Wednesday, January 11, 2012

මම නම් ඔයාට කියයි

දැනට අවුරුදු 7 කට කලින් දැක්කට පස්සේ අද තමයි මම ඔයාව දැක්කේ.ඔයා වෙනස් වෙලා තියෙන තරම්.එදා අන්තිමට මම ඔයාව දැක්කේ මම ඒ/ලෙවල් ක්ලාස් යනකොට.ඒ කාලේ අපේ හිටපු හැම කොල්ලම ඔයාට තමයි ට්‍රයි කලේ.එහෙම නොවුනනම් තමයි නේ පුදුමේ.ඔයා ඒ හැමෝවම ගානකටවත් ගන්නේ නැතිව ඉන්න එක දැක දැක මම තනියම හිනාවේවි හිටියා.හැබැයි මගේ හිතේ ඔයාට කැමැත්තක් තිබ්බේ නැත්තෙමත් නැහැ.අනිත් අය වගේ ඔයාගෙන කැමැත්ත අහන්න මට හිතුන්නැත්තෙමත් නැහැ.

ඒත් අහම්බෙන් වගේ අද ඔයාව දැක්කම මාව මිට අවුරුදු ගානක් ඉස්සරහට ගෙනිච්චා වගේ කියලා තමයි හිතුනේ. වෙනදා වගේම ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා උනා.අන්තිමට දැක්ක දවසට වඩා ඔය ගොඩක් ලස්සන වෙලා.ළගට ගිහින් කතා කරන්න කොච්චර දේවල් තිබ්බත් ඒ ඔක්කොම මම මගේ හිතේ හිර කරගෙන හිටියා.මම ඔයාට කොච්චරක් කැමැත්තෙන් හිටියද කියලා ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ.ඒක හැමදාම මගේ හිතේ තියෙයි.මම නම් කියයි ඔයාට ;)

රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද
අප තනිවෙන්නේ
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ..... කිමද මා ගැන නොසිතන්නේ

39 comments:

  1. WTTTFFFFF ????????????????????

    ReplyDelete
  2. යකෝ ගිහින් ඒකිට කැමති කියලා කියපන්කො ,අනේ උබත් අම්මපා

    ReplyDelete
  3. :O :O :O :O :O

    //ඒක හැමදාම මගේ හිතේ තියෙයි.මම නම් කියයි ඔයාට ;)//

    පුහ්හ්හ්!!! මල සමයන්...:@ :@ අස්සයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලනම් වැඩක් නෑ අයියේ හොදේ???? අනේ මංදා.. මට හිතාගන්න බ්බෑ...මෙයාට මක් වෙලාද බොලේ මේ???

    මමනම් කියන්නෙ අයියේ...ඉක්මණට කියපිය!!!! :D ;)

    ReplyDelete
  4. මම නම් කියන්නෙ ඉක්මනටම ඔය අක්කට ආදරේ කියන්න කියලයි

    ReplyDelete
  5. යුවතියකට ඔබ ආදරෙ නම් ඒ බව පවසන්න....පැවසීමට අතපසු වේ නම්..ඇය ගැන නොසිතන්න..

    ReplyDelete
  6. යාළුවා.. ඕක හිතේ තියන් ඉන්න එක මහම මෝඩ කමක්.. මමත් ඔය මෝඩකමම කලා... ඒනිසා තව පරක්කු වෙන්න එපා..

    ReplyDelete
  7. @ yAka - I told you :P

    @ ඇනෝ - එහෙම කියන්න බැහැ බන්..පුළුවන්නම කියනවනේ :P

    @ හිතු - හිකිස්‌...../// .ඒකනේ මේ අස්සය‍ට යානං දීලා නිකන් හිටියේ..මේකැ ඩිස්ටන්ස් මෙව්වා එකක්.. ;)

    ReplyDelete
  8. @ හිම හංසි නංගි - හිකිස්‌..... දැන් නම පරක්කු වැඩි ලයින් එකක් තියෙන්නේ ;)

    @ සබිත් - අයියෝ සල්ලි ..ඕවා කියන්න එපා බන්..

    ReplyDelete
  9. ඕවගේ එවුවා පරක්කු කරන්න හොද නෑ. ගට අරගෙන කියලා දාහන් මල්ලි !

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා නිකන් මෙව්වා මෙව්වා වගේ ;)

      Delete
  10. ඔයා නොකිව්වා කියලා එයාට පාඩුවක් වෙයිද?....හික් හික්

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔහොම කියන්න එපා අක්කේ.. :D

      Delete
  11. ඔහොම ගියොත් නම් පෙරහැර යයි මල්ලි. ගට අරගන කියපන් ගොඩ යයි මල්ලි.

    ReplyDelete
    Replies
    1. ගොඩ යයිද උන් හිටි තැනුත් නතර වෙයිද දන්නේ නැහැ රෙප් මහත්තයෝ...

      Delete
  12. ඔන්න ඔහේ කියලා දාන්න අයියේ..

    ReplyDelete
    Replies
    1. බලමුකෝ බලමුකෝ නංගි :)

      Delete
  13. යුවතියකට ඔබ ආදරේ නම් ඇයට පවසන්න..
    පැවසීමට අතපසු වේ නම් ඇය ගැන නොසිතන්න.... :DD

    ReplyDelete
    Replies
    1. ඕක නිකන් දැන් ජාතික ගීය වගේ :D :D

      Delete
  14. අහපං බං "බෑ" කීවා කියලා උඹට නැති වෙඩ දෙයක් නෑ .. "හා" කීවොත් ලෝකෙම උඹගේ

    ගුඩ් ලක්

    ReplyDelete
    Replies
    1. හි හි..අලෙ සිරා කතාව :)

      Delete
  15. අප්පා..ගිහින් කියනවට වඩා හොඳයි ඔහොම දුක විඳින එක.... :) ගිහින් කියලා බැරිවෙලාවත් සෙට් වුනොත් එහෙම!!!! හුටාම තමයි!!!

    ReplyDelete
    Replies
    1. ඒ කනේ එතකොට කොහොමද මෙහෙම ඉන්නේ ;)

      Delete
  16. හිතේ තියං ඉඳලා නිකං දුක් විඳින්න එපා..ඉක්මනටම කියලා දාන්න.....

    ReplyDelete
    Replies
    1. හි හි..බලමු බලමු ඔක්කොම ඉස්සරහට තමා

      Delete
  17. ඇයි ආදරේ හිතේ හිර කරන් ඉන්නේ. ඒක මහ දුකක් නේද

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්ම්..එකනේ ගිම්හානි අක්කේ

      Delete
  18. අනේ ඔන්න ඕක කියලා දාන්න අනේ...

    ReplyDelete
  19. අහල නැද්ද අර කියමනක් තියෙන්නෙ "ගියොත් වචනෙ ආවොත් අලිය" කියල.

    ReplyDelete
    Replies
    1. ගියොත් ගියා..ආවොත් ගොඩ..කොහොමත් අපේ තියරිය නේ ;)

      Delete
  20. යට ලීයෙන් නාරිලතා මල් පුදිනවා.....!!!!!

    ReplyDelete
  21. අනේ මේ උඹට කියන්න බැරි නම් මට කියපන්....මමයි, යකයි ගිහින් වැඩේ කරලා දෙන්නම්...

    ReplyDelete
  22. කියාපන් මල්ලියේ.. හිතේ හිරකරන් ඉන්න එක මහා බරක් නේ..

    ReplyDelete
  23. අපොයි ඔවු කියන්ඩ නම් එපා..තව උඩ යයි බං

    ReplyDelete
  24. මටක් ඔය වගේ වෙලා තියනවා....

    ReplyDelete
  25. මම නම් කියයි :P ,. කිව්වත් දුක අපිට නොකිව්වත් දුක අපිට, ඔන්න ඕක කියලා දැම්මනං හරි අප්පා

    ReplyDelete
  26. ටිකක් මොළේ පාවිච්චි කරලා එයා ඔයාට කැමතිද කියල දැන ගන්.එහෙම නැත්නම් කැමති කරව ගන්න try එකක් වත් දීපන්.නැතුව ඕක අහන්ට ගිහින් මානසිකව වැටෙන්ට යන්නෙ නැතුව...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!