Tuesday, July 5, 2011

සිහිනය සිහිනයක්ම විය

මේක ඉක්මනටම දාන බොහොම පොඩ් පොස්ට් එකක්.අද උන දෙයක් හින්දා මගේ හිතේ ගොඩක් කල් ඉදලා තිබුණ හීනයක් බිද වැටෙනවා.ගොඩක් කල් ඉදලා සැලසුම් කරලා ඒ හිතපු දේ ඒ විදියට උනේ නැති උනාම කොච්චර දුකක් දැනෙනවද....

ඊටත් වඩා දුක හිතෙන දේ තමයි ඒ හීනේ බිදවැටෙන්න හේතුව උනේ වෙන කොහෙවත් ඉන්න කෙනෙක් සම්බන්ධ උනාමයි.හ්ම්ම්ම්..

කෙටියෙන් සරලව කියනවනම් ඉතින් ගිය පාර කරපු ප්‍රෝජෙක්ට් එකක ප්‍රතිපල අද ආවා.හීනෙන් වත් හිතපු නැති එකක් උනේ.අන්තිම අවුරුද්දේ එක සබ්ජෙක්ට් එකකට හරි Grade එක අඩු වෙනවා කියන්නේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.මුළු අවුරුදු 3 ම කරපුවා ඉවරයි.

මගේ පුද්ගලික අදහස නම් viva එක හොදට evaluate කරේ නැහැ කියන එකයි.කොටින්ම ඉතින් evaluate කරන කෙනා ලියපු code නොබලනවනම් මොනවා කරන්නද.කොහොමින් හරි ඉතින් එකේ පාඩුවක් උනේ අපිටම තමා ...

මට උන දේ උන අය නම් ගොඩක් ඇති, හැම ආයතනයකම ඔය දේ අඩු වැඩියෙන් තියෙනවා ඇති.අනේ මන්ද ඉතින්...ඔය වෙන වෙන පරිබාහිර කාරණාවලට ලකුණු දෙන එක නම් කොහොමත් අනුමත කරන්න බැහැ.කෙල්ලෝ වැඩියෙන් ඉන්න ගෘප් වලට එහෙමත් නැත්නම් දැන ඇදුනුම්කම් වලට වගේ..

එක අතකට ඉතින් උන දේ උනා.තවත් ජීවිතයට අත්දැකීමක් එකතු උනා. ! ! ! ! !
දුකක් නැහැ කියන්න බැහැ..හීන කියන දේවල් බිදවැටෙන කොට දුක වැඩියි......

     Thanks For Ruining My Hopes and Dreams !!! 

11 comments:

  1. හීන බිද වෙටෙන කොට ඇත්තරම දුකයි.. ඒත් ඉතින් මොනවා කරන්නද.. දුක් වෙන්න එපා...

    ReplyDelete
  2. ජීවිතයේ බලාපොරොත්තු ඇස්පනාපිටම කඩා වැටෙනකොට ගොඩක්ම දුක හිතෙනවා. මටත් ඔහොම මගේ උපාධියේ ක්ලාස් ටික මිස් උනා. ඒකට දුකයි.

    මොනා කරන්නද මල්ලි. එවුන්ටම ගිය රට නේ

    ReplyDelete
  3. අපි කලින් ඉදන්ම දනන් හිටියනේ බන් මෙහෙම එකක් වෙන්න ඉඩ තියෙනවා කියල .දුක තමා එත් ,අතරල දාමු ඔන්න ඔහේ

    ReplyDelete
  4. ඇත්තටම දුකහිතෙනවා. මොකද උපාදියක් කරන කෙනෙකුට Grade එක අඩු වෙනවා කියන්නේ ලොකු ගැස්මක්. නමුත් ඉතින් දැන් මොනව කරන්නද ?? උපේක්ශාවෙන් බලන් ඉන්ට :|

    ReplyDelete
  5. අපි නොහිතන දේවල් තමයි ගොඩක් අපේ ජීව්ත වලට වෙන්නෙ.එහෙම නැත්තම් ඒක ජීවිතයක් නෙමේ.ඔයවාගේ දේවල් නම් එමටයි.අපි දන්න අය සම්බන්දවත් ඔයවගේ අද්දැකීම් තියනව.ටැලන්ට් එක තියනව නම් ඔයාගේ ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න පුලුවන්.
    දුක් නොවී ඉන්න මල්ලි.

    ReplyDelete
  6. සැලෙන්න එපා .

    ReplyDelete
  7. අපි නොහිතන දේවල් ගොඩක් අපේ ජීව්ත වලට වෙනවා දුක්‌ වෙන්න ඔනෙනැ...

    ReplyDelete
  8. @ Dinesh - හ්ම්ම්...ඒ උනාට තාම අප්සෙට් :(

    @ මධුරංග අයියා - හප්පා..අයියටත් මට වෙන්න යන සන්තෑසියම තමයි එහෙනම් වෙලා තියෙන්නේ...මොන කරන්නද ඉතින්....

    @ මලියා - හ්ම්ම් හ්ම්ම්ම්..

    ReplyDelete
  9. @ නදී අක්කා - ඒ කතාව නම් ඇත්ත අක්කේ..නොහිතන දේවල්ම තමයි වෙන්නේ..පුළුවන් තරම් උත්සාහ කරනවා දුක් නොවී ඉන්න.. :)

    @ ප්‍රභාත් - දැන් ඉතීන් ඔය කිව්වා වගේ වෙන දෙයක් බලාන ඉන්න තමා තියෙන්නේ..මේ තියෙන දේවල් හොදට කරගෙන :)

    @ නදීර - ස්තුතියි මචං.. :)

    @ Anno - හ්ම්ම්..ඒකත් ඇත්ත තමා.. ( මේ ඔයා කවුරු උනත් කමක් නැහැ..ස්තුතියේ මේ පැත්තේ ආවට )

    ReplyDelete
  10. සහතික ඇත්ත සහෝදරයා.. viva එක හරියට බලල නැ කියල තේරෙනවා.. එත් දැන් ,මොනා කරන්නද.. හිත හදාගමු..

    ReplyDelete
  11. Hey my mate, I'm so impressed to see your own blog.. Great work matchan.... And I suddenly noticed this post regarding your dreams.. I just wanna tell you, don't worry brother, be confident with your talents. A day will come, that your hard effort will be evaluated in a fair manner.. Good luck brother! Anjana

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!