////

    ReplyDelete
    Replies
    1. බුවා මොකද ඇමරිකාවේ බුවාගේ කතාවම ගත්තේ xD

      Delete
  3. ela thamai. aduwakata thibune ochcharai newa!

    ReplyDelete
  4. ඕවගේ ගණන් හිලව් ගැන කතා කරොත්
    පිටුවහලුත් කරයි ..

    ReplyDelete
  5. 4 වන කතාව... ජනාධිපතිතුමාගේ නිවසේදී

    ශිරන්ති නෝනා - අනේ බලන්නකෝ මෙයා අපේ පොඩි පුතා ජනතාවට තරු පෙන්නන්න යන්නෙ... චන්ද්‍රිකාව කක්ෂ ගත කරලා...

    ජනාධිපතිතුමා - හහ් හහ හා.. එයාට පිස්සු මෙයා. ඕකට චන්ද්‍රිකා යවන්න ඕනය. මම හැමදාම මහජනතාවට පෙන්නන්නෙ තරු, අනික මම චන්ද්‍රිකාටත් කක්ෂ ගත නැතිවම මම පෙන්නෙඋවේ තරු... ඇයි එතකොට ජ්නරාළ, මේ දවස්වල නම් පෙන්නන්නේ ශිරාණී බන්ඩාරනයකට.. එයාට නම් පෙන්නන්නේ දවල් තරු....

    ReplyDelete
  6. ඇත්තටම සිංදුවකුත් හදලද? තියෙනම් ලිංකුවක් දෙන්නකො.

    ReplyDelete
    Replies
    1. http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=6&cad=rja&ved=0CFEQtwIwBQ&url=http%3A%2F%2Fwww.youtube.com%2Fwatch%3Fv%3Dnd_kGS2Qj2Q&ei=VXyzUI7NFcvirAffrYHwBQ&usg=AFQjCNG8YpZy8CMIzGL_Je3Z-quF4Td0OA&sig2=OTGLqemuWUZppQTmPNZpbw

      Delete
  7. හික්ස් පට්ට පෝස්ට් එක.

    ReplyDelete
  8. සිරා කතා ටික බං...

    ReplyDelete
  9. අපි චන්ද්‍රිකාව බලන්නට බඩඋලාගෙන සිටිමු

    ReplyDelete
  10. විලිය වහගන්න රෙදි නැතත්, බඩට දාගන්න කෑම ටික නැතත් .... ලැම්බොගිනි අර ගන්න පහසුකම් සලසලා අවසානෙට ලංකාවේ රොකට්ටුවවත් උඩ යැව්වට පස්සේ උදේ රෑ දෙකේම ගේ ඉස්සරහ පොල් ගහ යටට වෙලා උඩ බලාගෙන ඉන්න හරි දීල තියෙනවනේ .. අම්මප ඒ ඇති..

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  11. කොහොමත් අපි උඩ බලන් ඉද්දි ඕක හැම වේලීම පෙනේවි..

    ReplyDelete
  12. අපිත් මේ උඩ බලන් ඉන්නේ චන්ද්‍රිකා බලන්න... :)

    ReplyDelete
  13. Baduth haamuduruwobde..nadum ugey..me nandana windana dakina unta nemei apitai pissu..wal heththa..mama kiwwe deshapaalakayonta honde..

    ReplyDelete
  14. Ane ithin Umbalata Mona kalath Weradii.

    ReplyDelete

  15. https://www.facebook.com/photo.php?fbid=10151237755192114&set=o.110468629077208&type=1&ref=nf

    ReplyDelete
  16. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... :D

    ReplyDelete
  17. කොහොමත් ජනතාව උඩ බලන් ඉන්න හන්දා චන්ද්‍රිකාව පෙනෙයි.

    ReplyDelete
  18. මේ සතියේ ඉරිදා ලක්බිම පත්තරේ මානිගේ තීරුව මතක් වුණා...

    ReplyDelete
  19. ඔබ පළමු වැනියෙන්ම කියල තියෙන දේ සහතික ඇත්ත.අර කියා,අර සුන්,අර නී,අර බා,අර නික්,කියන සියලු උපකරණ ගෙනල්ල ලොකු ප්‍රචාර කරල පොලිය නැතුව මාසෙට ගෙවන්න අරගන්නෙ ඔය බඩුම තමා.ඔය කෙලිය අපේ රටටම විතරක් නෙමේ "සම හරක්"රට පාලනය කරන කාලකන්නි දෙන බදු නිදහසත් එක්කනෙ හතු පිපෙන්න වගේ හැම හන්දියක් ගානෙම අර ගර්,අර බාන්ස් කියල සාප්පු ඇරෙන්නෙ.

    ReplyDelete
  20. මලේ... 3 වෙනි කතාව නම් අපි හදපු එකට සමානයි නේ... එල...එල...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!