Thursday, January 5, 2012

මුදලාලිගේ ටිකිරි මොළේ

ඔන්න එක නගරයක සාර්ථකව බිස්නස් එකක් කරගෙන යන මුදලාලි කෙනෙක් ඉන්නවා.බුවා පවුලක් පන්සලක් එහෙම වෙලා තමයි ඉන්නේ.එක දවසක් මුදලාලිත් වෙනදට වඩා කලින් බිස්නස් වැඩ ඉවර කරලා ගෙදර යනකොට කඩේ වැඩ කරන සේල්ස් රෙප් බුවෙකුයි , මුදලාලි ගේ බිරිදයි ගෙදර සෝෆා එකේ පෙම් සුව විදිමින් ඉන්නවලු.දැන් ඉතින් මුදලාලිට අම්බානෙක කේන්තියිලු.ඒ උනාට මොකෝ ඉතින් ඒ බවක් පෙන්නනේ නැතුව බුවා හෙමින් ගේ ඇතුලට ගිහින්.

පස්සේ දවසක මුදලාලි තමන් දන්න ලෝයර් කෙනෙක් හම්බුන වෙලාවක මේ සීන් එක කියලා ලෝයර් ගෙන් උපදෙසක් ඉල්ලුවා.

ලෝයර් : ඔහොම මිනිස්සු ළග පාතකවත් තියාගන්න එපා මුදලාලි , ඔය සේල්ස් රෙප්ව අදම ගිහින් අයින් කරලා දාන්න.
මුදලාලි : අපෝ එහෙම කරන්න බැහැ ලෝයර් මහත්තයෝ..ඔය යකා නේ ඉතින් මගේ බිස්නස් වැඩ
ඔක්කොම බලා කියා ගන්නේ.ඔය යකා වෙන තැනක වැඩට ගියා කියන්නේ මගේ රහස් ඔක්කොම මාට්‌ටුයි කියන එක තමා.
ලෝයර් : එකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..එහෙනම් ඉතින් අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ ඉතින් මුදලාලීගේ නෝනා මහත්තයාව ඩ්වෝර්ස් කරන්න කියන එක තමා.දෙන්නට දෙන්නා විශ්වාස නැතිව ඉන්නත් බැහැ නේ
මුදලාලි : අපෝ ඒකත් කීයටවත් කරන්න බැහැ..ඔය ගෑණි තමයි මගේ බිස්නස්වලට ඔක්කොම සල්ලි දැම්මේ.එයාව ඩ්වොර්ස් කරා කියන්නේ ඉතින් මට ඔය සල්ලි ටිකත් දෙන්න වෙනවා කියන එකනේ ..මේ වෙලාවේ හැටියට ඒකත් කරන්න බැහැ.
ලෝයර් : ( මල පැනලා ) එහෙනම් ඉතින් ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ

කොහොම හරි ටික දවසකට පස්සේ මේ ලෝයර්ට මුදලාලිව හම්බුවෙනවා.

ලෝයර් : කොහොමද මුදලාලිගේ අර ප්‍රශ්නේ ?
මුදලාලි : ආ මම ඒක ව්සදගත්තා
ලෝයර් : හොදයි හොදයි මුදලාලි..මොකද කරේ සේල්ස් රෙප්ව අයින් කරාද ?
මුදලාලි : අපො නැහැ ඒ යකා අයින් කරලා කොහොමද..
ලෝයර් : එහෙනම් ඉතින් නෝනව ඩ්වෝර්ස් කරාද ?
මුදලාලි : අනේ නැහැ , මම කොහොමද එහෙම ඒකත් කරන්නේ
ලෝයර් : එහෙනම් කොහොමද ප්‍රශ්නේ විසදගත්තේ ?
මුදලාලි : මම සෝෆා ඒක විකිණුවා !!

ආදර්ශය - සෑම ප්‍රශ්නයකටම මතුපිටින් පෙනෙන පිළිතුරුවලට වඩා පිළිතුරු ප්‍රමාණයක් ඇත.

25 comments:

  1. 'රෙප් මහත්තය ' මොන විදියට කොමෙන්ට් කොරයිද දන්නෑ මේ පෝස්ට් එකට :-))

    ReplyDelete
  2. මුදලාලිගෙ ගෙදර ඇඳන් එහෙම නැතුවැති මයෙ හිතේ....:P

    ReplyDelete
  3. එයාලා සෝෆා එකෙන් එහාට යන්න නැතුව ඇති මං හිතන්නේ.. :)

    ReplyDelete
  4. අප්පට බොල.. ඔහොම ගිහින් ගිහින් අන්තිමට පොරට ගේ කඩන්න වෙයි නේ

    ReplyDelete
  5. ලොවෙත් නෑ!! පිස්සු හැදෙයි!! පට්ට මුදලාලියෙක් නොවැ :))) හික් හික් හික්....

    ReplyDelete
  6. මුදලාලි ඊලගට කරන්නෙ ඇස්දෙක අන්ධ කරගන්නඑක.

    ReplyDelete
  7. නෝනා විකුණුවා වගේ අදහසක් එන්නෙ නැද්ද??? හී හී... :D :D

    ReplyDelete
  8. @ ඔබා අයියා - රෙප් මහත්තයා ගැන මට නිකන් වත් මතක් උනේ නැහැ නොව.....

    @ කුබුවී - අනේ මම නම් ඕවා දන්නේ නැහැ :P

    ReplyDelete
  9. @ ඊ මේල් කවිකාරි - :D :D

    @ Dinesh - ඊළග ස්ටේජ් ඒක ගැන නම් නෝ-අයිඩියා.. ;)

    @ ක්සැන්ඩර් අයියා - පොරටැ එච්චර ඉවසන් හිටියේ නැහැ මම හිතන්නේ..

    ReplyDelete
  10. @ ජන්ජාලා චාමර , රාජ් , රහස් පරීක්ෂකයා - නෝනා විකුනලා ඇස් අන්ධ කර ගන්න ගියාද දන්නෙත් නැහැ :D

    ReplyDelete
  11. අන්න බුද්ධිමත් මිනිස්සු.රෙපලගෙන් ගැනු බේරන්න හරිම අමරුයිලු..

    ReplyDelete
  12. පෙම් සුව විදින්න සෝෆා නැතිවුනාට කොච්චර තැන් ගෙයක් ඇතුලේ හොයා ගන්න පුළුවන් නේ...

    ReplyDelete
  13. හික්.... හොඳ මොලෙ තියෙන මුදලාලි කෙනෙක්...

    ReplyDelete
  14. මුදලාලිගේ මොලේ තමා මොලේ කියන්නේ. හොදවෙලාවට සෝෆා එකේ ඔහොම උනේ. ඇඳේ එහෙම උනා නම් මුදලාලිට බිම තමා නිදාගන්න වෙන්නේ.

    ReplyDelete
  15. මුදලාලිට මුළු ගෙදරම විකුණන්න වෙයි එහෙනම් :)

    ReplyDelete
  16. හික් හික් මුදලාලි ගොන් බුරුවෙක්නේ :D

    ReplyDelete
  17. මුදලාලී හරී. නැත්නම් මුදලාලී පාරේ. රෙප් මුදලාලී වෙනවා...

    ReplyDelete
  18. මුදලාලි කෙනෙක්නේ!

    ReplyDelete
  19. හික් හික් මුදලාලියා එනකොට මේ දෙන්නා සොෆා එකට එනවලු..ඌ ගියාම ඇඳට යනවලු..පව් අහිංසක මුදලාලි....

    ReplyDelete
  20. සල්ලි තියෙනම් ගෑණි නැතත් කමක් නැහැ කියල හිතන්න ඇති.

    ReplyDelete
  21. අලේ සෝෆාවෙ විතරද හාමිනේ පෙම් පාන්නෙ???
    මුදලාලිට පෙම් පාන්නෙත් සෝෆාවෙද දන්නෙ නෑ.

    ReplyDelete
  22. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්..... මුදලාලිලාගෙ කොහොමත් බිස්නස් මොළයක්නෙ තියෙන්නෙ ;) ටිකිරි මොළේ පංකාදුයි!!!

    ReplyDelete
  23. මම මුදලාලිනම් කරන්නෙ හුරුබුහුටි සෙකට්‍රි කෙනෙක් ගන්න එක මුදලාලිගෙ සහයට .

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!