Thursday, August 18, 2011

SLIIT භූතයා

මේ දවස් ටිකේම ටී.වී එක බැලුවත් කියන්නෙම එක්කෝ ග්‍රීස් යකෙක් ගැන එහෙමත් නැත්නම් භූතයක් ගැන.අනේ මන්දා අපේ ලංකාවටත් මොනවායින් මොනවා වීගෙන එනවද කියලා.ඔය එක එක ජාතියේ භූත කේස් අස්සේ අපේ මෙට්‍රෝ ටවර් එකෙත් භූතයෙක් ඉන්නවා කියලා කතාවක් යනවා.

මේ ස්ලිට්‌ එකේ ඉන්න භූතයා නම් ටිකක් වෙනස්ම ජාතියේ භූතයෙක්, මේ භූතයා අරක්ගෙන ඉන්නේ අපි හැමෝම එදිනෙදා භාවිතා කරන ලිෆ්ට් සෙට් එකට. Ground Floor යන්න කියලා හිතාගෙන අදාළ බොත්තම ඔබලා ලිෆ්ට් එකේ යනකොට හිටපු ගමන් ඒ බොත්තම එබිලා තියෙන එක නතර වෙනවා වගේ වැඩ මේ භූත රාජයා කරනවලු.ඒ විතරක් නම් කමක් නැහැ. Basement එකට ලිෆ්ට් එක ගෙනත් ආයි ඉබේම වෙන Floor එකකට ලිෆ්ට් එක අරන් යනවා , වැඩේ කියන්නේ ඔය වෙලාවල්වලදී ලිෆ්ට් එකේ කිසිම බොත්තමක් වැඩ කරන්නෙත් නැහැ.අපේ අය දෙතුන් දෙනෙක්ටත් ඔය මම කිව්ව දේ වෙලා තියෙනවා.මුලදී වැඩිය ගනන් නොගෙන හිටියට හැම තිස්සෙම එකම විදියට මේ දේ වෙන නිසා දැන් දැන් කට්ටිය ලිෆ්ට් එකේ යන්නෙත් බයෙන් බයෙන්...හිකිස්‌.ඔය ජරමර සේරම අස්සේ ඉතින් හදිසි විදුලි බිදවැටීමක එහෙම වෙලා එකපාරට ලිෆ්ට් එක වැඩ කරන්නේ නැතිව ගියත් අර අහක ඉන්න භූත රාජයට සහ එතුමාගේ මව්-දෙමව්පියන්ටම තමයි බැණුම් අහන්න වෙන්නේ.

මේ ඊයේ පෙරේදා දවසක පිටකොටුව පැත්තේ කම්පැනියක ජොබක් කරන අපේ එකෙක් , තව කෙල්ලෝ ගොඩක් එක්ක ලිෆ්ට් එකේ හිරවෙලා තිබූනා.සිරාම සීන් එක කියන්නේ කෙල්ලෝ සෙට් එක නම් ලිෆ්ට් එක හිර උනාට බය වෙලා කෑගහලා නැහැ , කොල්ලා නම් අම්බානෙක බය වෙලා.බෙන්තර ගගෙන් එහා පැත්තේ බුවෙක් උනාට මොකෝ ඉතින් ලිෆ්ට් එකක් අස්සේ කෙල්ලෝ ගොඩක් එක්ක හිර උනාම කාට කියලා ඉතින් කියන්නද.

මේක කියවන ඔයාලත් මෙට්‍රෝ එකේ ලිෆ්ට් එකක් පාවිච්ච් කර කර ඉන්නකොට ලිෆ්ට් එකක් පිස්සු නටන්න පටන්ගන්න ගත්තොත් ආයි හිතන්න දෙයක් නැහැ අනිවාර්යයෙන්ම ඒ භූතයා තමයි.

26 comments:

  1. අම්මෝ මේ කතාව ඇහුවම ලිෆ්ට් වල යන්නත් බය හිතෙනවා. කොහොමද ලිෆ්ට් එක කරන්ට් එක නැතුව හිරවෙලා මග නැවතුනා නම්...
    ආයේ ඉතින් දොර කඩලා ගන්නකම් ඇතුලේ නේ

    ReplyDelete
  2. මමත් අහල තියනව ලිෆ්ට් වලත් භූතයො ඉන්නව කියල.

    ReplyDelete
  3. අපට මොකටද ලි‍ෆ්ට් පොඩි කාලෙ ඉදන් නැග්ග පඩිපෙල අපට හොදයි :D ඔය මොන භූතයටවත් පඩිපෙලට කෙලවන්න බෑනේ :D

    ReplyDelete
  4. ඒ බං ඒකට fb account එකක් තියෙනව. මාව follow කරනව.

    ReplyDelete
  5. අම්මෝ.... මටත් දැන් ලිෆ්ට් එකේ යන්න බය හිතෙනවා... SLIIT එකේ නොවුනට අපිත් දිනපතා ලිෆ්ට් පාවිච්චි කරනවා.. දැනටනම් එහෙම භූත කේස් නෑ... හික්ස්ස්..

    ReplyDelete
  6. කොහොමත් වැඩි තට්ටු ගානක් නැත්නං පිඩි පෙළ තමා හොඳ , මට නං හිතෙන්නේ ...

    ReplyDelete
  7. @ මධුරංග අයියා - එහෙම එකක් උනොත් නම් ඉතින් ජෙනරේටර් එකේ පිහිට තමා..හැබැයි ඉතින් ඒකත් නතර උනොත් හිර වෙලාම තමයි ඉන්න වෙන්නේ...

    ReplyDelete
  8. @ නදී අක්කා - බලන්න DEVIL කියලා ෆිල්ම් එකක් තියෙනවා..
    හොදට බය වෙන්න පුළුවන්...

    @ කිඩෝ - හිකිස්‌...මාර සීන් ඒක කියන්නේ මේකා මුලින්ම පඩිපෙළවල්වල තමයි ඉදලා තියෙන්නේ පස්සේ තමයි මේ ලිෆ්ට් එකට ඇවිත් තියෙන්නේ..

    ReplyDelete
  9. @ Hishan - නෑ..පිස්සු හැදෙනවා...

    @ හිතුවක්කාරී - හිකිස්‌...බලාගෙන අපෙත් මේ එකපාරට නේ භූත කේස් එක ආවේ.. ;)

    ReplyDelete
  10. @ මහේෂ් අයියා - තට්ටු ගාන නම් වැඩියි අයියා..තට්ටු 10 විතර තියෙනවා...

    ඒ උනාට දැන් අපේ සමහර ලේක්චරස්ලත් වැඩි ආරක්ෂාවට එන්නේ පඩි පෙළින්ම තමයි...

    ReplyDelete
  11. බූතයොන්ටත් කරන්න පුළුවන් දේවල් නේද අනේ...?මාර මාර සීන්ස් අප්පා...

    ReplyDelete
  12. තට්ට අයියාAugust 18, 2011 at 6:53 PM

    ඔය කියන්නේ අර ෆින්ගාරා එකේ ක්‍රිකට් ගහන අයියා ගැන නේ....
    @ චම්මා: උඹත් ජේ.චී.බී. ට පණ දෙන්න වගේ හිටියට ලිෆ්ට් එකක කෙල්ලෝ ටිකක් එක්ක තනිවෙන්න බලා ගෙනමයි නේ ඉන්නේ....

    ReplyDelete
  13. හපොයි... බය හිතෙනවා...
    ඒත් මට නම් පඩි නගින එක තරම් එපා කරපු දෙයක් තවත් නෑ, ලිෆ්ට් එකේම යන්න තමයි ට්‍රයි එක..

    ReplyDelete
  14. ඇත්තම බූතයා ඉන්නෙ අපේ හිත්වල.....

    ReplyDelete
  15. me story eka nam true

    ReplyDelete
  16. හිකිස්.. නැ බං.. මං නම් හිතන්නෙ.. උඹලයි ලිෆ්ට් එකේ බට්න් අස්සෙ දූවිල ඇති.. සර්විස් කරන්න කියන්න .. :)

    ReplyDelete
  17. යකෝ ඔය මෙට්‍රෝ ලිෆ්ට් එකේ ගියාට අපිට ඔහොම වෙලා නෑ නෙව.. :P

    ReplyDelete
  18. @ අසනී - ද භූත කේස්... හිකිස්‌


    @ තට්ට අයියා - අන්න බුවා තමයි..මම මොකටද තට්ට අයියේ කෙල්ලෝ එක්ක යන්න දගලන්නේ :P

    ReplyDelete
  19. @ ප්‍රර්ථනා - අපෝ පඩි නගින්න එපා වෙනවා..ඇරත් ඉතින් නගිනවනම් තට්ටු 15 ක් තියෙනවා යන්න..පඩිපෙළක් පාවිච්චිකරොත් ඉතින් හොද ගනන්


    @ ප්‍රසංග - හෙලවෙන මනස = හොල්මන් ;)

    ReplyDelete
  20. @ බනියා - එව්වත් ඉතින් කියන්න බැහැ..රාජකීය ලිෆ්ට් නේ තියෙන්නේ.. ;)

    @ ඇනෝ - උබටත් භූතයා සෙට් උනාද

    ReplyDelete
  21. ඕකට කියන්නේ යකා කියල :P :P බූතයා නෙවෙයි

    ReplyDelete
  22. ඔය බුතයාගේ කැරක්ටර් එක කරන්නේ අපේ මේ අය්යා එහෙම නෙමේ නේද???
    අපිට නම් නිතර ලිෆ්ට් පාවිච්චි කරන්න වෙන්නේ නැ ඉතින්. පුරුදු පඩිම තමා..
    කොකටත් පරිස්සමින්....

    ReplyDelete
  23. a ou ou yaka buthaya wela wenna ethi ..mokada kohomat yaka negitinne maddahana pahu welaane..yaka nidi atare yakage ethule inna boothaya eliyata paninawa ethi...
    etakota dan kauda YAKA ;)

    ReplyDelete
  24. කෙල්ලෝ භූතයින්ට බය වෙන්නේ නෑන්... බූතයොනේ කෙල්ලන්ට බය වෙන්නේ

    ReplyDelete
  25. අපි නම් 16th or 15th floor එකේ ඉදල ground එකට එන්න ඕනේ උනාම කරන්නේ reset කරන එක. එතකොට ඉතින් කෙලින්ම ground floor එකේ තමයි. මග නැවතිලි මුකුත් නෑ.

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!