Sunday, October 16, 2011

හයිය බටර්

අපේ ඔබා අයියා පහුගිය දවසක කියලා තිබ්බනේ ලාර්ජ් සයිස් පීසා එකක් නිසා වෙච්ච අකරතැබ්බක්.මේ කතාව මතක් උනේ ඒ කාලේමයි,කොහෙද ඉතින් කොටන්න වෙලාවක් තිබ්බේ නැහැ නේ.

මේ කියන්න යන එක උනේ දැනට අවුරුදු ගානකට කලින්.ඔන්න මම අදුරන කට්ටියක් අලුතින් ගෙයක් එහෙම හදලා ගෙදරට හා හා පුරා කියලා පදිංචි වෙන්න යන්නේ.ඉතින් මේ අලුතින් හදපු ගෙදර පිරිත් පිංකමක් කරන්න ඕන කියලත් මේ කට්ටිය හිතුවා.පිරිත් පිංකමක් කරනවා කියන එකත් ඉතින් ලේසියෙන් කරන්න බැහැනේ.පිරිත් මණ්ඩපයක් ගහන්න ඕන , එන අයට සංග්‍රහ කරන්න ඕන වැඩ කෝටියයි නේ.ඉතින් මේ පිරිත සංවිධානය කරන අයගෙන් කොටසක් ගියා ගෙවල් ගාව තියෙන පන්සලට.ගීහිල්ලා නායක හාමුදුරුවොන්ට වැදලා අදාළ කාරණාව කිව්වා.මේ නායක හාමුදුරුවෝ ටිකක් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක්.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා එහෙමත් ටිකක් අඩුයි. දැන් අපේ අය අදාළ කළමනා ට්ක එහෙම අහන අතරේදී හාමුදුරුවන්ගේ ඇහුවා "....අවසරයි හාමුදුරුවනේ පිරිත් කියන අතරතුර සුළුවට වළදන්න මොනවද තියෙන්න ඕන ? ".

හාමුදුරුවොත් ටිකක් උගුර පාදලා එහෙම "..ඔය ගිලන්පස ටිකකට අමතරව හකුරු ,සුකිරි ,හයිය බටර් ටිකක් තිබ්බහම ඇති මහත්තයෝ.. "

ලිස්ට් එකේ තිබ්බ අනිත් දේවල් නම් එච්චර අවුලක් නැහැ ඒ උනාට අර " හයිය බටර් " කියන්නේ මොනාද ? විස්තර අහන්න ගිය අයට මේක සෑහෙන්න ප්‍රශ්නයක්.අහන්නේ නැතුවත් බැහැ.හාමුදුරුවන්ගේ කන ඇහෙනවා අඩු හින්දා ටිකක් හයියෙන් අහන්නත් ඕනේ.පස්සේ ඉතින් බැරිම තැන ගියපු කෙනෙක් "...තරහ අවසර හාමුදුරුවනේ ..මොනවාද මේ හයිය බටර් කියන්නේ ? ".

හාමුදුරුවො උත්තරේ විදියට "..ඇයි මහත්තයෝ අර පුංචි ත්‍රිකෝණ කෑලි ජාතියක් තියෙන්නේ , අර එළ හරකෙක්ගේ රූපයක් කාරිය එහෙම ඇදලා..රාත්‍රී ජාමේ පිරිත් කියන්න එන පුංචි නමවල් එහෙම ඔව්වාට ආසයි නොවෑ..ඒකයි මම හයිය බටර් කිව්වේ අනිත් ඒවාට අමතරව.. "

පස්සේ තමයි ඉතින් අපේ අයට හයිය බටර් මොනාද කියලා තේරුම් ගියේ.

[පින්තුරේ ගත්ත ගුගල් දෙයියගෙන් - http://www.tasty-life.com.cn/PIC/DIGI/201172053661909.jpg ]



30 comments:

  1. හයිය බටර් !!!!
    පුදුම කෑම නෙව. හොද වෙලාවට මොනාද කියලා අහගෙන ගියේ. නැත්නම් එහෙම් පිටින්ම අනාතයි නේ. ඉතින් කොච්චර හයිය බටර් ප්‍රමාණයක් ගෙනාවද ??

    ReplyDelete
  2. අඩේ ෆුඩ් සිටියකට ගිහිං ඔව්වෑං එකක් ඉල්ලන්න ඕනේ... පස්ස​ට කික් කරලා එලවයිද දන්නෙ නෑ,..

    ReplyDelete
  3. බයිට් එකටත් මරු ඈ....

    ReplyDelete
  4. සිරාවටම හොඳ වෙලාවට ඇහුවෙ හයිය බටර් කියන්නෙ මොනවාද කියලා!

    ReplyDelete
  5. @ මධුරංග අයියා - ඔය පේනවා වගේ රවුම් දෙකක් ගෙනාවා..

    @ ගෝල්ඩ් ෆිෂ් - එහෙනම් ඉතින් " ගෙදර යන ගමන්ම " හොදට කන්න පුළුවන් වෙයි :P

    ReplyDelete
  6. @ සයුරි අක්කා - හි හි ඒක නේ..මුලදී ඉතින් මොනවත්ම හිතාගන්න බැරි උනා

    @ මාතලන් - බයිට් එකට... :O :O

    @ විසිතුරු - හිකිස්‌..නැත්නම් වෙන ජාතියක් ගෙන ඒමේ ප්‍රවණතාවක තියෙන්නත් තිබ්බනේ ;)

    ReplyDelete
  7. පොඩිහාමුදුරුවරු ගැන නම් වෙලාවකට හරිම දුකක් හිතෙන්නෙ.
    පළතුරු, රසකැවිලි වගේ දේවල් දානය විදියට පූජාකරාම හරිම සතුටින් බාර ගන්නෙ. එතැනදි හාමුදුරුවරු ආසාව අත්අරින්න ඕන කියාවි. ඒ වුනාට කුඩාවයසෙදි මහණවුනත් ඒ වයසේ තියෙන ආසාව අත්අරින්න තරම් බුද්ධිය මෝරලා නෑ නෙ. ඒ නිසා වරදක් කියන්න බෑ.

    ReplyDelete
  8. හයිය බටර් .. හික් හික් !!

    ReplyDelete
  9. ඉස්සර අපේ හාමුදුරුවොත් හයිය බටර් කාලද දන්නේ නෑ පිරිත් කිව්වේ..

    ReplyDelete
  10. වෙලාවට ඇහුවෙ, නැත්තං මල කෙලියයි වෙන්නෙ .....
    සිවුර දාගෙන හිටියට ඉතිං පොඩි හාමුදුරුගොල්ල තාම පොඩියිනෙ.....

    ReplyDelete
  11. එහෙමයි... කිව්වළු..මාත් අහලා තියෙනවා දැන් චතු මධුර වලට හයිය බටර් එකතු වෙලා කියලා..කාලයේ තාලය නොවෑ යාලු...

    ReplyDelete
  12. මොලේ තියන උපාසකයෝ ටිකක් නැත්නම් අනාතයිනේ.... පොඩි නමලට කියලා ගෙන්නොගෙන ලොකු නමල බලාගෙන උන්නෙයි

    ReplyDelete
  13. හිකීස්.. ඔය වගේ ප්‍රදේශීයව පාවිච්චි කරන වචන නිසා බොහෝම අලකලංචි වෙනවා !

    ReplyDelete
  14. හුහ් හූ.........................

    ReplyDelete
  15. මාත් ආසයි හය්ය බටර් වලට ක්‍රීම් ක්‍රෑකර් එක්ක මරු ....

    ReplyDelete
  16. මරු කතාව..ඒත් පොඩි අවුලක් තියෙනෝ..බටර් හයි උනාම ඔය චීස් වලට වැඩිය හයියයි නේ..???

    ReplyDelete
  17. @ RoshanHerath - පුංචි හාමුදුරුවෝ ඉතින් ඕව දන්න එකක්ද :) ඒක හින්ද ඉතින් එහෙමට පවක් වෙන්නේ නැහැ නේ

    @ හිස් අහස - හිකිස්‌ :D :D

    @ ඇනෝ - ඒක නමි ඉතින් ප්‍රශ්නයක් තමා..

    ReplyDelete
  18. @ කල්හාර අයියා - අම්බෝ ඔව් ඉතින් නැත්නම් ඉතින් වෙන දේවල් අරන් යන්නත් තිබ්බනේ ;)

    @ අසනී - ඉස්සර තමා චතු මධුර දුන්නේ :)

    ReplyDelete
  19. @ දේවා - හිකිස්‌..නැතුව නැතුව ඉතින්... ;)

    @ වෙනි - අයියට නම් නිකන් අත්දැකීමක් වගේ එකක් තියෙනවා වගේ...

    @ රාජ් - ;) ;)

    @ ගිම්හානි අක්කා - අපිත් ආසයි නොවැ..ක්‍රීම් ක්‍රැකර්ම ඕනද ඉතින් නිකනුත් හොදා

    @ ගිනි කුරුල්ලා - ඔව බන්..ඒ උනාට අපි ගෙනාවේ චිස්‌ ස්ල්යිසස්..

    ReplyDelete
  20. හයිය බටර්.. නියමායි.. හික් හික්..

    ජය..

    ReplyDelete
  21. ශා.... නියම නම. අනිත දවසෙ අම්මට කියන්න ඕන හයිය බටර් ගේන්න කියලා. කඩේට ගිහින් ඔහොම ඉල්ලුවොත් කොච්චර ලස්සනට තියේවිද???

    ReplyDelete
  22. he he.. happy cow cheese haiya nane

    ReplyDelete
  23. අපේ දානෙකදී හාමුදුරු නමක් ජොලි ඉල්ලුව.. මහත්තයෝ මටත් ඔය ජොලි ටිකක් බෙදන්නකෝ කියල.. හත්තිලව්වේ ඉල්ලලා තියෙන්නේ ජෙලි..

    ReplyDelete
  24. අඩේ, හයිය බටර්..... මරු.... :D

    ReplyDelete
  25. හැබැයි හැපි කව් චීස් වලටනම් හයියයි කියලා කියන්න බෑ. ෆ්‍රිජ් එකේ දාලා තිබ්බත් හයිය වෙන්නෙ නෑ.බටර් ෆ්‍රිජ් එකේ තිබුනොත් ඊට වඩා හයිය වෙනවා.

    ReplyDelete
  26. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... මමත් කැමති හයිය බටර්, ක්‍රීම් කැකර් එක්ක කන්න තමා.. මොනා වුනත් නියම කතාව.:)

    ReplyDelete
  27. "හය්ය බටර්".....හික්z

    ඇත්තද කියන්න නං දන්නෙ නැහැ. සමහර හාමුදුරුගොල්ලො, හොඳට වේලිච්ච කොප්පරා හීනියට කපල අරක්කු වල බස්සල තියනවලු අරක්කු ටික කොප්පරා වලට උරා ගන්නකන්. පිරිත් කියන වෙලාවට දැහැත් එක්ක පුවක් වෙනුවට ඒව හපනවලු.

    ReplyDelete
  28. හාමුදුරුවන්ගෙන් සුළුවට වළදන්න යමක් ඇහුවා කියපුවාමයි මේ කතාව මතක් වුණේ.... විහිළු කතාවක් කියලා කියමුකෝ මේක. අපහාස කතාවක් නෙමෙයි කියලා මුලින්ම කියනවා.......

    හවස පන්සලට ආපු දායක මහත්තයෙක් සහ හාමුදුරුවෝ අතර තමා මේ කතා බහ යන්නේ

    දායක මහත්තයා : "අවසර හාමුදුරුවනේ ගිලන්පසට යමක්, තේ වගේ"

    හාමුදුරුවෝ : එපා මහත්තයා

    දායක මහත්තයා : "කෝපි එකක් හාමුදුරුවනේ"

    හාමුදුරුවෝ : එපා මහත්තයා

    දායක මහත්තයා : "කොත්තමල්ලි එකක් හාමුදුරුවනේ"

    හාමුදුරුවෝ : නෑ එපා මහත්තයා

    දායක මහත්තයා අන්තිමට කිව්වා "හාමුදුරුවනේ අරක්කු ටිකක් සෝඩා එක්ක"

    හාමුදුරුවෝ : සෝඩා එපා මහත්තයා

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!