Saturday, December 22, 2012

භාතිය සහ සන්තුෂ්ට පසු | Concept of 'Brand ambassadors' & BnS

අපි කවුරුත් හොදට දන්නා භාතිය සහ සන්තුෂ් මුලින්ම ලංකාවේ සංගීත කේෂ්ත්‍රයටආවේ 1998 අවුරුද්දී 'වසන්තයේ' ගීත ඇල්බමයත් එක්ක.පළමු ගීත ඇල්බමය එළිදක්වලා දැනට අවුරුදු 15 ක් ගත වුනත් අදටත් ඔවුන්ගේ ජනප්‍රියතාවය අඩුවීමක් නැහැ.වසන්තයේ සංගීත ඇල්බමයට පස්සේ 'ලයිෆ්', 'තාරුණ්‍යයේ', ' නේත්තරා' සහ 'සරා සිහින' යන ප්‍රධාන ගීත ඇල්බම් 5ක් සහ තවත් තනි ගීත රැසක් මේ දෙන්නා විසින් නිර්මාණය කරලා තියෙනවා.

සන්නාම තානාපතිධුරයන් නොඑසේනම් Brand ambassador සදහා ලෝකයේ ඕනෑම රටක සුදුසු වන්නේ ( සහ තෝරාගන්නේ ) ඒ ඒ ක්ෂේත්‍රයක නියමුවන්. NIKEවෙළද දැන්වීම් සහදා බෙකම්, ඉන්දියාවේ ක්‍රිකට් දැන්වීම් සදහා ජනප්‍රිය ක්‍රිකට් තරු යොදාගැනීම මේ සදහා උදාහරණ විදියට දක්වන්නට පුළුවන්. අපේ රටේත් මෙකී සන්නාම තනාපතිධුරයන් සදහා ( කුමාර් සංගක්කාර ඇරෙන්නට) වැඩි වශයෙන්ම තෝරා ගනු ලැබුණු දෙදෙනා වුයේ භාතිය සහ සංතුෂ්ය.

දකුණු ආසියාතික මළල ක්‍රීඩා උළෙල , IIFA උළෙල  , ශ්‍රීලංකා ප්‍රිමියර් ලිග් , ලෝක කුසලානය  ඇතුළු ජාත්‍යන්තර උළෙලවල්ට අමතරව දේශීය සහ විදේශීය භාණ්ඩ සහ සේවා රැසකටම මොවුන් තම නිර්මාණ දායකත්වය ලබා දී තිබෙනවා.

භාතිය/සංතුෂ් ගෙන් පසු....

අපේ රට තුළ ක්‍රිකට් තරුවලට අමතරව ජනප්‍රියම ගොන්නට එකතුවන්නේ ගායන තරුය. එම නිසා , සංගා හෝ ඊටත් වඩා මාකට් කලහැකි චරිතයක් ලැබෙන තුරු රට නියෝජනය කරන්නට සහ රට වෙනුවෙන් නිර්මාණය දායකත්වය සැපයිය හැකියයි අනුමාන කළහැකි දැනට සිටින තරු වන්නේ.

කසුන් කල්හාර
සංගීත දැනුම සහ නිර්මාණශීලීත්වය අතින් බැලුවොත් දැනට ලංකාවේ ඉන්න හොදම තරුණ සංගීත ශිල්පියා කියලා කියන්න පුළුවන්. මේ වනතුරුත් කසුන් කල්හාර සිටින එකදු වෙළද දැන්වීමක් හෝ ශ්‍රී ලංකා නියෝජනයක් දැකලා නැති නිසා ඉදිරියේත් Brand ambassador කමකට යොමු වෙයි කියලා හිතන්න බැහැ.

ඉරාජ්
ගායන හැකියාව කෙසේ වෙතත් නිර්මාණශීලි ගීත නිර්මාණය කරන(කරපු) කෙනක්. BnS සමහ 2011 World Cup එක ලංකාව නියෝජනය කරන්න අවස්තාව ලැබුනෙත් ඉරාජ්ට. BnS පස්සේ Brand ambassador කමට වැඩි අවස්ථාවක් තියෙන්න කෙනෙක්.

ජය ග්‍රී
ඔස්ට්‍රියාව පාදකකරගෙන ඉන්න ලංකාවේ බෑන්ඩ් එකක් විදියට අනිත් අයට වඩා ජාත්‍යන්තර අත්දැකීම මෙයාලට නම් තියෙන්න ඕනෑ.ඒත් ලංකාවේ වැඩිකාලයක් ඉන්නේ නැති හින්දද මන්දා , ලංකාව තුල ලොකු මාකට් එකක් මෙයාලට නැහැ.

සෙන්ටිග්‍රේඩ්ස් , චිලි , දුෂ්යන්ත් , වොයිස් ප්‍රින්ට් ,Daddy, ශිහාන් ( ඇතුළු තරු වැඩසටහන්වලින් ආපු ඔක්කොම තරු) කළින් සදහන් කරපු අයගේ ගොන්නට ඇතුලත් නොකරන්නට හේතු කිහිපියක් තියෙනවා.

1. ජාත්‍යන්තර අත්දැකීම මදිකම
2. ජනප්‍රියතාවය ලංකාවට පමණක් සිමාවීම
3. මාකට් කරන්න පුළුවන් ගුණයේ මදිකම

අවසාන නිගමනය වශයෙන් කියන්න තියෙන්නේ , නර්තන අංශයෙන් පණිභාරත , චන්න-උපුලි වගේ අයගෙන් පස්සේ ලංකාව නියෝජනය කරන්න චන්දන වික්‍රමසිංහ වගේ අය හිටියත් භාතිය සහ සංතුෂ් ගෙන් පසුව ඒ හිස්තැනට කෙනෙක් නම් පෙනෙන මානයක නොමැතිබවයි. එම නිසා දැන්ම සිට සියළු මාකටින් ආයතන සහ Event plannersලා දිනේෂ් චන්දීමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් වෙන්කරවා තබා ගැනීම ඇගට ගුණය.

29 comments:

  1. හ්ම්ම්ම්ම් සිරාවටම ඇත්ත කතාවක්. කසුන් කල්හාර කියන්නේ මම ආසාකරන ගායකයොන්ගෙන් ඉහලම පෙලේ සිටින කෙනෙක්.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. නමුත් ලංකාව නියෝජනය කිරීම් ( වෙනත් විදියකින් ලංකාව මාකට් කිරීමේ ) අතින් ඉන්නේ නම් පහලම තැන..ටැලන්ට් එක උපරිමයි.

      Delete
  2. තරු සංකල්පයෙන් ගොඩ ආපු එකම කෙනා වෙන ශිහාන් ටත් තාම එක කරගන්න බැරි නම් අනිත් අය ගැන කවර කතාද?..... මම හිතන්නේ නැ කවදාවත් කසුන් කල්හාරටත් එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා නම්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ශිහාන් උනත් ලෝකල් ටැලන්ට් එකක්, මම හිතන්නේ නැහැ BnSලා ඉන්න තැනට යන්න පුළුවන් වෙයි කියලා..

      Delete
  3. කවුරු බැන්නත් මම නම් තාමත් භාතියලට කැමතියි , කසුන් මාකට් වෙන චරිතයක් නෙවෙයි .ශිහාන්ට නම් ඔයිට වඩා පුලුවන් කම තිබුනා . චන්දියා ට වඩා ඇන්ජලෝ තමයි මාකට් වෙන චරිතය . ඇඩ් වලදි වැඩ දාන , එක්දින වල ලැල්ල දාල මැච් කන (සංග ගහපු 100 වා 13න් අති බහුතරයකදි ලංකාව පරාදයි ) සංගාට වගේම , ඇඩ්වල වැඩ දාන්න බැරි , ක්‍රිකට් වලදි සුපිරි වැඩ දාන ඉන්න මුරලි වගේ අයත් හොඳට මාකට් වුනා

    ReplyDelete
    Replies
    1. බනින්නේ කුහකයෝ නේ බන්..ශිහාන් උනත් මම හිතන්නේ නැහැ ලංකාව නියෝජනය කරන්න වගේ අවස්ථාවක් ලැබෙයි කියලා නම්..

      ඔය මාකට් වීම කියනේ එකේදීත් ( ලංකාවෙන් පිට) කඩ්ඩ හසුරුවන එකට ලොකු තැනක එනවා..සංගට ඔය තැන ලැබෙන්න ලොකුම හේතුව ඒක.
      චන්දීයාත් ඉස්සරහට මාකට් වෙයි කියලා මම හිතනවා..පොරට දැන්ම ඉදන් කට්ට්ය Next Sangakkara කියලා කියනවනේ..( අනේ එහෙම නොවේවා !!! )

      Delete
  4. පොස්ට් එකත් නියම වෙලාවට දාලා තියෙන්නේ :) අද භාතියගේ උපන්දිනේ :)

    මේ ලිස්ට් එකට එක නොකිරීම පිළිබඳව දක්වපු හේතු වලට විරුද්ධයි මොකද එයාලා රුසිරු ඇල්බම් එක රිලීස් කර වෙලේ මුල්ම කොන්සර්ට් එක තිබ්බෙත් ලංකාවෙන් පිටත එකට 10000 + වැඩි ගණනක් ඇවිල්ලා තිබ්බා :)අත්දැකීම් මදි විඉම ඇත්ත වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. අඩේ අද උපන් දිනේ ද .. :)
      සමහරවිට තාම Centigrade ගැන කථාකරන්න හරි කාලේ නෙවෙයි වෙන්න ඇති.අනික උන්ගේ ඇතුලෙත් කචල් නෙ බන් :x

      Delete
  5. අනේ මන්දා බන් ඕවා නම්

    ReplyDelete
    Replies
    1. මේවා ජාතික ප්‍රශ්න නොවැ..

      Delete
  6. ආ... ශිහාන්ටත් බැරි වෙන එකක් නෑ ජාත්‍යන්තරේට යන්න.. කොහෙද ඉතින් ලංකාවෙ කොල්ලොන්ට ශිහාන් භීතිකාවනෙ... :p

    ReplyDelete
    Replies
    1. අපෝ වැඩේමයි..ජාතයන්තරේට යන්න දැන් හොදටම කල් ඇති ( යනවනම් ) :P

      Delete
  7. අනේ බන් ඔය BnS එන්න කලින් ලංකාවේ ජාත්‍යන්තරයට නොගිය Brand Ambassadorsලා හිටියේ නැද්ද?...

    ReplyDelete
    Replies
    1. ඉතින් බන් එකෙක් කියහල්ලකෝ බලන්න..

      Delete
    2. ඇයි බන් Gypsies උස්වත්ත එකට, සබීතා පෙරේරා Lux ekata, පොඩ්ඩක් ඉතිහාසය අරන් බලපන්කො..දැන් ඔය BNS හැම එකටම රිංගව ගන්නේ..යුත් ක්‍රවුඩ් එක අල්ල ගන්න හා පොඩ්ඩක් දැන්වීම ප්‍රසිද්ද කර ගන්නකන් විතරනේ...ඇත්තටම බැලුවොත් අර Yureni Noshikawa, BNS ලට වඩා හොඳ Brands වලට Ambassadors කෙනකේ විදිහට අරන් තියෙනවා...

      Delete
    3. මගේ මිත්‍රයා උස්වත්ත කියන්නේ Gypsies අයගෙම පවුලේ ව්‍යාපාරයක් , ඒකේ ප්‍රෝමෝෂන් වලට එයාල ඉන්න එක හරියට සනත් ජයසුරියගේ Qbaa කැෆේ එකට ජයසුරියම ප්‍රොමෝට් කරනවා වගේ සීන් එකක්.

      යුරේනි නොෂිකා නම් අර ජෝන් ඒබ්‍රහිම් එක්ක ඇඩ් එහෙක හිටිය නේ brand promote කරන්න..හිකිස්‌...........///,,,,

      BnS ලා දාන්නේ යුත් එක අල්ල ගන්න කියන එක ගැන කථාකරොත් - Isn't that the marketing ? :)

      ඊළග දේ මම Brand ambassadors කියලා ඉලක්ක කරගත්තේ තනිකරම භාණ්ඩ promote කරන එකම නෙවයි..ජාත්‍යන්තර අවස්ථාවලදී ලංකාව නියෝජනය කිරීම කියන එක තමා මුලික අදහස උනේ :)

      Delete
    4. "BnS ලා දාන්නේ යුත් එක අල්ල ගන්න කියන එක ගැන කථාකරොත් - Isn't that the marketing ? :)" එක එහෙම නෙවේ පුතා..ඕකෙන් වෙන්නේ BNS ල උන්ගේ කොන්සේර්ට් කර ගන්න සල්ලි හොයා ගන්න එක විතරයි...ඔතන කිසිම මර්කටින්ග් එකක් නෑ,,,

      "ඊළග දේ මම Brand ambassadors කියලා ඉලක්ක කරගත්තේ තනිකරම භාණ්ඩ promote කරන එකම නෙවයි..ජාත්‍යන්තර අවස්ථාවලදී ලංකාව නියෝජනය කිරීම කියන එක තමා මුලික අදහස උනේ :)"

      ඕක Brand ambassadors නෙවේ..ඕක කන්ට්‍රි රිප්රෙසෙන්ට් වීමක් විතරයි...ඕක වෙන්නේ දැනට ලංකාවේ එස්ටබ්ලිෂ් වෙලා ඉන්නේ BNS නිසා ඒගොල්ලොන්ට හැමදේම සෙට් වෙනවා,,,උන් එස්ටබ්ලිෂ් වුනා කියන්නේ උන් කරන්නේ පොඩි පොඩි අලුත් එවුන්ට උන්ගේ Studio එකේ වැඩ කරන්න දීල හොඳ composition එකක් ආවම ඒක සල්ලි දීල ගන්නවා..මුළු කොපිරයිට් එකම...ඊට පස්සේ උන්ගේ නම දාගෙන වැඩ පෙන්නනවා..මම කියන්නේ නෑ එගොලොන්න්ට ටැලන්ට් එකක් නෑ කියලා..ටැලන්ට් එකක් තිබ්බා හැබැයි දැන් නම් නෑ...

      යුරේනි නොෂිකා නම් අර ජෝන් ඒබ්‍රහිම් එක්ක ඇඩ් එහෙක හිටිය නේ brand promote කරන්න..හිකිස්‌...........///,,, නිකමට මාසෙකට සැරයක් විතර හොයල බලපන්කො මලයා ඩියුටි ෆ්‍රී ඒක පැත්තේ මාසේකෙට සැරයක් විතර....එතකොට උඹටම තේරෙයි BNS da Yureni ද කියලා...;)

      Delete
  8. ලංකාබ නියම විදියට නියෝජනය කරන්න නම් ඔය එක්කෙනෙක්වත් වැඩක් නෑ. අදටත් ඉන්න එකම කෙනා රෝහන බැද්දගේ... එහෙත් අද රෝහන බැද්දගේලා නැති වීම කරුමයක්.... දැක්කනේ තමන් දෙයකින් ලෝකයට යාමේ රහස රවි ශංකර් ගෙන්... භාතියලත් අදත් රට නියෝජනයට ගයන්නේ දේශීය සංගීතයට සමීම. නානනේ නා නනේ නා නානා ගීතයයි....

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මාතලන් අයියේ මේ කන්සෙප්ට් එකත් එක්ක යන්නේ තරුණ කට්ටිය නේ..උදාහරණයකට IIFA හරි World Cup හරි රෝහණ බැද්දගේ perform කරයි කියලා හිතන්න බැහැ නේ ( හැබැයි එහෙම කරානම් වෙනසක් වෙන්න තිබ්බා )

      අනිත් දේ අපේ රටේ දේශීය ජන සංගීතය කියලා දෙයක් හරියට කරන්නේ රෝහණ බැද්දගේ( සහ ලයනල් රන්වල ) විතරයි කියන තැන මම ඉන්නවා.අනිත් අය කරන හැමදේකම පටන්ගැන්ම ඉන්දියාව‍යි.

      Delete
    2. බැද්දගේට වඩා රන්වල හොඳයි . අපේ අය හින්දුස්ථාන් මියුස්ක් බදාගේන මැරෙන්න හදනවා , ඉන්දියාවෙ උන් ලෝකෙම තියන සංගීතය එක සින්දුවකට ගේන්න හදනවා

      Delete
  9. හැබැයි කසුන් නම් ඔය වගේ තානාන්තර බාර ගනිද කියලා සැකයක් මට නම් තියෙනවා.. මොකද කසුන් කියන්නේ තම්න්ගේ නිර්මාණය විශිෂ්ඨ විදිහට කරලා නිහඩවම ඉන්න කෙනෙක් නිසා..

    ReplyDelete
  10. වටිනා පෝස්ටුව.කසුන් කල්හාර ගැනත් මගේ මනාපය අංක එකට.

    ReplyDelete
  11. චිලි??? මට හිනා යනවා ඒ නම දැකලා.. ජාත්‍යන්තරය කෙසේවුනත් මෝඩ ජෝක් දැමිල්ල ගැන නම් මිනිහ සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ.

    ReplyDelete
  12. මට චිලියා ගැන නම් දුකයි. නම කියද්දී හිනාවෙන්න හිතෙනවා. ඒත් කොරන්න දෙයක් නැත. මෝඩ ජෝක් දැමිල්ල අතින් පොර සෑහෙන්න ඉදිරියෙන් ඉන්නේ ජාත්‍යන්තරය කොහොමවෙතත්.

    ReplyDelete
  13. අද ගායකයෝ ගාන බැළුවම පඳුරකට පයින් ගැහුවත් දෙතුන් දෙකෙන් විසි වෙන සයිස් !

    ReplyDelete
  14. සුමනා ගෝමස් හරියන්නෙ නැද්ද ඕකට.....

    ReplyDelete
  15. භාතිය හා සන්තුශ්ට පසු කෙනෙක් ගැන නං මටත් හිතාගන්නට නං නොහැක...කසුන් කල්හාර යනු සංගීතයෙන් විස්කම් පානා ඔලුව උඩුම්මාගත් මිනිසෙකි..ඔහුගේ ඇතැම් මත හා මා කිසිත් එකඟ නොවන අතර ඔහු මේ කියනා දෙයකට නං නොඑන බව පැහැදිලිය..කියල තියෙන අයගෙන් ටිකක් හෝ සැලකිය හැක්කේ ඉරාජ්ව පමනි..දැන් දැන් මිනිහාත් යමක් කමක් කිරීමට උත්සහ දරන බවක් පෙනේ..ප්‍රශ්නය වන්නෙ ඔහුට අපට පෙර පරම්පරා වල අයගෙන් පිලිගැනීමක් ලබා ගැනීමට හැකිවෙයිද යන්නයි..මන්දයත් භාතියට හා සන්තුශ්ට තරං අපේ අම්මලා ඉරාජ්ට කැමති නැති බැවිනි..ජය ශ්‍රි ගැන නං කතා කරලා වැඩක් නැත..ඔවුන්ව මේ රටේ මිනිස්සුද හරියට අදුරන්නේ නැත..මට ඉන්පසු සඳහන් කර ඇති අයගෙන් ඩැඩී කන්ඩායම හැර අනෙක් අය ගැන නං විස්වාස නැත..ඩැඩීලා හිතන විදිය වෙනස්ය..යමක් කරන්නට හැකියාවක් ඇති අතර පරම්පරා පරතරයක් නොමැතිව ඔවුන්ට කැමති බව පෙනේ..මොකක් හෝ ප්‍රශ්නයක් නිසා ඔවුන් දැන් මාධ්‍යයෙන් අයින් වී සිටියි..සියලු ප්‍රශ්න අහවර වී නැවත් පැමිනියහොත් කුමක් හෝ සිදුවිය හැක..එම බලාපොරොත්තු කෙසේවෙතත් අවසානයේ කියන්නට ඇත්තේ මේ හිස්තැනට සුදුසු කෙනෙකු නම් වහ වහා සොයාගත යුතු බවයි!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!