Sunday, November 11, 2012

කෝ මේ බ්ලොග් එක ලියපු එකා ?

කාරුණික දැනුම් දීමයි

අද සිට , ඔව් අද දින සිට මේ බ්ලොග් එක ලියමින් සිටි බුවා යළිත් වරක් බ්ලොග් අවකාශයේ කරක් ගැසීමට හැකි වන පරිදි සියලු චිත්තයෝගයන් ඒකාග්‍ර කොට , තව තවත් විකාරරූපි සිදුවීම සිද්ද කරමින්, ලිවීමට අවශ්‍ය දේවල් සිදු කිරීමට අවශය බලය බ්ලොග් අවකාශයට අධිපති දෙවියන් ලෙස මම මෙලස ලබා දෙමි.

තවද මින්පසුව මෙම බ්ලොයට පාළුවට යාමට ඉඩ නොදෙන බවට ගැත්තා විසින් ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන් ඉටු කරන ආකාරය ගුගල් සර්වර් හි සිට මම නිරීක්ෂණය කරමින් සිටින බවද දන්වා සිටීමට කැමැත්තෙමි. දුන් පොරොන්දු ඉටු නොවුනහොත් සුදු පැහැති රේසින් වාහන එවීමට පසුබට නොවන බවද දැන්වීමට කැමත්තෙමි.

වැඩ බලන අමාත්‍ය (බ්ලොග් භාර දෙවියන් වෙනුවට)
- මිනිස්ට්‍රි ඔෆ් බ්ලොග් ඇන්ඩ් රිලේටඩ් අෆෙයාර්ස්
- ආශ්චර්යලන්ඩ්

ප.ලි : විවිධාකාරයේ වැඩ කටයුතු / බාල්දී / ජරමර සිදු වූ බැවින් පසුගිය කාලයේ බ්ලොග් ලිවීමට / කියවීමට නොහැකි වීම ගැන සමාව වනු මැනවි.

ඔබාමා අයියා දෙවැනි පාරට දිනපු එකේ , කලින් පාර ඔබාමා අයියා දිනපු එකට දාපු පොස්ට් එක මෙතන ක්ලික් කරලා බලන්න.



Saturday, July 21, 2012

බිල ගෙව්වනම් සලකා බැලිය හැක !!

මේක උනේ ඒ/ලෙවල් කරපු අන්තිම කාලේදී වගේ.කතාවේ ප්‍රධාන චරිතවලින් එකෙකේ මගේ යාලුවෙක් , අනිත් කෙනා කෙල්ලෙක්. ටෙලිවිෂන් ප්‍රසන්ටර් කෙනෙක්.ඒ කාලේ ( 2007 අන්තිම වගේ ) හවසට තිබ්බ ටි.වී ප්‍රෝග්‍රෑම් එකක් කරා.

මගේ යාලුව ඔය කෙල්ලව මුලින්ම දැකලා තියෙන්නෙත් ඔය හවස ටී.වී ෂෝ එකක් කර කර ඉන්නකොට..මගේ යාලුවත් දැකපු මුල් දවසේ ඉදන්ම ෆුල් ලව් කෙල්ලට. කොහොමහරි දවස් ගානක් චාටර් වෙලා මේකා , ඔය කෙල්ලගේ ෆේස් බුක් එකවුන්ට් එක හොයාගෙන රික්වෙස්ට් එකක් දැම්මා.කෙල්ලත් දවසකට දෙහෙකට පස්සේ මුගේ රික්වෙස්ට් ඇක්සෙප්ට් කරලා තිබ්බා.

පස්සේ දවසක කෙල්ල ඔන්ලයින් ඉන්න වෙලාවක් බලලා , පලවෙනි වතාවට මගේ යාලුවා චැට් කරන්න පටන් ගත්තා.ටික වෙලාවක් ගිහින් කෙල්ලගෙනුත් රිප්ලයි එන්න ගත්තා.දැන් ඉතින් මුට රජ මගුල්.කොහොම හරි මේ කාලෙම අලුත් මොබයිල් ෆෝන් එහෙකුත් මගේ යාලුවා අර ගත්තා.අරගෙන ෆේස්බුක් මොබයිල් ඇක්ටීවේට් කරගත්තා.දැන් ඉතින් කෙල්ලයි , මේකයි හෙන ෆිට් වෙලා.හැම තිස්සෙම ෆේස් බුක් මැසේජින්ම තමා.

දැන් ඔහොම සති දෙක තුනක් ගියා, දැන් ඉතින් ඊළග පියවරට යන්න ඕනේ නේ.ඒ කියන්න කැමතිද - නැද්ද කියල අහන පියවරට.දැන් ඒක අහන්න විදියක් ප්ලෑන් කරගෙන ඉන්න කොට , කෙල්ලගෙන් මුගේ ෆේස්බුක් එකට  මැසේජ් එකක් එනවා.

කෙල්ල - Hi **** , ඔයා ෆ්‍රී ද ?
යාලුවා - ඔව් ඔව් කියන්නකෝ !!
කෙල්ල - අනේ බලන්න මගේ මොබයිල් එක කපල නේ. :(
යාලුවා - ආ..එහෙමද
කෙල්ල - ඔව් අනේ..මට යාළුවෙක්ටවත් ටෙක්ස්ට් කරන්න බැහැ නේ.. අනේ ***** ඔයාට පුලුවන්ද පොඩි උදව්වක් කරන්න.
යාලුවා - මොකක්ද බලන්න කියන්නකෝ 
කෙල්ල - ඔයාට පුලුවන්ද මගේ බිල් එක සෙට්ල් කරන්න 
යාලුවා - කියක් විතරද ?
කෙල්ල - 3200 වගේ තියෙන්නේ අනේ
යාලුවා - ආ !!! #$#$#$#$#
කෙල්ල - අනික මට ඉම්පෝටන්ට් කෝල් එකක් ගන්නත් තියෙනවා අද ?
යාලුවා - ඒකත් එහෙමද...හ්ම්ම්.. කාටද ?
කෙල්ල - මගේ කලින් බෝයි ෆ්‍රෙන්ඩ් ට ?
යාලුවා - ආ ඔයාට කලින් බෝයි කෙනෙකුත් හිටියද ?
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .

කොහොමහරි අන්තිමේදී මගේ යාලුවා මොබයිල් බිල් එක නම් ගෙව්වේ නැහැ.ඔය කතා-බහ ගිහිල්ලා , සති දෙක තුනකට පස්සේ කෙල්ල මුත් එක්ක තියෙන කනෙක්ෂන් ටි‍ක ටික අයින් කරා.මේ වෙනකොට නම් කිසිම කනේක්ෂන් එකක් නැති තරම්.කෙල්ල නම් ළගදී බැන්දා කියලත් ආරංචියි.

ප.ලි - දැන් කෙල්ල කවුද කියල හොයන්න නම් එපෝ.දෙන්න පුළුවන් එකම ඉගිය කෙල්ල මේ වෙනකොටත් උදේට උදේට ටි.වී චැනල් එහෙක පත්තර කියවනවා කියන එක විතරයි ;)

Saturday, July 14, 2012

ඒ කාලේ තෝසේ කාපු ක්‍රම !!

සාමාන්‍යයෙන් අපේ රටේ ලාභෙට කෑම කන්න ඕන නම් යන්න ඕන තැන තමයි තෝසේ කඩ කියන්නේ.ඔය තෝසේ කඩවලට ගියාම කොයි කවුරුත් තෝසේ කාලා , ප්ලේන් ටී එකක් නේ බොන්නේ. සමහර 'පොෂ්' තෝසේ කඩවල නම් ඉතින් ෆලුඩා එහෙමත් තියෙනවා මම දැකලා තියෙනවා. හරි දැන් සීන් එක මේකයි , මම ඒ/ලෙවල් පන්ති ගියේ බම්බලපිටියේ තැනකට. බමබා වල තියෙනවනේ අම්රිතා කියලා ටිකක් ප්‍රසිද්ද තෝසේ කඩයක් , අපෙ සෙට් එක ඇතුළු ඔය ක්ලාස් ආපු හැමෝම ඒ දවස්වල කෑවේ බිව්වේ ඔතනින් තමයි. ක්ලාස් එහෙක සෙට් එකක් තෝසේ කඩේට එනකොටම මුදලාලි ගේ මුණ ඇඹුල් වෙනවා , මොකෝ ඉතින් ආවා කියන්නේ කඩේට රුපියල් 200-300 පාඩුයි නේ. ඔය දවස්වල කට්ටිය සෙට් වෙලා කන්න ගිහිල්ලා කඩේට අලාභ කරපු විදි තමයි මේ.

1 ක්‍රමය
ගොඩක් වෙලාවට කන්න යන්නේ හය -හත් දෙනෙක්ගේ සෙට් එකක් නේ.කාලා ඉවර වෙලා බිල එන්න කලින් සෙට් එකේ එකා දෙන්න හිමිට මාරු වෙලා යනවා.එතකොට ඉතින් අන්තිමට ඉන්න දෙතුන් දෙනාට තමයි බිල ගෙවන්න සෙට් වෙන්නේ. හැබැයි පස්සේ ක්ලාස් එකේදී සෙට් උනාම සල්ලි දෙනවා.ඒ වෙනකොට ඉතින් පරම්පරා ගානක නෑයෝ අර බිල ගෙවපු එවුන් මතක් කරලා ඉවරයි.

2 ක්‍රමය
ඔය කඩේ ඉන්නේ සීමිත වැඩ කරන ප්‍රමාණයක්.ඉස්කොලේ ඇරුනම / කට්ටිය වැඩි වෙලාවට , එන අයව පාලනය කරගන්න හරිම අමාරුයි.තමන්ගේ බිල එහෙම ළගට ගෙනල්ලා හම්බුවෙන්න නැති තරම්.ඉතින් ඔය වගේ වෙලාවට ( ඔය වගේ වෙලාවල් බලලම තමයි අපි කන්න යන්නේ ) , මුදලාලි ළගට ගිහින් තමන් කාපු-බීපු දේවල් කියලා තමයි සල්ලි ගෙවලා යන්නේ. ආයේ ඉතින් කියන්න ඕනේ නෑනේ , කවදාවත්ම හරියට කාපු දේවල් නම් කියලා නෑ. ;)

3 ක්‍රමය
මෙන්න සාර්ථකම ක්‍රමය.සෙට් එකේ අය ගිහින් කෑම ඕඩර් කරනකොට , තෝසේ කඩේ තියෙන කන්න පුළුවන් හැම ජාතියෙන්ම ගේන්න කියනවා.තොසේ/වඩේ/කොත්තු/පරාටා/රොටි/තේ/බිම/... .සාමාන්‍යයෙන් බිල ගේනකොට  එක එක්කෙනාට වෙන වෙනම ගේන්න කියන්නේ නැහැනේ , ඔක්කොමලටම එකට තමයි ගේන්න කියන්නේ. බිල හදනකොට වේටර් මල්ලිට තමයි තරු පේන්නේ.මොකෝ හැම ජාතියේන්ම එක එක ඒවා ටේබල් එකේ , සමහර ඒවා කාලා නැහැ. ආයේ මොනාද , 10 පාරක් මේ ක්‍රමය පාවිච්චි කලොත් 7-8 පාරක් වත් ගේන්නේ වැරදි බිලක්‌ තමා.

4 ක්‍රමය
හරිම සරලම සහ භයානකම ක්‍රමය. ආයේ කෑවනම් බිව්වනම් මොකටද කාපු-බීපු තැන්වල ඉන්නේ කියලා කියමනක් තියෙනවනේ. කාලා ඉවර උන හැටියේම ටාර් ගාලා මාරු වෙන්න තියෙන්නේ.හැබැයි ඉතින් අහු උනොත් චාටර්.ආයේ ඒ පැත්ත පළාතේ ඇවිත් ඉවරයි.


 මේ ක්‍රම සියල්ලම වගේ , ඒ කාලේ අත්හදා බලලා තියෙන්නේ , ඒ හින්දා සාර්ථකවත්වය ගැන කිසිම සැකයක් තියා ගන්න එපා. හැබැයි මේවා පාවිච්චි කරලා චාටර් උනොත් ඔන්න මම නම් නෑ.

Sunday, June 3, 2012

කාලෙකට පස්සේ සිකුරා ආයෙත් ඇවිත් !!

මාසයක් විතර ආතක් පාතක් නැතිව ඉදලා ඔන්න ආයෙත් බ්ලොග් එක පැත්තට ආවා.ඒ ඇවිල්ලත් ලියන පළවෙනි පොස්ට් එක සිකුරා ගැන.දැන් කට්ටිය බලයි මේකා අතුරුදහන් වෙලා හිටියේ සිකුරා ලැබිලවත් හින්දද කියලා.(අ)වාසනාවට වගේ එහෙම දෙයක් නම් උනේ නෑ.අවුරුදු ගානකට පස්සේ , හරියටම කියනවනම් 2004 අන්තිමට සිකුරු සංක්‍රාන්තියක් උනාට පස්සේ සිකුරු සංක්‍රාන්තිය වෙන්නේ ජුනි 6 වෙනිදා.ඒ ගැන කියන එක තමයි අද නිමිත්ත.

මේ සිකුරු සංක්‍රාන්තියේදි අපිට පේන්නේ හරියට සුර්යයා උඩින් සිකුරු ග්‍රහය ගමන් කරනවා වගේ.ඒ උනාට ඇත්තටම වෙන්නේ සූර්යයා,සිකුරු සහ පෘතුවිය එක රේඛාවක එක එල්ලේ පිහිටන එකයි.මේ වගේ පිහිටීමක් එන එක හරි විරල සිදුවීමක්.

මීට කලින් ඒ කියන්නේ 2004 තිබ්බ සිකුරු සංක්‍රාන්තිය අපේ රටට හොදට බලා ගන්න පුළුවන් උනාට මෙදා පාර නම් සම්පුර්ණයෙන්ම බලන්න වෙන්නේ නැහැ.අපේ රටට පැය 4 වගේ කාලෙකට තමයි සිකුරා මාරු වෙන එක බලාගන්න වෙන්නේ.අපේ රටේ වේලාවෙන් උදේ 5.55 පස්සේ ( ඉර උදා උනාට පස්සේ ) තමයි මේ සිකුරු සංක්‍රාන්තිය බලන්න වෙන්නේ.

සිකුරු සංක්‍රාන්තිය පියවි ඇසින් බලන එක සුදුසු නැහැ, ඒ නිසා සුර්ය පේරෙන පාවිච්ච් කරන එක තමයි සුදුසුම වැඩේ.නැත්තම් සුර්යාගේ ජායාව සුදු බිත්තියකට වැටෙන්න දීලා ඒකෙන් බලාගන්නත් පුළුවන්.ඔය ක්‍රම දෙකම අප්සට් වගේ නම් යකඩ පාස්සන අය පාවිච්ච් කරන ආරක්‍ෂිත දෑස් ආවරණයකින් උනත් මේ වැඩේට හොදයි.

අවුරුදු ගානකට පස්සේ මාරු වෙන මේ සිකුරත් එක්ක බ්ලොග් ලියන / කියවන හැමෝටමත් සිකුරා ලබන්න වාසනාව ලැබේවා !!!!

සංක්‍රාන්තිය බලන්න පුළුවන් රටවල් ගැන විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

සිකුරු සංක්‍රාන්තිය ගැන වැඩි විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්.


Thursday, April 26, 2012

අවුරුදු උළෙල - ආෆ්ටර් ඉෆෙක්ට්ස් !!!

දිනය - 2012.04.22
වේලාව - උදෑසන 9.30 පමණ
ස්ථානය - නිවස
අවස්ථාව - බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයට යන්න ඇද පැළදගෙන ඒ බව අම්මට කියන්න යාම

මම : අම්මේ මම අවුරුදු උත්සවේට යන්න කියලා
අම්මා : මොන අවුරුදු උත්සවේද ?

හෑ..අම්මට මතක නෑ වගේ , මම සති ගානකට කලින් කිව්වනේ මෙහෙම එහෙකට යනවා කියලා..

මම : ඇයි අම්මේ අර මම කිව්වේ , බ්ලොග් ලියන කට්ටියගේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා..
අම්මා : මොනවා ? බ්ලොග් ??

එනපොට හොද නැත.මා දන්නා විදියට අම්මා දන්නේ නිවාස සෑදීමට ගන්න බ්ලොග් ගල් ගැන පමණි.බ්ලොග් අඩවි , අන්තර්ජාලය සම්බන්ධව අම්මාගේ දැනීම අවම මට්ටමක පවතියි.

මම : ඔව් අම්මේ , බ්ලොග්ස් !! අර ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ..
අම්මා : ඕකේ ඉතින් මොනාද නැත්තේ..ඉතින් ඒකේ මොකක්ද ?
මම : ඒකේ තියෙනවා පොත් වගේ ලියන්න පුළුවන් එකක්
අම්මා : මොකක් ? ඒ කියන්නේ දැන් ඉන්ටර්නෙට් එකෙත් ලියන්න ගත්තද ?
මම : ඉන්ටර්නෙට් එකේ නෙවෙයි , ඒකේ තියෙන බ්ලොග් එහෙක පොඩියට ලියන්න ගත්තා :)
අම්මා : ආ ඒක තමයි , කොයි වෙලාවේ බැලුවත් ඕකෙම නේ එල්ලිලා ඉන්නේ , උදේ ඉදන් රෑ වෙනකන්ම ඉතින් කම්පියුටර් එක තමා..වැඩට ගිහින් ආපු වෙලාවේ ඉදන් ඕකේ , සෙනසුරාදා / ඉරිදත් ඔකේ.මම ඒත් බැලුවා ඔච්චරම ඔකේ එල්ලිලා ඉන්නේ මොකද කියලා..පුළුවන් ඔය එක එක ඒවා ලියලා මොනවහරි කරගන්නවකො .....@*$(#$^&!~$$^$!!$^&))(*%$^@!

කවර කලක කරන ලද අකුසල කර්මයක්ද මේ පල දීමට යන්නේ.මෙතුවක් කල් හැංගි හොර පවත්වාගෙන ආ මගේ කුඩා බ්ලොග් කටුව ගෙදරටද මාට්ටු විය.පුරා වසර විසි හතරක් නොකඩවා ලැබුණු බත් කාඩ් පතෙහි අවසානයද මේ උදා වන්නේ.බ්ලොගයේ තිබෙන දේවල් අම්මා දුටුවහොත් බත් කාඩ් පතෙහි පමණක් නොව ගෙදර සිටීමේ කාඩ් පතෙහිද අවසානය ළගා වනවා සිකුරුය.අහෝ !! අවුරුදු උළෙලක් නිසා මට සිදුවූ විපතක මහත !!

Sunday, April 15, 2012

අවුරුදු (කු)මාරයා !!!

අවුරුදු (කු)මාරයා පිළිගන්න වෙනදා වගේම හැමෝම ලක ලෑස්ති වෙලා හිටියේ. හරියට මෙච්චර කාලයක් ඇදුම් ඇදගෙන හිටියේ නෑ වගේ රෙදි සාප්පු වල සෙනග පිරිලා.හැමෝගෙම අතමිට සරු හින්දද මන්දා පාරේ තොටේ උනත් සෑහෙන්න මිනිස්සු හිටියා.

මේ පාර අවුරුද්ද ලබන්න කලින් දවසේ ලංකාව , ඉන්දියාව වගේ රටවල් හොද අඩව්වක් අල්ලන්න ගිහින් යම්තම් නතර උනා නේ.අපි හැමෝගේම වාසනාවකට මේ පාර සුනාමියෙන් කරදරයක් උනේ නැහැ.සුනාමිය ආවේ නැති උනාට ,සුනාමියක් ආවොත් අපේ රටේ සුදානම ගැන නම් ලොකු ප්‍රශ්නයක් ( වෙනදා වගේම ) මේ පාරත් ඇති උනා. රටේ විද්‍යුත් මාධ්‍ය ආයතන ටික සහ විශේෂයෙන්ම ලංකාවේ සමාජ ජාල (ටිව්ටර් , ෆේස්බුක් ) නැති උනා නම් සුනාමි අනතරු ඇගවීම් දැනගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. සුපුරුදු පරිදිම ලංකාවේ සියලුම ජංගම දුරකථන ජාල සුනාම් අනතුරු ඇගවීම් වෙලාවේ බිද වැටිලා තිබ්බේ.

සුනාමි කතන්දරෙන් පස්සේ ඉතින් කිසි දෙයක් උනේ නෑ වගේ අපේ කස්ටිය අවුරුද්ද සමරන්න ආයේ සෙට් උනා.මට නම් අවුරුද්ද ලබන්නත් කලින්ම උදේ පාන්දරම අපේ ජනාධිපතිතුමා සුභ පතලා තිබ්බා.මෙච්චර කාලෙකට එතුමා ඇරෙන්න වෙන මොන රාජ්‍ය නායකයද අවුරුද්දකට අපිට කියලා සුභ පතලා තියෙන්නේ.ඔය එක එකා කඩප්පුලි කථා කිව්වට මොකද , අච්චර ඇමති මණ්ඩලයක් ඉන්නවා / අගමැති කෙනෙක් ඉන්නවා මොකෝ අපිට ආසාවටවත් සුභ පතනවද , නැහැ නේ.

එතුමා උනත් මේ පාර සුභ පතලා තියෙන්නේ ටිකක් හිතලා මතලද මන්දා.මොකද සමහරුන්ට මැසේජ් ඇවිත් , සමහරුන්ට ඇවිත් නැහැ.රෙදි නැතිව කඩේ යන ගොඩක් එවුන්ව හලලා තමයි මෙදා පාර මැසේජ් එවලා තියෙන්නේ.මොකද ඉතින් ඒ සෙට් එක මැසේජ් එක එව්වා හෝ නැතා කියලා බලන්නේ නෑ , කඩේ යන එක යනවමනේ. බ්ලොග් ලෝකයේ ඉන්න ජනප්‍රිය බ්ලොග් ලියන ගෑනු ළමයෙක්ටත් මෙදා පාර ජනාධිපතිතුමාගෙන් මැසේජ් එක ආවේ නෑ කියලා හොටු පෙර පෙර අඩ අඩ හිටියා. ඔන්න බලන්නකෝ ඉතින් ඒකෙත් හැටි !!

මෙදා පාර ඔක්කොමත් හරි ආහාර අනුභවය සහ ගනු-(නො)දෙනු තිබ්බ වෙලාව තමයි අවුල.අවුරුදු දවස , ඒ කියන්නේ 13 වෙනිදා වැටිලා තිබ්බේ සිකුරාදා දවසක නේ.ෆිල්ම් බලන කට්ටිය ඉන්නවා නම් මීටර් ඇති නේ Friday the 13th කියලා හොල්මන් ෆිල්ම් එකක් තිබ්බා.කවුද දන්නේ ඉතින් ඔය නැකත් හදන බුවා , හොර(ර්) ෆිල්ම් බලන බුවෙක්ද කියලා. මුළු රටම ඇහැරවලා තියන්න ඕන හින්දා බුවා කන බොන නැකත රෑට දාන්න ඇති.හැබැයි සන්තෝෂයෙන් කියන්න අපි හැමෝම ජාතියක් වශයෙන් අවුරුදු දවසේ බඩගින්නේ හිටියා කියන එක.

අවුරුදු කතන්දර ටික නම් ඔච්චරයි.ලැබුවාවූ අවුරුද්ද කරදර අඩු වෙන ,ටැක්ස් අඩු වෙන, රුපියල් 2500 ජිවත් වෙන්න පුලුවන්න අවුරුද්දක් වෙන්න කියලා හැම දෙනාටම ප්‍රර්ථනා කරනවා.

ප.ලී - මේ මාසේදී ලියවෙන දෙවනි පොස්ට් එක.ඉස්සර වගේ නැති උනත් දැන්නම මොනවහරි බ්ලොග් එකේ කුරුටු ගාන සිග්‍රතාවය හොදටම අඩුවෙලා.බ්ලොග් ලියන කියන අපි හැමෝගෙම සිහින අවුරුදු උළෙල ලබන 22 වෙනිදා තියෙනවා.බකට් එකට් බාල්දියක් පෙරලෙන්නේ නැතිව තිබුනොත් අනිවාර්යයෙන්ම මාත් ඒ පැත්තේ එනවා.උළෙල ගැන සියලුම විස්තර බලාගන්න මෙතනින්.