Friday, October 7, 2011

ස්ටීව් ජොබ්ස් සහ අපි

ස්ටීව් ජොබ්ස් එහෙමත් නැත්නම් ඇපල් සමාගමේ නිර්මාතෘ කාලයක් තිස්සේ තිබුන රෝගයක් නිසා පහුගිය 6 වෙනිදා අභාවප්‍රාප්ත උනා.ලෝක ප්‍රකට ඇපල් නිෂ්පාදන රැසක්ම ජොබ්ස් ගේ මනසේ ඇදුන දේවල්.iPhone,iPad වගේ දේවල් ඒ අතුරින් ප්‍රධානයි.තමන්ගේ ජීවිතය ගොඩක්ම පොඩියට පටන් අරගෙන ඊට පස්සේ ඇපල් වගේ ලෝකයේ වටිනාම සමාගමක් හදන්න තරම් හිතේ ධෛර්යමත් බවක් ජොබ්ස් ට තිබුනා.ස්ටීව් ජොබ්ස් සහ ඇපල් කියන්නේ එකිනෙක වෙන්කරන්න බැරි දේවල් දෙකක්.ඇපල් සමාගමෙන් ජොබ්ස් ඉවත් උන විටදී ඇපල් හි කොටස් මිළ පහල යාමෙන්ම ඒ බව පැහැදිලියි.

ස්ටිව් ජොබ්ස් කරන ලද දේශන , වර්තමාන ලෝකයේ පුද්ගලයෙක් විසින් කරන ලද සාර්ථකම දේශන කිහිපය අතරට අයත්.ඒ අතරින් 2005 දී තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ස්ටැෆඩ් විශ්ව විද්‍යාලයේදී කරන ලද දේශනය අනර්ගයි.


ලෝකය වෙනස් කරපු විශේෂ සිද්ධි 3කටම ඇපල් ගෙඩිය සම්බන්ධ වෙලා තියෙනවා.පළමුවැන්න තමයි ක්‍රිස්තු සාහිත්‍යය එන ආදම් -ඒවා සිද්ධියට සම්බන්ද ඇපල් ගෙඩිය, දෙවැන්න ගුරුත්වාකර්ෂන නියමය සෙවීමට මග පෙන්වූ අයිසෙක් නිව්ටන් ගේ හිස මත පතිත උන ඇපල් ගෙඩිය , තෙවැන්න ස්ටීව් ජොබ්ස් නිමවූ ලෝ-ප්‍රකට ඇපල් නිෂ්පාදන.

තවත් විශේෂ කරුණක් වෙන්නේ උපතින් අන්‍ය භක්තිකයෙක් උනත් ස්ටිව් ජොබ්ස් පස්සේ කාලයකදී බෞද්ධ දර්ශනය වටහා ගෙන බුදු දහමට එක් උන එක.ඒ නිසා බෞද්ධ අපි ලෝකයට වටිනා දේවල් දායාද කල ස්ටීව් ජොබ්ස් ට නිවන් සුව ලැබේවා ප්‍රර්ථනා කරමු.

ස්ටිව් ජොබ්ස් ගේ මරණය දැනගත්තු වෙලාවේ ඉදන් ලෝකයේ වගේම ලංකාවෙත් ෆේස්බුක් / ටීවිටර් ගිණුම වල ශෝක ප්‍රකාශ කරලා හැමෝම දුක් වෙලා තිබ්බා.ලංකාවේ අයත් ජොබ්ස් ගේ පින්තුරේ ප්‍රෝෆයිල් පික්චර් විදියට දාගෙන තිබ්බා.මීට දවස ගානකට කලින් ලංකාවේ හිටපු විශිෂ්ඨ නළුවෙක් උන ජෝ අබේවික්‍රම මියගිය වෙලාවේ අපේ අයට මෙහෙම දේවල් කරන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. අවුරුදු 30 ක ත්‍රස්‌තවාදය ඉවර කරපු මැයි 19 වෙනිදට සිංහ කොඩියක් ෆේස්බුක් ප්‍රෝෆයිල් පික්චර් එක කරන්න "අකමැති" අපේම ලංකාවේ ෆේස් බුක් පාවීචිචි කරන අය ස්ටීවී ජොබ්ස් ගේ පින්තුරේ දාලා දුක් වෙන්නේ සමහර විට ලංකාවට වඩා ඇපල් අයි-ෆෝන් එක වටිනා නිසා වෙන්න ඇති.

36 comments:

  1. ඔයාගේ කතාව හරි චම්ම මල්ලි.. ජෝ අබේවික්‍රම මහත්තය නළුවෙක් උනාට අලුත් පරම්පරා දන්නේ නෑ ඒ කවුද කියල. හරියට අද රුක්මනී දේවිට කිසිම ඩිමාන්ඩ් එකක් නෑ වගේ. එත් ඊට වඩා ඇපල් අයි ෆෝන් අයි පොඩ් වගේ ඒවා අද ජන සමාජයට කිට්ටු වැඩ්යි. අපේ සමාජේ අලුත්ම උණ තම ඇමරිකන් උණ. ඕක නම් බහින්න සැහෙන කාලයක් යනවා. අනික හැදුනමත් අමාරුයි. උන් කියන දේවල් (උණ විකාරෙන්) ඇහුවම අපිට දුක හිතෙනවා. එච්චරට බංකොලොත් කතා. එත් උන් දන්නේ නෑ ඇමරිකාව කොහෙද තියෙන්නේ කියලවත්. සිංහ කොඩිය දාන්න හොඳ සිංහලයෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
  2. මම නම් ෆේස්බුක් ප්‍රොෆයිලයට මාගේ පින්තූරය හැර කිසිවක් දාන්නේ නැත , එනිසා යුද්ධය දිනුවාට සිංහ කොඩිවත් , ස්ටීව් මිය ගියාට ඒයවත් ප්‍රෆයිලය වන්නේ නැත , ස්ටීව් ජොබ්ස් මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (බෞද්ධයෙකු වූ එතුමා නිවන පිලිබඳ විශ්වාස කරනවා විය යුතුය )

    ReplyDelete
  3. ජෝ අබේවික්‍රම ගැන කියපු කතාවට නම් සිරාවටම එකගයි අයියේ...
    සහතික ඇත්ත....

    ReplyDelete
  4. ඔයාගෙ කතාව නම් ඇත්ත. ඒත් වැදගත් දෙයක් කරපු කෙනෙක් අගය කරන එක නම් වටිනවා.. සමහරවිට ජෝ අබේවික්‍රමගෙ ෆෝටෝ එකක් දාලා දුක් වෙනවාට වඩා ස්ටිව් ජොබ්ස් ගැන දුක් වෙන එකෙත් පොෂ් ගතියක් ඇති. :D

    ReplyDelete
  5. කියල වැඩක් නැහැ චම්මා, ලංකාවෙ කොහොමද මංද, මෙහෙ තරුණ පරම්පරාවට, විශේෂෙන්ම කෙල්ලන්ටය්, ඉන්දියාවෙන් ආපු එවුන්ටය්, ඇපල් අය්ෆෝන් එකක් නැත්තං ජීවිතේ සම්පුර්ණ නැහැ වගේ. ඒක වෙනම කතාවක් වුනාට පෝස්ට් එකට සම්භාන්දය් කියල හිතුන හිංද මෙතන ලිව්වෙ. ඒ එක්කම ඔයා දක්වපු අදහස් වලට සම්පුර්ණයෙන් එකඟය්

    ReplyDelete
  6. කියල වැඩක් නැහැ චම්මා, ලංකාවෙ කොහොමද මංද, මෙහෙ තරුණ පරම්පරාවට, විශේෂෙන්ම කෙල්ලන්ටය්, ඉන්දියාවෙන් ආපු එවුන්ටය්, ඇපල් අය්ෆෝන් එකක් නැත්තං ජීවිතේ සම්පුර්ණ නැහැ වගේ. ඒක වෙනම කතාවක් වුනාට පෝස්ට් එකට සම්භාන්දය් කියල හිතුන හිංද මෙතන ලිව්වෙ. ඒ එක්කම ඔයා දක්වපු අදහස් වලට සම්පුර්ණයෙන් එකඟය්

    ReplyDelete
  7. Actually now the old is gold is not valid for this era. So the young generation always like to experience new things not old things. So I think that is the difference between Steve jobs and Jo Abewickrama. Even I know about steve jobs about from grade 5 but I recognized Jo abewickrama when he was dead. That is the difference. People like new innovative things and persons

    ReplyDelete
  8. mekane prashne ape eunta sudda suddage manasikathwe ituru karala giyane.. dan math mage banner ekata damma steve jobs wa.. owa monawada MJ marichcha wele ara loweth na dushyath anduwe hariyata uge amma appa mala wage...

    ReplyDelete
  9. R.I.P Steve Jobs = පො‍ශ් !

    ReplyDelete
  10. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. ඒකනම් ඇත්ත අයියා. අද කාලෙ කට්ටිය රැල්ලට වගේ එහෙම කරනවනෙ. ලංකාවෙ වටිනකමට වඩා ඇපල් අයි ෆෝන්ස් එහෙම වටිනවා ඇති තමා.
    නියම පෝස්ට් එකක් අයියා.

    ReplyDelete
  11. චම්මා නියම හරිය ලියලා තියෙන්නේ අන්තිමටනේ බං.

    ReplyDelete
  12. මේ අපි නම් ජෝ මහත්තයගේ ෆොටෝ දැම්මා. ඒ වගේම ජෝ මහත්තයගේ පොටෝ දාන්න ක්‍රමේ හදපු කෙනාගේ ෆොටෝ එකත් දැම්මා. අනිත් කේස් එකනම් පිලිගන්නවා. නිදහස් දවසටවත් මම ජාතික කොඩිය ඔසවන්නේ නෑ. මොකෝ අපිට තවම නිදහස ලැබිලා නෑ. යුද්දෙ දිනල දුන්න ෆොන්න්සේකාගේ පින්තූරෙකුත් දාන්න වෙනවනේ එතකොට.

    ReplyDelete
  13. අර ඇපල් ගෙඩියේ සිද්ධි 3 ට මම නම් හරිම කැමතියි..ලස්සන අදහසක්..අන්තිමට කියල තියන කතාවනම් සහතික ඇත්ත..

    ReplyDelete
  14. මම කැමතිම අන්තිම ටිකට..

    ReplyDelete
  15. පෝස්ට් එකේ අන්තිම තමයි වැදගත්ම දේ ලියවිලා තියෙන්නේ.. ඇත්ත ඔහු අගය කල යුතු පුද්ගලයෙක්.. ඒක අවිවාදයෙන් මමත් පිළිගන්නවා...

    ReplyDelete
  16. ඔන්න අපිනම් ජෝ මහත්තයට කවි කීවා ඇතිවෙන්න...මගෙ කවි
    සමහර අය බුකියෙත් දාගෙන ඉන්නවත් මම දැක්කා. ඒ අයටත් ස්තූතියි දීපු සහයෝගයට....
    ඇපල් ගැන ලියපු සටහන් වලටත් ස්තූතිය පුද කරන අතර ස්ටීව් ජොබ්ස් මහතාටත් නිවන් සුව පතනව..
    (චම්ම මුල කොමෙන්ට් එකෙ නම පොඩ්ඩක් වැරදුන එය සකස් විය යුතුයි ස්ටීව් ලෙසා)

    ReplyDelete
  17. @ ක්සැන්ඩර් අයියා - ඇත්ත එකගයි සියයට සියයක් ම..කොහොමත් ඉතින් පිටරට උණක් නේ තියෙන්නේ කට්ටියටම

    @ බුවා - අදහසට ස්තුතියි මචෝ.. :)

    @ ගිනි කුරුල්ලා - ප්‍රතිචාරයට ස්තුතියි මලයා..අපේ රටේ තැන ලැබෙන්න ඕන අයට තැන ලැබෙන්නේ නැහැ නේ

    ReplyDelete
  18. @ හංසි - හි හි..මටත් හිතෙන්නේ මේකත් පොෂ් ගතිය පිළිබද ගැටලුවක්

    @ ඔබා අයියා - එහේ නෙවෙයි අයියේ මෙහෙත් තත්වය ඕකම තමා..වෙනසකට තියෙනවා නම ඇත්තේ ඇපල් එකක් ගන්න තවම මෙහෙ අයට ටිකක් වියදම් කරන්න වෙන එක ( ඒකටත් ඉතින් උත්තර තියෙනවා..චයිනීස් ඇපල් )

    ReplyDelete
  19. @ Dushan - yeah mate agreed with your points,Younger generations isn't well educated about some of the valuable things in country..of course they like innovations , innovative stuffs..that's good ,But they're not trying to take the important points what those people pointed out..( example - Things pointed out by jobs in his stanford address..ppl just listened it,didn't want to apply things to their life's.)...Thanks for the comment dude

    @ අචල - හිකිස්‌..මට මතකයි සීන් එක..ස්වර්ණවාහීනියට ද කොහෙද ඇවිල්ලා නේද ඕක උනේ..

    විසිතුරු - හි හ.. අනිවා පොෂ් ම තමා

    @ හිතු - ඒක නේ නංගි , මම දැක්කා වෙබ් අඩවියක තියෙනවා තත්පරයට ටීවීට්ස් 1000 ජොබ්ස් ගැන පලවෙනවා කියලා..ඒකෙන්ම පේනවනේ ඉතින් රැල්ල..

    ReplyDelete
  20. @ ගෝල්ඩ් ෆිෂ් - ;) ;)

    @ මාතලන් - මම නම් ඔය වැදගත් කියලා හිතෙන හැමදේටම දානවා..මොකෝ ඉතින් මාක් අයියා සල්ලි ගන්නවද පික් එක වෙනස් කරනවට..

    @ සයුරි අක්කා - ඒ ඇපල් කතාව මේ දවස්වල ගොඩක් ජනප්‍රිය යි ..ස්තුතියි ප්‍රතිචාරයට අක්කා..

    @ ලොකු ජෝන් - ගොඩක් කට්ටියට අනිතිම කෑල්ල හිතට දැනිලා වගේ.. :)

    @ Dinesh - අනිවා මචෝ..ජොබ්ස් ගේ ජිවිතයෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..

    @ ගිම්හානි අක්කා - අපි දැක්කනේ ඉතින් අක්කා ලියපු කවි...හි හි.. :)

    ReplyDelete
  21. ඔන්න ඔහොම තමයි මල්ලියෙ දේවල් වෙන්නෙ !

    ReplyDelete
  22. කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත. ස්ටිව් ජොබ්ස් කියන්නේ අමුතුම අකාරයේ හැකියාවන් තිබුණ කෙනෙක්.පරිගණක ලෝකයේ ලොකු පෙරළියක් කරපු කෙනකේ. ඔහුගේ මරණේ දවසේ පොපයිල් පික්චර් එක මාරු කරපු එකේ වැරැද්දක් නෑ. නමුත් ඔයා කියනවා වගේ ජෝ අබේවික්‍රම මහත්තයගේ අභාවය දවසේ, වගේ දේවල් වලට පික්චර් එකක් මාරු කරලා ශෝකය ප්‍රකාශ කරපු නැති එක ලංකාවේ අය කරන වැරැද්දක්. මේකේ වැරැද්ද තියෙන්නේ ඇමරිකාවෙන් අවෝත් ඕන ** ගොඩක් ලොකුවට භාරගන්න ලංකාවේ දේවල් බාල්දු කරන අය හින්දා.ගොඩක් අය හිතන්නේ ඇපල් අයිපෑඩ් එකක් ගත්තම වැඩ්කරු කියලා. අපි කල යුත්තේ ස්ටිව් ජොබ්ගේ නිර්මාණ ශක්තිය අගය කිරීම මිස අයිපෑඩ් එකක් අරගෙන වැඩකරු වීම නොවෙයි. හොද ලිපියක්

    ReplyDelete
  23. එකඟයි සහෝ... අන්තිමම ටික කියෙව්වහම දුකයි...

    ReplyDelete
  24. මම මෙම මුළු සටහනේ අන්තිම චේදය ගැන පොඩි සටහනක් මගේ දැක්ම අනුව ලියන්න සිතුවෙමි.
    " මීට දවස ගානකට කලින් ලංකාවේ හිටපු විශිෂ්ඨ නළුවෙක් උන ජෝ අබේවික්‍රම මියගිය වෙලාවේ අපේ අයට මෙහෙම දේවල් කරන්න හිතුනේ නැත්තේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්."

    මේ ප්‍රශ්නය අපි අහන්න ඕනේ අපෙන්මයි. ජෝ යනු හෙළ සිනමාවේ විශිෂ්ටයෙකි.නමුත් එය සීමා වුනේ හුදෙක් ශ්‍රී ලාංකික ජනතාව අතර පමණි.එයිනුත් ඉතා සීමාකාරී වුන ජන පිරිසකට පමණක් එම ජනප්‍රියත්වය සීමා විය. ඔහු සිටි ශේස්ත්‍රය වුනේ සිනමාවයි. එම සිනමා ජනප්‍රියත්වය බොහෝ විට මිනිසාගේ අබිරුචිය මත වෙනස් වේ.
    නමුත් jobs යනු හුදෙක් තම ජීවිතයම මුළු ලෝකයේම උන්නතිය වෙනුවෙන් තාක්ෂණික විපර්යාසයකට ලක් කෙරීමට උර දුන් පුද්ගලයෙක්. එම තාක්ෂණික වෙනස අද මුළු ලෝකයම අත් විදිනවා.අපි අද මේ කොම්මෙන්ට් දාන්න ගන්න කොම්පියුටරේ windows මුලින්ම හොයා ගත්තේ jobs. මෙහිදී jobs හා joe සංසන්දනය කිරීම ටිකක් අමාරු දෙයක්. එම නිසා ජොබ්ස් ගේ පින්තුරේ දාලා ඔහුට ගෞරව කිරීම පිලිබදව මම කිසිම වැරද්දක් නොදකිමි.

    "අවුරුදු 30 ක ත්‍රස්‌තවාදය ඉවර කරපු මැයි 19 වෙනිදට සිංහ කොඩියක් ෆේස්බුක් ප්‍රෝෆයිල් පික්චර් එක කරන්න "අකමැති" අපේම ලංකාවේ ෆේස් බුක් පාවීචිචි කරන අය ස්ටීවී ජොබ්ස් ගේ පින්තුරේ දාලා දුක් වෙන්නේ සමහර විට ලංකාවට වඩා ඇපල් අයි-ෆෝන් එක වටිනා නිසා වෙන්න ඇති."

    මෙතනදී රචකයා මෙම "අකමැති" යන වචනය යොදා ගත්තේ කුමන පදනම උඩද යන්න මට ලොකු ගැටලුවෙකි. කෙනෙකු තම අබිරුචිය මත යොදන පින්තුරය තීරණය කිරීම ඔහු හෝ ඇය සතු අයිතියකි.එමගින් කිසි විටක තම සම්පුර්ණ කැමැත්ත ලෝකයාට පිලිබිබු වීමක් නොවේ.
    මෙහි ලංකාව දිනූ නිදහස ගැන කතා කර තියෙනවා.ලංකාවට නිදහස ගැනීමට කැප කිරීම් කල මිනිසුන් අද අසාධාරණයට ලක් වෙලා තිබෙනවා. ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී තිබෙනවා.සිය ගණන් අහිංසක සිංහල මිනිසුන් ඝාතනය කල ඝාතකයෝ අද පාර්ලිමේන්තුවේ රජ කරනවා. අහිංසක සිංහල මිනිහාගේ බදු මුදල් වලින් සැප විදිනවා.තම ස්වාදීන අදහස හා සත්‍ය ලිව්ව එක්නැලිගොඩ අතුරුදහන් වෙලා තාම හොයා ගන්න නෑ. ඉතින් මේක නිදහස් රටක ද නැද්ද කියන එක ඔබම තීරණය කරන්න.
    එමනිසා ජොබ්ස් ගේ පින්තුරේ දැමීම ඔහුට ගෞරවයක් විදිහට කිරීම මම පොෂ් වීමක් ලෙස නොදකිමි. මන්ද, ඔහු විසින් දියත් කල තාක්ෂණික මෙහෙයුමේ ප්‍රතිපල අදත් අනිසි ලෙස හෝ අපි දැනීමෙන් හෝ නොදැනීමෙන් ලබා ගන්නා නිසාවෙනි.

    ReplyDelete
  25. Oya hamadema sapekshayay, eka ekkenage uwamanawan anuwa hamadema wenne, udaharanayakata, sinha kodiya gana kata karana aya Dilantha Maligamuwa kiyana manussaya thaniyen sinha kodiya gahagena race yanawa, lankawata keerthiyak genna puluwan widiyata, eth e manussayawa agayanawada lankawe anduwa, e manussayata kisima piliganeemak karanawada lankawe anduwen hari lankawe minissu hari,

    lokuwata api buddhagama gama kata karanawa, chineta baye achchara lankawata wadama karala Daladha wahansewa wanda puda ganna VISA illana dalai lama thumata ennna denawada, na, oka tamai ape jathikathwayay, buddhagama kiyala ka gagaha karana dewalui,

    menna mewai api lajja wenna ona, owa gana kawuruth kata karannewath na, eth hitan inne api tamai, niyama buddhagam karayo, ehema natnam sinhala kodiyata gawurawa karana niyama sinhaloyo kiyala.

    api kuhakai, ekai ape paudgalika wasi waladi witarak oya jathikathwayay buddhagamai adala ganne, nathuwa ewa eka hitin karana dewal nevi

    ReplyDelete
  26. තට්ට අයියාOctober 8, 2011 at 9:13 PM

    ඔය R.I.P Steve Jobs කියලා දාන එකේ පොඩි ගැටළුවක් මටත් තියෙනවා..මොකෝ R.I.P කියන්නේ සමාදානයෙන් සැතපෙවා කියන එකනේ...අනික ඒක කියන්නේ ක්‍රිස්තියානි අය. නමුත් Steve Jobs කියන්නේ බුද්ධාගමේ කෙනෙක්.දැන් R.I.P කියන්නේ තේරුම දන්නේ නැතුවද? නැත්නම් Steve Jobs ගැන තොරතුරු දන්නේ නැතිවද?
    ප්‍රේක්ෂකයනි මේ ඔබේ අවධානය පිණිසයි......

    ReplyDelete
  27. ලඟදි මම් බුකියේ ස්ටේටස් එකක දැක්කා ලෝකය වෙනස් කරපු ඇපල් තුනක් ගැන.

    (1) ආදම් සහ ඒව කාපු ඇපල් ගෙඩිය
    (2) නිවුටන්ගේ ඔලුව උඩට වැටුන ඇපල් ගෙඩිය
    (3) ස්ටීවු ජොබ්ස් කාපු ඇපල් ගෙඩිය !!!!

    ස්ටීව් ඔබට නිවන් සුව අත්වේවා !!!

    ReplyDelete
  28. මම කල්පනා කොලේ භාරතගේ එකද දුමින්දගේ එකද දාන්නේ කියලා.. හෙහ් හෙහ්

    ReplyDelete
  29. ජොබ්ස් කියන්නෙ අපි කතාකරන්න ඕනි චරිතයක්..
    ජෝ කියන්නෙ අපි බලන්න ඕනි චරිතයක්...
    අපි යුද්ධය කියල දින්නෙ පිටරටක් එක්ක කරපු යුද්ධයක් නෙමෙ..
    අපේම මිනිස්සු ටිකක් එක්ක කරපු යුද්ධයක්....ඒකෙදි ත්‍රස්ථවාදි කියල ලේසිවට ලේබල අලවගත්තට එතන මැරුන බහුතරය ශ්‍රී ලාංකිකයන්...
    අපි කෝමද 50,000ක් විතර මිනිස්සු මැරුන අවස්ථාවක සංතෝෂ වෙන්නෙ...
    ජෝගෙත් පිංතූරයක් ෂෙයා වෙලාතිබුන..ජැක්සන් ල මිනිය උස්සන් යන එකක්..මල මිනිසුන් මතින් යන නොමල මිනිසා..කියල...

    ReplyDelete
  30. chamma bro.. sirise da koheda man dakke..kiyanna ba u swarnawahiniyeth anduwada danna...

    ReplyDelete
  31. http://www.youtube.com/watch?v=iC8kvL3JqIQ&feature=related
    me tiyenne swarnawahiniye andapu eka

    mu meeta wada aduwa sirasa news waladi

    ReplyDelete
  32. ඉන්ඩි ගේ කමෙන්ටුව අපි කාටත් වැදගත්

    ReplyDelete
  33. ඔය මත්තයා හදාපු කිසිම උපංගයක් ගන්න මට වත්කමක් නොතිබ්බත් ඒවා අතින් අල්ලලා නැතත් ඒ . ඒ උපාංග ලොකයට හඳුන්වා දීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා .

    ඒ වගේම ඔහුගේ වෙන්වීම ගැන දුක් වෙනවා !!

    ReplyDelete
  34. හික්ස්...චය්නීස් ඇපල්

    ReplyDelete
  35. අපේ උන්ට අපේ මිනිස්සු වැදගත් නැ, නියමෙට ලියලා තියනවා මලයා .....

    ReplyDelete
  36. අපේ අය මහා ලොකුවට Steve Jobs ගේ පින්තුරේ දැම්මා...ගරු කරන්න කියලා....Steve Jobs ට ඇපල් උපකරණ හදන්නත් Bill Gates ට Microsoft Windows හදන්නත් අතිශයින් උපකාරී වුන C Language එකෙ නිර්මාතෘ Dennis Ritchie ඊට සුමානෙකට පස්සේ අපෙන් සදහටම සමු ගත්තා...කීයෙන් කීදෙනාද RIP Dennis කියලා දාල තිබ්බේ....මේ ලෝකේ නියම තැන ගරු කල යුතු පුද්ගලයාව කිසිම විටක නියම අවස්ථාවේ ඇගයීමට ලක් නොවේ...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!