Thursday, August 25, 2011

මාත් ඉස්සර සිංහයෙක් තමයි

මේක මේ ළගදී අහන්න ලැබුණු පුංචි කතාවක්. කැලේ රජා වෙච්ච සිංහයාට ඔන්‍න‍ මගුලක් සෙට්වෙලා.කැලේ ඉන්න හැමෝටම එන්න කියලා ජයටම වෙඩින් එක ගන්න තමයි සිංහයාගේ ප්ලෑන් එක.කැලේ තමන් එක්ක දඩයමේ යන සෙට් එක , නෑදෑයෝ අරගොල්ලෝ මේගොල්ලෝ හැමෝටම ඔන්න දැන් ඉන්වයිට් කරලලු තියෙන්නේ. ආයි මොනාද ඉතින් රෝයල් වෙඩින් එකක් ගන්න තමයි සිංහයාත් හදන්නේ.

දැන් ඔන්න වෙඩින් එක දවසේ අලුත බැදපු සිංහයයි , සිංහ දෙනුවයි සුභ නැකතෙන් පිටත් වෙන මොහොතට කිට්ටු වෙනවා.මෙන්න මේ වෙලාගෙ කොහෙද හිටපු මී-තඩ්යෙක් එකපාරට හයියෙන් කෑගහලා කියනවලු
"අපේ සහෝදරයාට ජය වේවා !! කියලා ".මේ වෙලාවේ මී තඩියට ටිකක් වැඩිත් වෙලාලු හිටියේ.

මියා මේ කිව්ව කතාවට දෙවනි මනමාලයට හිටපු සිංහයෙක්ට හොදටම මල පැන්නා. ඇයි ඉතින් මේ මියාත් ඇගේ සයිස් එකටද කතාව. ඇරත් ඉතින් මෙච්චර පොඩි එකෙක් අර සද්දන්තයාට සහෝදරයා කිව්වම කාටද මල පනින්නේ නැත්තේ..

ඉතින් අර බෙස්ට්මන් සිංහයා මියාගෙන් ඇහුවලු "ඈ බොල ගොන් මියෝ , උබට කොහොමද අපේ අය්යට සහෝදරයා කියන්නනේ ? උබ කොහොමද අපේ ජාතියේ උනේ ? ".

මීයාත් ඉතින් ගත්කටටම වෙරි මරගාතේ කිව්වලු " ගොන් සිංහයෝ දැන් මම මෙහෙම හිටියට , බදින්න කලින් මාත් හිටියේ සිංහයෙක් වගේ තමයි !! " කියලා . . .

25 comments:

  1. හික් හික්!! ඇත්ත කතාව මොනවා වුණත්

    ReplyDelete
  2. සිංහයන්ගේ ලව්! හොදා හොදා! දිගටම ලියන්න අයියේ! මරු මරු! මාත් අද තමා මේ පැත්තට ගොඩ වැදුණේ....

    ReplyDelete
  3. ලොහ් .... ලොහ්... මාත් බදින්න කලින් සිංහ.. දැන් වෘෂභ

    ReplyDelete
  4. මෙහෙම කිව්ව නිසා දවසකට හරි මීයා බේරුණා, :D

    ReplyDelete
  5. ela kiri...jaya wewa sinhayatay, meka liwwa mage yalu mithrayatay :-)

    ReplyDelete
  6. කොහොමද මියාගේ ටිකිරි මොලේ...................

    ReplyDelete
  7. මීයා කියලා තියෙන්නේ ඇත්තනේ....

    ReplyDelete
  8. හෙහ් හෙහ් බදින්න ඉස්සර මමත් සිංහයෙක් තමයි බොල... හි හි ඉ... හතර විලි ලැජ්ජාවයි බොල

    ReplyDelete
  9. අනේ ඇත්තමයි බං මාත් ඒ කාලෙ හිටියෙ සිංහයෙක් වගේ.

    ReplyDelete
  10. බැඳලා ටිකක් දවස් ගියාම සිංහයාත් ඔහොමම කිව්වද ඇඃ?

    ReplyDelete
  11. හික්ස්.............පව්....සිංහයා "මන් බයයි...!!!"කියන්න ඇති

    ReplyDelete
  12. එල .......
    කලින් අහලා තිබුනට ආයිත් හිනා උනා .......

    ReplyDelete
  13. මේක නිහාල් ගුරුසිංහගේ බ්ලොග් එකේ තිබ්බ කතාවක් එඩිට් කරලා නේද?
    මේ පහත ලින්ක් එකෙන් බලන්න (http://nihalw.wordpress.com/2011/08/10/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BA%E0%B7%8F/)

    ReplyDelete
  14. @ පිස්සු පුසා , බ්ලොග් ගඩොල් - ලොල්.. ;) ;)

    @ ගැජට් බෝයි - මලයා බ්ලොග් එක අප්ඩේට් නැහැ නේද ?

    @ මාතලන් - හික්ස් , බැදපු අක්කා බ්ලොග් කියවන්නේ නැති නිසා හොදයි :D :D

    ReplyDelete
  15. @ හංසි - හි හි...එදා මීයාගේ දවස

    @ Anje - Thanks Mate :) :)

    @ දේවා - මීයා මන්ච් ටිකිරි මාරි ලු කන්නේ ;)

    ReplyDelete
  16. @ චතුර - නැතුව නැතුව..අමුලික ඇත්ත

    @ සබිත් - :)

    @ ගයාන් - ලොල්..ඉතින් බන් උබ තාමත් සින්හයෙක් නේ..

    ReplyDelete
  17. @ රාජ් - අප්පා !! නෝ කමෙන්ට්ස්... :D :D

    @ ක්සැන්ඩර් - ඒකනම් හරියටම දන්නේ නැහැ...ඒත් ඉතින් අනිවා කියන්න ඇති...හිකිස්‌

    @ පන්සල් හන්දිය - :) :)

    ReplyDelete
  18. @ ඇනෝ - නැහැ මම නිහාල් ගුරුසිංහ මහතා ලියපු පොස්ට් එකක් එඩ්ට් කරේ නම් නැහැ , එතුමාගේ බ්ලොග් එකේ ඒ පොස්ට් එක මම කියෙව්වෙත් ඔයා දීපු ලින්ක් එකෙන්..

    ඔය කතාව නම් මට අහන්න ලැබුණු කතාවක් , හොදයි කියලා හිතුනු නිසා තමයි බ්ලොග් එකේ දැම්මේ..

    කොහොම උනත් දැනුවත් කිරීමට ස්තුතියි

    ReplyDelete
  19. මම නම් තවම සිංහයා! බලමු ඉස්සරහට මොනවා වේවිද කියලා!

    ReplyDelete
  20. හික්ස්ස්ස්ස්ස්ස්..... මරු කතාව... හි හි

    ReplyDelete
  21. පවු නේ.

    සිංහයා මීයෙක් වෙලා. ගොඩක් සිංහයෝ බන්දට පස්සේ ඔහොම වෙනවති නේ. පවු නේ.

    ReplyDelete
  22. හික්ස් !!
    නියම කතාව අයියා...:)

    ReplyDelete
  23. සුපිරියි එකෙන්ම :))

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!