Sunday, January 29, 2012

මල්ලි යන්න මල්ලි අවුලක් නැහැ

මේ සීන් එක උනේ අපේ ඉස්කෝලේ බුවෙක්ට.ඒ/ලෙවල් කරලා ඉවර උන ගමන්ම වගේ පොරට පොඩි  ජොබ් එකක් සෙට් උනා.ඔහොම අවුරුද්දක් දෙකක් ඉන්නකොට බුවා ගත්තා මදුරුවෙක්ව.දැන්නම් ගණන් උනාට ඉස්සර මදුරුවෙක් එච්චරම ගණන් නැහැ නේ.මතක විදියට බුවා ගන්නකො‍ට 30 වගේ තමයි උනේ.

දවසක් යාලුවෙක් හම්බුවෙලා කරන්න තිබ්බ හදිසි වැඩක් බුවාට සෙට් උනා.කොළඹට තමයි යන්න තිබ්බේ.බුවත් ඉතින් මදුරුවාගේ පිටේ නැගලා ගමන යන්න ගියා.දන්නවනේ ඉතින් කොලඹ ට්‍රැෆික්.මදුරුවෙක් නෙවෙයි , මැස්සෙක්ගේ පිටේ උනත් යන්න බැහැ.බුවත් ඉතින් එහෙන් මෙහෙන් අස්සෙන් දාලා යන්න ගියා.ටික දුරක් යනකොට ඉන්ග්ලිෂ් නම්බර්ස් තියෙන මොන්ටෙරෝ එහෙක මේ මදුරු රාජයා හැප්පුනා.අපරාදේ කියන්න බැහැ මොන්ටෙරෝ එකේ පිටිපස්සේ ලයිට් එක කුඩු.බොඩි එකත් ලාවට වගේ හිරිලා.මොනවා කරන්නද අපේ බුවත් පාරේ පැත්තකට කරලා වාහනේ නැවැත්තුවා.

මොන්ටෙරෝ එකේ ඩ්‍රයිවර් දොර අරගෙන එළියට එනවා දැන් බුවාට පේනවා.වැරැද්දත් තමන්ගේ හින්දා ඉතින් මොකුත් නොකියා ඉන්නවා කියලා බුවා හිතාගෙන හිටියා.අපේ බුවා හිටියේ රබර් දෙකක් දාගෙන ඩෙනිමක් ඇදගෙන.ඩ්‍රයිවර් ඇවිත් බුවා දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා.

පොඩ්ඩක් ඉන්න මම මහත්තයට කතා කරලා එන්නම්  කියලා ගියා.

දැන් අපේ බුවාට තව අප්සෙට්.ඇමති , මන්ත්‍රී කෙනක් ද දන්නෙත් නැහැ නේ.මොනවා උනත් හිතට හයිය අරන් ඉන්නවා කියලා හිතාගෙන හිටියා.ඔන්න එතකොට ඉස්සරහා දොර ඇරගෙන අයිති කෙනා එනවලු.

අයිතිකාරයා : මල්ලි පාර බලාගෙන එලවන්න එපැයි..
බුවා : ඔව් සර් , මම හරියට දැක්ක නැහැ වාහනේ එනවා
අයිතිකාරයා : මල්ලිට තුවාලද ?
බුවා : නැහැ නැහැ සර්..ප්‍රශ්නයක් නැහැ..
අයිතිකාරයා : කෝ මල්ලි ගන්න බලන්න ලයිෂන් ඉන්ෂුවරන්ස් එහෙම
මදුරුවොන්ට මොන ලයිසන් , ඉන්ෂුවරන්ස් ද
බුවා - මේවා ඉන්ෂුවරන්ස් කරලා නැහැ සර්
අයිතිකාරයා : ඔයා කොහෙද වැඩ කරන්නේ ?
බුවා : මම **** වැඩ කරන්නේ
අයිතිකාරයා : මාසෙකට කියක් විතර හම්බුවෙනවද ?
බුවා : වැඩිය නැහැ සර් , 10,000 විතර තමයි ලැබෙන්නේ
අයිතිකාරයා : ( ටිකක් වෙලා කල්පනා කරලා ) මල්ලි යන්න මල්ලි..අවුලක් නැහැ..මම ඔයාගෙන් මගේ ලයිට් එකයි ඉතුරු ටිකයි හදන්න සල්ලි ගත්තොත් ඔයාට අඩුම ගානේ මාස 2-3 වත් සල්ලි දෙන්න වෙනවා එහෙම නැත්තම් ඔය බයිසිකලේ විකුනන්න වෙනවා..ඒක හින්දා මල්ලි යන්න.

අපේ බුවා ඉතින් ඊට පස්සේ මදුරුවාගේ පිටේ නැගලා ගියපු වේගේ කියන්න ඕන නැහැ නේ.

52 comments:

  1. හිතක් පපුවක් තියෙන පොරක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා..පොර මොකක්ද කම්පැනි එහෙක ලොක්කෙක් ලු..

      Delete
  2. මෙහෙම මිනිස්සුත් ජීවත් වෙනවා ලෝකේ..ඒ වගේම මෙහෙම දේවල් නොහිතා සක්කිලි වැඩ කරන අයත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ජාති දෙකේම ඉන්න අය හින්දා මේ ලෝකේ එක වගේ නැද්දේ මචන්

      Delete
  3. එළ පොරක්!

    ReplyDelete
  4. තව දෙක් තුනක් හප්පන්න එපාය..

    ReplyDelete
    Replies
    1. එහෙනම් බුවා තාමත් අලාභ ගෙවනවා...

      Delete
  5. මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි , කොහොමටත් වාහනේ ෆුල් ඉන්ෂුවරන්ස් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. එහෙනම්..මොන්ටෙරෝ එකක් නේ...ඒ පැත්ත ෆුල් ඉන්ෂුවරන්ස් තමා..

      Delete
  6. ඔහොමත් මිනිස්සු ඉතින් ඉඳල හිටලා ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ..මේ වැඩි ඈතක නෙවයි..ළගකදී නේ උනේ..

      Delete
  7. Replies
    1. නොමිනිසුන් අතර මිනිසෙක් !

      Delete
  8. ඔය ලොකු ලොකු වාහන වල යන ලොකු ඈයෝ ළඟත් මනුස්සකම ඉතුරුවෙලා තියනවා එහෙනම්......

    ReplyDelete
  9. මේ ලෝකේ තාමත් මෙහෙම මනුස්සකම් දන්න මිනිස්සු ඉන්නවා කියලා අහන්නත් සතු‍ටුයි...

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. නැත්තම් අපේ බුවා තාම ලයිට් එකේ සල්ලි ගෙවනවා..

      Delete
  10. ඇත්ත ඔය වාහන ලයිට් හරි ගනන්

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..වාහනේ හැටියට නේ ඔවාගේ ගණන්

      Delete
  11. මොනවා උනත් හොද මනුස්සයෙක් වගේ.. වෙන කෙනෙක් උනානම් ඉතින්??

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් බඩුම තමයි..හිකිස්‌....

      Delete
  12. හික් හික් මදැයි ඔයිං ගියා..

    ජය...

    ReplyDelete
    Replies
    1. අඩේ කොහෙද බන් මෙච්චර කල් අතුරුදහන් වෙලා හිටියේ...

      Delete
  13. හික් හික්..මදැයි ඔයිං ගියා...

    ජය...

    ReplyDelete
  14. මල්ලී වගේ හිටපු නිසා බේරුණා..අයියා වෙන්න ගියා නම්.. වැඩේ අනාගන්නවා.. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා..ඔය අයියා පාට් දැම්ම කියන්නේ ඉතින් වැඩේ නා ගන්නවා කියන එක නේ..

      Delete
  15. සල්ලි කාරයෝ ඔක්කොම ජරා යක්කු කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න වටින කතාවක්! ඒවාඅයෙ යන ගොඩක් මිනිස්සු දවසක අපි වගේම ඉඳලා තමන්ගේ මහන්සියෙන් ඉහලට ගිය මිනිස්සු! අපි කරන්න ඕන ඒ මිනිස්සුන්ට ඉරිසියා නොකර අපිත් කවදා හරි ඒවගේ වාහනයක යන්න පුලුවන් විදිහට වැඩ කරන එක!

    ReplyDelete
    Replies
    1. අන්න හරි මචං...අපේ එවුන් ඉතින් කොරන්නෙම ඕකේ අනිත් පැත්ත නේ..

      Delete
  16. හොද මනුස්සයෙක්නෙ.. කොහොමටත්, සල්ලිකාර, පෝසත් උදවිය වුනත් මනුස්සකම් දන්න, කරුණාවන්ත, සාදාරණ උදවිය ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මිනිසුන් විව්ධාකාරයි නේ හිතු...

      Delete
  17. එලටික් බුවෙක් !!
    වෙන එකෙක් එහෙම සෙට් උනා නම් වාහනේ තියෙන අනිත් ලෙඩ වලටත් ගානක් කපා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌....,,,බුවා හොද කෙනෙක් හින්දා වැඩේ ශේප් උනේ..

      Delete
  18. වාහනේ අයිතිකරුJanuary 29, 2012 at 8:40 PM

    මට ඒ පොඩි එකා පඩිය ගැන කිව්වම ගොඩක් දුක හිතුනා...ඒකයි සල්ලි ගත්තේ නැත්තේ...අනික 30,000ක් කියන්නේ මහා ලොකු ගානක් ද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ...30,000 මොනවද බන්..

      Delete
    2. අඩෝ මේ 'බන් බන්' කියන්ඩ එන්ඩ එපා හරිද? පව් කියල යන්ඩ ඇරියම ගෝනි නැතුව කරේ නගින්ඩත් එනවද ඒ පාර?

      Delete
  19. ඉඳල හිටලා හරි මේ වගේ වාහන වලින් හිතක් පපුවක් තියෙන කෙනෙක් බහින එක සතුටට කරුණක්.මම දැකපු එක දෙයක් තමා මේ ලෝකේ.උප්පත්තියෙන් සල්ලි තියෙන කෙනෙකුට වඩා අමුනුස්ස ගති තියෙන්නේ පස්සේ කාලෙක පෝසත් උන අය ළඟ.ඔය ඇමති මැති ලත් එහෙමනේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ පුංචි කුමාරහාමි අළුත් සල්ලිකාරයෝන්ගේ අලි ඔලුව කියන්නේ..උත්පත්තියෙන් සල්ලි තියෙන අයගේ මහ උද්ධච්ච කමක් නැහැ...

      Delete
  20. හි හි....හරි ආදර්ශවත් මනුස්සයෙක්...සිරාවටම...ඔහොම මිනිස්සුත් රටේ ලෝකේ ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා..හිත හොද මනුස්සයෙක්..

      Delete
  21. ෆුල් ඉන්ෂුවරන්ස් තියාගෙනත් හප්පපු එකාගෙන් ගානක් කඩාගන්න ට්‍රයි කරන මේ රටේ ඔහොම දේවලුත් ඉදලා හිටලා හරි වෙනවානේ.. හැබැයි ඔතන අයිති කරු නැතිව ඩ්‍රැයිවර් විතරක් හිටියනම් මේ කතාව මේ විදියට ලියන්න වෙන්නෑ මල්ලී... ඒකනම් 500%ක් ෂුවර්.. :D

    පඩිය ගැන කියලා ගැළවෙන්න පුළුවන් කියලා යාළුවා මොන්ටෙරෝ වල හප්පන එක විනෝදාංශෙකට එහෙම ගත්තෙ නෑ නේ...:D

    ReplyDelete
    Replies
    1. සිරාවට..එහෙනම් මේක වෙනස් විදියකට තමයි නාකි අයියේ ලියවෙන්න වෙන්නේ..කොහොමත් ඔය ලොකු වාහන එලවන අයගේ ඔලුව වැඩියි නේ අයිති අයට වඩා...

      නෑ නෑ පොර දැන් හෙන පරිස්සමෙන් යන්නේ :D

      Delete
  22. සමහර සල්ලි කාරයෝ ලඟ මනුස්ස කම් තියනවා ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සදරු..සල්ලි කියන්න ජීවිතයේම නෙවයි කියලා එයාල දන්නවා.. :)

      Delete
  23. හික් හික් මදුරුවෝ 10 මරන්න වෙනවා හරියට ගාන හැදුවනං.......

    ReplyDelete
    Replies
    1. පොර එහෙනම් තාම මදුරුවෝ මරණවා.. :D

      Delete
  24. මෙහෙම මිනිස්සුත් ඉන්නවා...

    ReplyDelete
  25. අන්න නියම මිනිස්සු.....

    ReplyDelete
    Replies
    1. අන්න නියම සල්ලිකාරයෝ.. :)

      Delete
  26. අහන්නත් ආසයි මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා...

    ReplyDelete
  27. හිතක් පපුවක් තියෙන, හොද මනුස්සයෙක්. අනිත් කෙනා ගැන එහෙම හිතුවා කියන එකත් පුදුමයි.

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!