Sunday, August 7, 2011

ඔබාමා ජන්දේ දින්න හැටි

මේක ටිකක් විතර පරණ කතාවක්, අපේ එකෙක් මේ ළගදී මතක් කල නිසා තමයි ආයි මතක් උනේ.හැමෝම දන්නවනේ පහුගිය ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කලේ බරක්‌ ඔබාමා කියලා. ඒ වගේම මතක ඇතිනේ හිලරි ක්ලින්ටන් සහ ඔබාමා අතර තිබණු දැවැන්ත සටන.ඉතාමත් තියුණු තරගයක් නේ දෙන්නා අතරේම තිබ්බේ.ඔය ටික හැමෝම දන්නවා උනාට කවුරුත් දන්නේ නැති දේ තමයි ඔය ජන්දෙදි ලංකාවෙන් ගිය සෙට් එකක් තමයි  හිලරිගේ මැතිවරණ ප්‍රචාරණ වැඩ එහෙම බාරගෙන කරලා තියෙන්නේ. ඒකනේ මුල් කාලයේදී හිලරි පුදුම විදියට ප්‍රාන්ත එකින් එක  දිනාගෙන ආවේ.

ඉතින් හිලරි මේ විදියට දිනන කොට අනිත් පැත්තේ අය ඒ කියෙන්නේ ඔබාමාගේ කැම්පේන් එක කරපු අය බලනවලු මේ වැඩේ හරියන්නේ නැහැ , අපිත් කරන්න ඕන හොද ඇඩ්වර්ටයිසින් පාරක් කියලා ගැහුවා හොද පෝස්ටර් සෙට් එකක්. අර ජනප්‍රිය " වෙනසක් ඇතිකරමු- Change" පෝස්ටර් සෙට් එක ,තමා ඔහොම ප්ලෑන් කරලා ගැහුවේ.

ඇමෙරිකාවේ මිනිස්සුත් ඉතින් ඔය කියන තරම් මොලේ තියෙන උන් නෙවෙයි නේ ( නැත්නම් ඔය අහක ඉන්න රටවල් එක්ක යුද්ධ කරන්නේ නැහැ නේ ). එහෙ මිනිස්සුත් ඉතින් ඔය මලඉලව් "වෙනසක්" අපිට ඕනේ නැහැ කියලා හිටියා. මේ ඔබාමාගේ අළුත් පෝස්ටර් කැම්පෙන් එකට හිලරිලගේ සෙට් එකත් , ඒ කියන්නේ.අපේ අයත් ගැහුවා ප්‍රති-පෝස්ටරයක්,  හිලරි ලස්සනට හිනා වෙලා එහෙම ඉන්න පින්තුරයක් දාලා ඒ පෝස්ටරේ මෙන්න මෙහෙම එකක් තමා ලියලා තිබ්බේ , "බරක්‌ ඔබා-මා දිනවමු".

පෝස්ටරේ ප්‍රින්ට් කරන්න ගිහින් හිටියේ ලංකාවේ බුවෙක් ,  මිනිහට පොඩි මිස්ටේක් එකක් වෙලා පෝස්ටරේ පොඩ්ඩක් වැරදියට ප්‍රින්ට් වෙලා තියෙන්නේ. ප්‍රින්ට් වෙලා තියෙන්නේ "බරක්‌ ඔබාමා - දිනවමු" කියලා.ජන්දේ කිට්ටුව තමන් සපෝට් කරන තමන්ගේ අපේක්ෂකයා හිනා වෙලා තමන්ගේ විරුද්දවාදීයට ජන්දේ දෙන්න කිව්වාම ඉතින් මොන ජන්දදායකයද අහන්නේ නැතුව ඉන්නේ.ඔන්න ඔහොම තමයි මුල ඉදන් දිනාගෙන ආපු හිලරි ජන්දෙන් පැරදිලා ඔබාමා ජනාධිපති පුටුවට ආවේ.

ප.ලි - නැතුව ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට වෙනසක් ඕන වෙලා එහෙම නෙවයි.

ප.ප.ලි - දැන් ඉතින් ඇමරිකන්කාරයොන්ට සිංහල තේරෙන්නේ කොහොමද කියලා අහන්න එපා.

22 comments:

  1. හැබෑටම මටත් ඔය අහන්න එපා කියපු ප්‍රශ්නෙම හිතට ආවා.. එළ එළ නියම කතාව

    ReplyDelete
  2. උදේ පාන්දර අහන්න හිතපු ප්‍රශ්නේ අහන්න එපාලුනේ . . . :P එල එල . . .

    ReplyDelete
  3. බලන්නකෝ ඉතින් සිංහල ඉන්ටනැසොනල් වෙලා මෙයා... ප්‍රශංසනීයයි..උත්කෘෂ්ඨයි..නේ...
    හික්ස්..මරු කතාව...

    ReplyDelete
  4. හොද වෙලාවට දෙවෙනි පලිය දැම්මේ.නැත්නම් ඔය ප්‍රශ්නේ මම් අහන්න හිටියේ. මොනා උනත් එලම වැඩේ වෙලා තියෙන්නේ. බැරැක් ඔබා-මා දිනවමු !!!!! හික්ස් :)

    ReplyDelete
  5. ඇමරිකාවේ විමල් වීරවංස හිලරිගේ පැත්තේ හිටියනම් : මමනම් කියන්නේ ඕක විදේශීය කුමන්ත්‍රණකරුවන්ගේ වැඩක්. මේ විදේශීය බලවේගවල හස්තයන් අපේ මේ මවුබිමේ ස්වාදිනත්වයට බලපෑම් කරන්න මාන බලනවා. මේ ඒ දේශද්‍රෝහීන්ගේ ක්‍රියාමාර්ග සාර්ථක උන අවස්තාවක්. අපේ විපක්ෂයේ ඉන්න බහුතරයක් දේශද්‍රෝහීන් මොවුන්ට උල්පන්දම් දෙනවා. මම හෙට ඉදන් නැවතත් ඔය පෝස්ටර් ටික නියමාකාරයෙන් ගහනකල් සහ නැවතත් අපේ මහා රැජින හිලරි මැතිණිය පුල පුටුවට පත් කරනකල් මාරාන්තික උපවාසයක් කරනවා. (ලේකම් දෙසට හැරී රහසෙන්. හිල්ටන් එකෙන් කාම ඕඩර් කරනවා. මීඩියා ඔක්කටම කියනවා. දවස් දෙකෙන් හිලරි වතුර වීදුරුවක් දෙන්න ඕනේ. මාව රජයේ රෝහලකට දාන්න ඕන. හරිම අමාරුයි කියල පබ්ලිෂ් කරන්න ඕනේ. ඔය ඔක්කොටම වඩා "ඔබාම" ගේ ලේකම් එක්ක රහසේ සාකච්චා කරනවා එපැත්තට පනින්න පුලුවන්ද කියල)

    ReplyDelete
  6. හිලරි කොහොමත් ඇත්තටම ඔබාමට සහය දුන්නනේ පස්සේ ...ඒ මේ සීන් එකෙන් පස්සේ වෙන්න ඇති නේ

    ReplyDelete
  7. හික් හික්!! මරු කතාව

    ReplyDelete
  8. නෑ..නෑ..සිංහලෙන් පෝස්ටර් ගහන හිලරි ශ්‍රීලාංකිකයෙක් කියල රැවටිලයි ඇමරිකන් කාරයො ඔබාමව දිනව ගත්තෙ ඔබාමා කළු උනත් ඇමරිකන් නේ...

    ReplyDelete
  9. ඔන්න ඔය කේස් එකෙන් පස්සේ තමා හිලරි තාමත් අපිත් එක්ක තරහා...

    ReplyDelete
  10. ලාංකීය කුමන්ත්‍රණ..

    ReplyDelete
  11. විකාරයි.. එතකොට අනිකා පැරදුනේ මොන පෝස්ටරේ වැරදිලාද චම්මෝ.. හී..හී.. ඒ කතාවත් කියකෝ...

    ReplyDelete
  12. දැන් එතකොට මෙහෙමයි වෙලා තියෙන්නේ....... නේද???

    කොහොමද ලංකාවේ කොල්ලාන්ගේ වැඩ....

    ඇමරිකාවටත් චන්දේ කොරන්න කියලා දිලා නොවැ...

    දැන් බැරක් අමාරුවෙන් ඇදගෙන යන්නේ ඒ උපදේශකයෝ ආයේ ලංකාවට ඇවිත් වගේ මෙහේ සංවර්ධනය වේගවත් කරන්න

    ReplyDelete
  13. තට්ට අයියාAugust 9, 2011 at 8:25 AM

    අම්මට හුඩු ...දැන් ඇමරිකාවේ එවුන් සිංහල කියවන්නත් දන්නවද?

    ReplyDelete
  14. @ විසිතුරු සහ සුශාන් - ඒකනේ ප්‍රශ්නේ අහන්න එපා කියලා කියලම පටන් ගත්තේ..හිකිස්‌

    @ අසනී - කාටද ආඩම්බර ඉතින් , අපිටමනෙ :D

    ReplyDelete
  15. @ මධුරංග අයියා - හික් හික් ;)

    @ ADK - මේ උබ ඔව්වා කියන්න එපා උබව අර සුදු පාට එකක දාගෙන යයි..ලොල්...හැබැයි පොර කියන විදියටම කියලනම් තියෙනවා
    හිකිස්‌

    ReplyDelete
  16. @ බුවා - ඔව් ඔව් එයාට වැඩේ කෙල උනාට පස්සේ ඉතින් කොරන්න දෙයක් තිබ්බේ නැහැනේ.. ;)

    @ බ්ලොග් ගඩොල් - හි හි..ස්තුතියි මචන් මේ පැත්තේ ආවට :)

    ReplyDelete
  17. @ ප්‍රසංග - අන්න කතාවේ ඇතුලේ යන සයිඩ් කතාව :D

    @ මාරයා අයියා - ඒක තමා අයියා , ඕවාවලින් පස්සේ තමා ඉතින් අපට මේ හැම ප්‍රස්නයකම..

    ReplyDelete
  18. @ චතුර - ලොල්...කාටද ආඩම්බර

    @ නාකියා - ආ ඒකත් කමින් සුන් ;)

    ReplyDelete
  19. @ දේවා - හි හි..අපේ කට්ටිය තාමත් එහේද දන්නේ නැහැ තමා..එකද දන්නේ නැහැ නේ ..ඔබාමා තාමත් නාන්නේ.. ;)

    ReplyDelete
  20. ඇමරිකන්කාරයොන්ට සිංහල තේරෙන්නේ කොහොමද ?? :P :P

    ReplyDelete
  21. බරක් ඔබන්න ගිහිං වෙච්ච සන්තෑසියක මහත ..

    මම හිතන්නේ ඇමරිකන් ඈයෝ ගූගල් ට්‍රාන්ස්ලේටරේ භාවිතා ගන්නැති නේද ?

    කතාව පස්ටයිලු ..

    ReplyDelete
  22. උබ සෑහෙන්න කාලෙකින්නේ බ්ලොග ලියල තියෙන්නේ, මොනාඋනත් පට්ට කතාව...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!