Friday, March 2, 2012

ක්‍රිකට් - විමසුම

අපේ කොල්ලෝ කවදත් රජ වැඩකාරයන්ය.ඒ වග අපි දැන ගත්නේ අද ඊයෙක නොව මිට වසර තුනකටත් පෙරදීය.ඒ රුදුරු ත්‍රස්‌තවාදය විනාශ කිරීමට තොප්පිගල මහා කෑලෑවල අපේ රජ කොල්ලෝ දිවි නොදෙවැනි කොට ස‍ටන් කරන සමයේය..කොටින්ම ඕන ගොනෙකුට යුද්ධ කරන්නට පුළුවන් කියා විපක්ෂය පවසද්දීත් අපේ කොල්ලෝ එකා මෙන්ම සටන් කළහ.

එහෙව් පරපුරකින් පැවත එන අපේ කොල්ලන් සි.බි කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය විය.පැරදුනාට කම් නැත.මන්ද පැරදුනේ අපේ ලොකු අයියට වන හෙයිනි.ඕනම පවුලක සිදුවනවා මෙන් අයියා , නගෝ ප්‍රශ්න අප රටවල් අතර ඇත.නමුත් පවුලේ ප්‍රශ්න පිටතට නොදිය යුතුය , පවුලේ දේවල් විසදීමට එහා ගෙදර මිනිහා අනවශ්‍ය.

මේ පරාජය බංකොලොත් දේශපාලන ඇසෙන් බැලීමට හැමදාම මෙන්  අපේ රටේ විපක්ෂය මෙවරද සුදානම් විය.ජිනීවාහිදී සම්මත වීමට නියමිත යෝජනාවෙදී අපිට සහය ලබා ගැනීමට අපි පැරදුන බවට ඒ බංකළොත් පක්ෂ පවසයි.එය එසේ වුවත් වරදක් නැත.මේ රටේ නමට පමණක් සිටින විපක්ෂයකට වඩා ඉන්දියාව මේ කරුණේදී අපි සමග එකට හිටියි නම් එය අපට හයියකි..චුටි නංගි අතින් වරදක් වුවාට , පවුලෙන් නෙරපා දමන සිරිතක් නැත.මේ කාරණා 'අලිමංකඩ කියා පාමංකඩ' යන අයට නොතේරෙයි.

එක පිට එක ජන්ද පරදින පක්ෂයකට අනුව නම් මේ පරාජයත් ලෝක කුසලාන අවසාන තරගයත් අතර සමානකමක් පවතියි.ඔවුන්ට අනුව ලෝක කුසලාන අවසන් තරගයත් අපි ඉන්දියාවට දිනන්නට දී ඇත.මේ තරගයත් ප්‍රසාද ලකුණක් සමග දිනන්නට දුන්නේ මානව හිමිකම් ප්‍රශ්නයට ඉන්දියාවේ සහය අවශ්‍ය නිසා බව ඔවුන් පවසයි.ඔවුන්ට අපිට දීමට ඇත්තේඩ ඉහත පිලිතුරමය.එනම් අප මේ කතාකරන්නේ ඉන්දියාව ගැන මිසක් ඇමරිකාව ගැන නොවන බවය.අප පැරදුනේ ඇමරිකාවට නො‍වන බවයි.ඒ නිසා පැරදුනාට හිතට දුකක් නැත. පැරදී ඇත්තේද අපේම කෙනෙකුටය. ඒ නිසා හිතේ සතුට ඇත.ඒ සතුට මේ රටේ සියලු දේශප්‍රේමී ජනයාට දැනෙනවා ඇත...

අදත් විමසුම පිටපත මිහින්ඩ අසෙබුන්දර ගෙනි....

37 comments:

  1. ඔරිජිනල් එකා මලත් වැඩේ කරගෙන යන්න පුලුවන් එක් කෙනෙක් හරි ඉන්නවා කියලා පරාධීන රූපවාහිනියට සතුටු වෙන්න පුලුවන් ..

    ReplyDelete
  2. ඔන්න ඔන්න ඕකනේ කියන්නේ...කොහෙද බන් මේ ටිකේ හිටියේ උබත් ජිනීවා ගියාද

    ReplyDelete
  3. Replies
    1. අඩේ උබත් ඇවිදින් නේ..හිකිස්‌..

      Delete
  4. උඹව තෝරගනී අරූ මැරුණ දවසට. ලැහැස්ති පිට ඉදපං.

    ReplyDelete
    Replies
    1. ආයි මොනාද හම්බ උනොත් එළකිරියට කරනවා.. :P

      Delete
  5. අද ඇත්තේ බංකොලොත් විපක්ෂයක් හා පක්ෂයක් නැති උන් රෑනකි. උන් ඉතින් අර ගිලෙන මිනිහාට පිදුරු ගහත් සැපයි තියරියෙන් කඩේ යයි. ඔය තියරිය හින්දා අද රටේ විරුවෙක් වූ ජෙනරාල් තුමා හිරබත් කන්නේද උන් ටිකට පින් සිදුවන්නටය. රනිල් හා ජෙප්පන් එකතුවූ කාලයක් තිබ්බෙම නැති නයි වයිරෙන් හිටි යුගය නිමා කරමින් සෝමවංශ හා රනිල් එකම වේදිකාවකට ආවේ ජෙනරාල් තුමාට ලන්නක් දී කඩේ යැවීමට බව අද අමුතුවෙන් කියන්න ඕනේ නැත, ඉතින් එහෙව් විපක්ෂයක් හා පක්ෂයක් නැත්තන්ගෙන් මෙහෙව් ප්‍රකාශ නිකුත් වීම පුදුමයට කරුණක්ද නැත.

    ReplyDelete
    Replies
    1. රනිල් සෝමවංශ දීපු ලණු කැවේ ජනරාල් තුමා බබාද? මෙච්චර හොරකම් වෙන රටේ බැටරි කැලි හොරක් කලා කියලා කුදලගෙන ගිහින් ජෙනරාල්ව හිරේ දැම්මේ රනිලද ? අනේ යකෝ !

      Delete
    2. ඒ උනාට රජෙක් වගෙ ඉන්න තිබුන මිනිහෙක්ව තමන්ගෙ දෙශපාලන බංකොලොත්බාවය වහගන්න ඒ රජවගෙ මිනිහගෙ හෙවනැල්ලෙන් රජවෙන්න හීන මවපු ගොං හරක් ටිකක් එකතුවෙලා. මෙ දෙශපාලන මඩවලට තල්ලුකලේ කවුද. ඔය දෙශපාලන මඩ ගොඩට වැටුන හැමෝටම උනෙ ඕක තමා. තමන් ජනප්‍රිය උන මාධ්‍ය පැත්තකට දාලා ඔය මඩ වල ලඟට යන හැමෝටම වෙන්නෙ ඕක තමා උදා, ජනරාල් තුමා, අර්ජුන , සනත් , අර හාමුදුරුවරුටික, පබා , තව ලියනවනම් සෑහෙන්න ...

      Delete
    3. ඔය ලිස්ට් එකට සනත් අන්කලුත් ළගදීම එයි මම හිතන්නේ..

      Delete
    4. අනුන්ගේ දේශපාලන බංකොලොත් කම් වහන්න ආවේ මොකටද ? බලෙන් ඇදෙගෙන ඇවිත් දැම්මේ නැහැනේ ස්වකැමැත්තෙන්ම ඉල්ලුවා මිසක් . අනික් අය වගේම කැමැත්තෙන් මඩ ගොඩට ආව මිසක් කවුරුවත් තල්ලු කල එකක් නෑ ,

      රජ වීම කෙසේ වෙතත් තානාපති කමක් කොරගෙන ඉන්න නම් හැකියාව තිබුනා , රජ වෙන්න ට්‍රයි නොකර එහම හිටියා නම් රනිල් වෙනත් විකල්පයක් හොයාගනියි . ෆොන්සේකා මහත්තයට අද හිරබත් කන්න වෙලා තියන එකට තර්කානුකූල හේතු දෙකයි තියෙන්නේ

      01) ආණ්ඩුව කියන විදිහට ඔහුගේ ක්‍රියාකලාපයේම තියන වැරැද්ද
      02) ආණ්ඩුවේ දේශපාලන පලිගැනීම්

      ඔය දෙකෙන් එකක් පිලිගන්න බැරුව මහින්දවයි , සරත්වයි දෙන්නම හොඳ කරන්න ගිහින් අහක ඉන්න රනිල්වයි සෝමවංශයි පතුරු ඇරල වැඩක් නෑ , ෆොන්සේකා බෑ කිව්ව නම් සෝමවංශ සරත් එන් සිල්වා ව අල්ලගනියි , රනිල්ට ඉල්ලං කන්න ට්‍රයි කරපු එස් බී ව දාල නිකා ඉඳයි

      Delete
    5. බුවා
      දාන්න 5ක්. මේක තේරෙන්නෙ නෑ හැමෝටම.

      Delete
  6. සිරා කතාව !

    ReplyDelete
  7. ඇත්තරම එහෙම කිව්වනම් ඌ ක්‍රිකට් දන්නේ නැති ගොනෙක්..

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඌ ක්‍රිකට් දන්නෙ නෑ තමා

      Delete
    2. එහෙම කිව්වේ නෑ බන් අයියේ...මේ මගේ විකාරයකි...
      කොහොමත් පොර ක්‍රිකට් දන්නේ නැත..ඒකනේ එකපාරක් නොදන්නා දේවල් ගැන කියන්න ගිහින් නාගත්තේ..

      Delete
  8. දේශපාලන කතාවක්ද මන්දා. ක්‍රිකට් සහ දේශපාලනය.. අකමැතිම විෂයයන් දෙකක් නිසා මුකුත් නොකියමි :)

    ReplyDelete
    Replies
    1. හිකිස්‌.....,,,ඒ උනාට ඉතින් කලටි-පොල් වලත් තියෙනවනේ හාස්‍ය රසය :D

      Delete
  9. ඔය වර්ල්ඩ් කප් පැරදුන වෙලාවේ අපේ එකෙක් ඔය කතාවම කියලා මේ මෑතක් වෙනකම්ම උගෙයි මගෙයි ඇයි හොදයියට කොමාවක් තියන තැනටම වැඩ සිද්ධවුනා. අනික ඕක ක්‍රිකට් වලටම විතරක් අදාල දෙයක් නෙමෙයි.. මොකෙක්ට හරි හයියෙන් වාතයක් පිට වුනත් ඒකටත් දේශපාලන හේතුවක් හදාගන්න අපේ එවුන් දක්ෂයි..
    මාතලන් කියලා තියෙන කතාවම තමා මටත් කියන්න තියෙන්නේ..

    ReplyDelete
  10. අද නම් රෙදි පැක් කරගෙන කෝලි ඇතුලු බුවාල සෙට් එක එන්න ඇති මයෙ හිතේ.....දේශපාලනෙ අරහං.......

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කස්ටිය දැන් පැක් කරනවා ඇති..

      Delete
  11. ම්ම්.. මටත් හිතාගන්න බෑ..ක්‍රිකට් සහ දේශපාලනයට මගේ කැමැත්තක් නැත...^_^

    ප.ලි- ලොග් වෙන්න කම්මැලියො!!

    ReplyDelete
    Replies
    1. අපෝ ක්‍රිකට්වලට ආස නැද්ද ..වැඩක් නෑ :P

      Delete
  12. එල එල.. හැමදාම දැන් විමසුම ලියන්න චම්මාට එන්න කියාවි..

    ReplyDelete
    Replies
    1. අනේ බුදු සන්තෝ..කඩේ යන වැඩ නම් අනවශ්‍යයි..හිකිස්‌...

      Delete
  13. එල මචෝ..... වීඩියෝ ක්ලිප් එකකුත් දාන්න තිබ්බේ.... වැඩිය මහන්සි වෙන්න ඕනෙත් නැහැ නේ .. ITN එකේ යන විමසුමම දැම්මහම ඇති ..... හැමදාම එකමනේ යන්නේ... :පි

    ReplyDelete
    Replies
    1. අඩේ ගුඩ් අයිඩියා...ඊළග එකට බලමු :P

      Delete
  14. ඔයා දන්නේ නැතිවුනාට චම්මා ලෝක කුසලානය පැරදුනේ NANO කාර් 500ට එකේ නඩුව තාම රහසිගතව උසාවියේ යනවා..ඔය බංකොලොත් විපක්ෂයේ අයත් ඕක දන්නවා...නමුත් මුකුත් කියන්නේ නෑ...අන්තිමට ඔය දේශපාලනය නිසා මෝඩ වෙලා තියෙන්නේ කව්ද කියල දැන් ඔයාට තේරෙනවා ඇති නේ??????

    ReplyDelete
    Replies
    1. O_O කිසිදු අයිඩියාවක් නැත ඒ ගැන නම්..

      Delete
    2. ඔයා දන්නේ නැති දේවල් කොච්චර තියෙනවද?

      Delete
  15. ක්‍රිකට් මාගේ ප්‍රියතම ක්‍රීඩාවයි... :D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ හැමෝගේම ප්‍රියතම ක්‍රීඩාව නේ ශානි ... ජාතික ක්‍රීඩාව වගේ තමා ඉතින් :D

      Delete
  16. ඉන්දියාව ලොකු අයිය කියල බැරි වෙලාවත් හිතන්න එපා, බිග් බ්‍රදර් පාට් එක ඇක්ට් කලාට...

    ReplyDelete
  17. මේ කාලකන්නි ඉන්දියාව ලගින් අපේ රට තියන නිසා කවදාවත් උන් අපිට රටක හැටියට තීරණයක්‌ ගන්න දුන්නේ නැ. ඒ කාලේ ඉදන් හැම මගුලටම බලපෙම් කරපු එකමයි කරේ. උන් කොහොමද යකෝ අපේ ලොකු අයියා වෙන්නේ.

    ඔය කාලකන්ණි මහින්ද අබේසුන්දර කියන දේශපාලන වන්දිබට්ටට කවදා ඕව තේරෙයිද...
    ඔන්න අපේ ජේෂ්ඨ මාධ්‍යවේදීන් කියාගන්න උදවියගේ වැඩ.

    ජයවේවා

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!