Sunday, March 4, 2012

ක්‍රිකට් - අතුරු කතා

අදත් කතාව ක්‍රිකට් ගැනම තමා.මේ සතියේ ක්‍රිකට් ගැන ලියපු දෙවනි පොස්ට් එක තමා මේක.ක්‍රිකට් ගැන ලියපු විමසුම පිටපත කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.මේ දවස්වල පාන් , භූමිතෙල් , මානව හිමිකම් වගේම හොට් හොට් මාතෘකාවක් නේ කිරිකට් කියන්නේ. කාලයක් තිස්සෙම මැච් පැරදුන අපේ ක්‍රිකට් ටීම් එක මහේලගේ අලුත් නායකත්වයත් එක්ක ටිකෙන් ටික ජයග්‍රාහී මාවතට එනවා වගේ පේනවා.

මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන සි.බි කුසලානය පටන් ගන්නකොට ලංකාවේ ටීම් එක හිටපු තැනත් එක්ක බලනකොට අපි අද ෆයිනල් එකට ආපු එකම ලොකු දෙයක්.අවුරුදු ගානක් තිස්සේ ලෝක ශුරයෝ එතකොට වර්තමාන ලෝක ශුරයෝ ( නමට හරි ) , අනුශුරයෝ සෙල්ලම් කරන මේ තරගාවලිය කොහොමත් උණුසුම් තමා.

මේ සිරිස් එකේ අන්තිම හරියේ තිබ්බා ඉන්දියා - ශ්‍රී ලංකා මැච් එක කට්ටියට මතක ඇති නේ.ඒ මැච් එක ලංකාව දින්නොත් ඉන්දියාව‍ කෙලින්ම ගෙදර , ඉන්දියාව දින්නොත් ( බෝනස් ලකුණක් ) එක්කම එයාලට තරගාවලිය ගැන තවදුරටත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් තත්වයක් නේ තිබ්බේ. ඔය මැච් එකේ අපි මුලින්ම බැට් කරලා 320 ගැහුවනෙ.දැන් අපේ කට්ටිය ෆුල් සතුටින් නේ හිටියේ , මැච් එක අත උඩින්ම දිනුම් කියලා. ඒ උනාට ඉතින් පස්සේදී උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් නේ. ඉන්දියාව කිසිම ගේමක් නැතිව 320 ලබා ගත්තා විතරක් නෙවේ බෝනස් ලකුණත් ගත්තා. විරාට් කෝලි 100කුත් ගැහුවා.

දැන් ඒක නෙවයි ප්‍රශ්නේ.කෝලි එකපාරට කොහොමද මෙහෙම ෆෝම් උනේ කියන එකයි.මොන දේකට උනත් ඉතින් උත්ප්‍රේරනයක් ( Motive ) එකක් තියෙන්න ඕන නේ. නැත්තම් ඉතින් ඕන දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේ.. ඔන්‍න‍ ඕකට උත්තරේ බුකියේ ෂෙයාර් වෙලා තිබ්බ මෙන්න මේ පින්තුරේ තියෙනවා..

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔහොම කියනවනම් ඉතින් මොකාද ෆෝම් වෙන්නේ නැත්තේ මං අහන්නේ.. හැබැයි හොදම හරිය එන්නේ දැන්. ඔය මැච් එකට පස්සේ තිබ්බනේ ශ්‍රීලංකා - ඔස්ට්‍රේලියා තරගය.එකෙන් ලංකාව දින්නොත් අපි ෆයිනල්ස් යනවා ( ඉන්දියාව ගෙදර යනවා ) , පැරදුනොත් ඉන්දියාව ෆයිනල් යනවා ( අපි ගෙදර එනවා ) සීන් එකක් නේ තිබ්බේ. අපේ කොල්ලෝ කොහොමහරි ඔය තරගේ දින්නනේ.දැන් ඉතින් අර කලින් පින්තුරේ හිටපු ගෑනු ළමයි දෙන්නට හිතෙන්නේ ඇති නේ , "කලින් දීපු ඔෆර් එක දීලා වැඩක් නෑ " කියලා.ඒ හින්දා එයාලා ඒක අයින් කරගන්න ඇති. අනේ අසරණ කෝලිට මොනවා හිතෙන්න ඇති නේද එහෙම උනා නම්.. ඔන්න ඕකට උත්තරෙත් තිබ්බේ මෙන්න මේ විදියට.

[පින්තුරේ ඉස්සුවේ බුකියෙනි]

ඔය අස්සේ ඉන්දියාවේ ගීත දර්ශවලට ( Chat List ) වලට මේ දවස්වල සිංහල සින්දුත් අහුවෙලා කියලයි කතාව යන්නේ. මේ දවස්වල පලවෙනි තැන තියෙන්නේ " ගහන්න එපා පොඩි දෝනි ට - බනින්න එපා " කියන සින්දුව.ඊළගට තියෙන්නේ " පුංච් දෝනි තරහා වෙලා " කියන එකලු.බලන්න නේ මැච් එහෙකින් කරන්න පුළුවන් දේවල්.

ඊළග එක තිබ්බෙත් බුකියෙමයි.මේක දාලා තිබ්බේ අපේ තුලන අයියා.IPL ගියපු අපේ සමහර ඈයොන්ට වදින්න තමා දාලා තිබ්බේ.හිතට වදින්නම දාලා තිබ්බ මේ දේ මට නම් සියට සියක්ම ඇත්ත.මෙන්න මේක තමා දාලා තිබ්බේ.

"Match එකක් තිබ්බම Office වල වැඩ නවත්තල Online Match බලන මිනිස්සුයි, පාරෙ යන ගමන් කඩේක දාල තියෙන TV එකකට ඔලුව ඔබල cricket match එක බලන මිනිස්සුයි, TV නැතත් වෙළඳ සේවයෙන් ඈපාසිංහගේ අතිශෝක්ති විස්තර විචාරය අහන මිනිස්සුයි, 6ක් ගැහුවත් Facebook එකේ Status Update එකක් දාන Cricket වලට ආදරේ කොල්ලොයි Match එකක් පැරදුනාම හදවතින්ම දුක් වෙන හැටි දන්නවා නම් සල්ලි වලට CRICKET ගහන එක අද ඉදන්වත් නතර කරපල්ල !"

හරි අදට ක්‍රිකට් ගැන එව්වා ඉවරයි..ඔන්න තවත් මේ වගේ අපුරු දේවල් එහෙම තිබ්බොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.

37 comments:

  1. අරවගේ අක්කල දෙන්නෙක් කියල කෝලි අච්චර ෆෝම් උනානං ඇහැට කනට පේන කෙනෙක් කිව්වනං කොහොම ගහයිද.
    අන්තිමට කියපු ටික නං හරියට හරි.

    ReplyDelete
    Replies
    1. හොද අක්කලා දෙන්න...ඔය ඉන්නේ ඇන්ටිලා දෙන්නෙක් බන් :D

      Delete
  2. හලේ...දැන් නේ දැන ගත්තේ සීන් කෝන් එක :)

    ReplyDelete
    Replies
    1. කොහමද කට්ටිය මෝටිවේට් කරන විදිය අක්කේ..500 උනත් ඉතින් chase කරයි ඔහොම නම් ;)

      Delete
  3. අම්මෝ මාත් මැච් බලන එක නවත්තලාම දැම්මා ගිය පාර වල්ඩ් කප් එකෙන් පස්සේ හැබැයි දැං දැංනම් හොරෙන් හොරෙන් බලවෙනවද මන්දා....

    ReplyDelete
    Replies
    1. අනේ ඕකනම් කවදාවත් කෙරෙන්නේ නෑ බන්..මාත් ඉතින් ඉන්ග්ලන්ඩ් සිරිස් එක කාපු දවසේ ඉදන්ම හිතන ඉන්නවා ආයි බලන්නේ නෑ කියලා , කිව්වට මොකෝ එතැන් ඉදන් කාපු ඔක්කොම හැම විනාඩියක්ම බලලා තියෙනවා..

      Delete
  4. ඉන්දියාවට පැරදුණාම මහේලයි මාලිංගයි මැච් එක විකුණුවා කියල කියපු උන් එක්ක නම් මට මාර තරහක් ආවේ , ඔය ගැන ලියන්නත් හදලා වෙලාව ප්‍රශ්නයක් නිසා ලියවුනේ නෑ , අඩුම තරමේ මහේලට චෝදනා කරපු සමහර හරක් දිල්ශාන් ගේ ඇඟිල්ල අවුල් කියලවත් මහරුෆ් ඉන්ජර්ඩ් කියලවත් දන්නේ නැතුව කථා කලේ , ඒ විතරක් නෙවෙයි ජිනිවා සීන් එක ඔතනට පටලවා ගත්ත දේශපාලන අඳබාලයොත් හිටියා , ඒ ඔක්කොටම උත්තරේ ඕස්ට්‍රෙලියා මැච් එකේදී මාලිංග දුන්නා කියලයි මම හිතන්නේ

    ලස්සන ගැණු ලමෙක් ගෙන් ඔෆර් එකක් ආවා නම් කෝලියා තනියම 200ක් ගහයි :) ..... කොහොම වුනත් ඒ ගැහිල්ල නිසා ඉන්දියාව අන්තිම චාටර් විදිහට , ගෙවල් ගිනිතියන ගානට පැරදිලා තරඟාවලියෙන් ඉවත් වීම වැලකුණා , කොටින්ම ඒක ගෙවල් දොරවල් බේරා ගැනීමේ සටනක්

    ..

    සල්ලි ගැන නම් මෙහෙමයි ඉතින් , අද කාලේ හැමදෙනාම හැමදේම කරන්නේ සල්ලි වලට තමා , ඉතින් ක්‍රිඩකයෙක් අයිපීල් ගහල සල්ලි හෙව්වාය කියන එක මට නම් අවුලක් නෑ , අයිපීල් ලංකාවේ අයට දැනෙන නිසා තමයි ඔය ගැන වැඩියෙන් කථා කරන්නේ , අයිපීඑල් එන්න කලින් අපේ ක්‍රිඩකයො එංගලන්තේ තරඟ වලටත් සහභාගී වුනා මුදල් වලට . ෆුට්බෝල් ක්‍රිඩකයොත් වැඩි පුර මුදල් උපයන්නේ ක්‍රිඩා සමාජ තරඟ වලින් . මම නම් හිතන්නේ නෑ ඒක වරදක් කියලා . නමුත් ක්‍රිස් ගේල් ලා වගේ තමන්ගේ රටට හරියට සෙල්ලම් නොකර සල්ලි වලට විතරක් ක්‍රිකට් ගහනවා නම් ඒක වැරදියි

    ක්‍රිකට් ගැන ලියන්න හිටපු ලිපිය නොලියා මගේ අදහස් ටිකත් මෙතනටම එකතු කලා ඕං !

    - බුවාගේ සිතුවිලි

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ එවුන්ගේ ක්‍රිකට් දැනුම නම් කථා කොරලා වැඩක් නෑ..ඉන්දියාවේ මැච් එක පැරදුන වෙලාවේ මහේලට කියපු කථා.. දිල්ශාන් එක්ක මල හින්දලු බෝල් කරන්න දුන්නේ නැත්තේ..හයියෝ

      මේ සිරිස් එකේ තරංගගේ බැටින් අවුල් වෙලා , මහේල ඕපන් කරලා මැච් එක දින්නට පස්සේ තිබ්බ ප්‍රසන්ටේෂන් එකේ මයියා මරු කතාවක් කිව්වා බුවාට මීටර් ද.. මයිගෙන් අහනවා " ඕපන් ඇවිල්ලා , මැච් එක දිනන්න ස්ටාර්ට් එක්ක අරන් දුන්න නේද " කියලා... එතකොට මයියා කියනවා.. " ඔව් මම සාර්ථක උනානම් තමයි..හැබැයි ඉතින් මම මෙහෙම ඕපන් ඇවිත් අසාර්ථක උනා නම් හෙට පත්තරවල ලොකු අකුරින් යයි මම ඕපන් ඇවිල්ලත් අසාර්ථකයි කියලා.. "

      ඕකම තමයි ඉතින් මෙහේ අයගේ වැඩ.. "දිනන දාට කොල්ලෝ නියමයි - පැරදුනාම චාටර් "

      සල්ලිවලට Chris Gayle වගේ ක්‍රිකට් ගහන්නේ නැති තාක් මටත් එහෙම ගැහුවට කමක් නෑ..හැබයි අපේ අයට IPL නැතිව Big Bash වගේ එහෙකට යන්න ලැබෙනවානම් හොදයි..ඒත් ඒවාට චාන්ස් එක ලැබෙන්නේ නැහැනෙ..

      Delete
    2. ක්‍රිකට් වෙලඳ පොල තියෙන්නේ දකුණු ආසියාවේ , ඒ නිසා බිග් බැශ් යෑම චාන්ස් එකක් ද කියන එක මට නම් සැකයක් (ක්‍රිඩකයින්ගෙන් ගෙවීම් පැත්තෙන් ) , ඕස්ට්‍රෙලියාවේ පිට්ටනි වලට හා ක්‍රිඩකයින්ට පුරුදු වීම කියන වාසිය හැරුණාම වෙනත් අතිරේක වාසියක් තියේද ?

      Delete
    3. බුවා කියපු වාසි දෙක නම් තමා තියෙන්නේ.. ඒ උනාට කබ්බ සෙට් ගෙඩි පිටින් එන IPL එකට වඩා මට නම Big Bash ගති..හැබැයි මෙහෙමත් සීන් එකක් තියෙනවා , ඒ තමා Big Bash බැටා ලා වෙලා ඉන්න Cameron White වගේ අයට IPL වල හයේ - හතරේ ඒවා අනිත් ක්‍රීඩකයෝ වගේ වනන්න බෑ..

      Delete
  5. මම නම් කියන්නේ තව තවත් සල්ලි වලට ගහපල්ලා කියලා.. නිකන් මොකටද මහන්සි වෙන්නේ.. දක්ෂතාවය තියෙන එකා ඒ දක්ෂතාවය මාකට් කරන එකේ වැරද්දක් මට නම් පේන්නේ නෑ..

    (හැබැයි මම ක්‍රිකට් වලට වැඩිය කැමති නෑ..)

    ReplyDelete
    Replies
    1. නැත්තම් ඉතින් කට්ටිය ක්‍රිකට් ගහලා ඉවර උනාම කරනං තියෙන්නේ ජන්දේ ඉල්ලන එකනේ..හිකිස්‌...
      ඒ උනාට ජාතික කන්ඩායමට නොගහා සල්ලිවලට ක්‍රිකට් ගහන එක නම් අනුමත කරන්න බෑ..

      Delete
  6. හොඳ කතා සැට් එකක්..

    ReplyDelete
    Replies
    1. විමසුම පිටපතත් කියවලා වගේ :D

      Delete
  7. රාජ් කිව්වා කතාව නම් හරියටම හරි. අරවගේ දෙන්නෙක් හින්ද ඔහොම ෆෝම් උනානම් අර ඔබා මාමගේ කලින් පොස්ට් එකේ වගේ කෙල්ලක් හිටියොත් දෙතුන් සීයක් තනියෙන් නෙළයි නේ..

    ReplyDelete
    Replies
    1. හම්බේ ඔබා මාමාගේ සීන් එක මම මෙතනට නිකන් වත් ඇප්ලයි කරන්නේ නැත...හිකිස්‌

      Delete
  8. අන්තිම ටික මරු මචං.....

    ReplyDelete
    Replies
    1. මාළු අයියත් වැඩ පාළු කරගෙන මැච් බලන අපි වගේ කෙනෙක් ද කොහෙද..

      Delete
  9. සල්ලිවලට ගහන උන් ඇති ඒත් මම හිතන්නේ නෑ මේ ටීම් එකේ එහෙම උන් ඉන්නවා කියලා. ඉන්දියන් මැච් එක පැරදුනාම බලු කතා කියපු උන්ගේ කටවල් වැහුනා ෆයිනල් ආවම..

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ නෑ බන් අයියේ එහෙම අය අපේ ටීම් එකේ ඇති කියලා..ඉන්දියන් / පකිස්ථාන් ටීම් වල ඔය දේවල් උනාට මෙච්චර කල් අපිට ඔහොම චෝද්නවාක් ආවේ නැත්තේ ඒක නෙ.. ( කටකථා දෙක තුනක් ආවට )
      ආයිත් අහලා බැනපු එවුන්ට ඇඩ්රස් නැති උනා..මට නම් දැන් ෆයිනල් කෑවත් කමක් නෑ..

      Delete
  10. අන්තිම කතාවට එකඟයි මචං. මැච් එකක් පැරදුනාම අපට තියෙන දුක උන්ට නැති එක තමයි පුදුමෙ.

    ReplyDelete
  11. අච්චර කෑමක් ඉන්දියාවෙන් කෑවත්, අපි නම් ඒත් දෙවෙනිදා මැච් එකට ගිහින් සපෝට් කරා :)
    අද එකත් පරාද උනත් කමක් නැහැ නම්බු පිටින් නේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න නියම සපෝටර්ස් ලා..නියමයි අක්කේ..එදා MCG එක ප්‍රේමදාස එක වගේ නෙ තිබ්බේ...ඔසී අයට වඩා අපේ කට්ටියගෙන් නෙ පිරිලා තිබ්බේ..

      අපොයි ඔව් අද පැරදුනාට මොකෝ..නම්බු පිටින් නේ අද පැරදුනේ :)

      Delete
  12. Lost the first final about 20 mts back, S.L. team fought back really hard. I'm proud of our team.
    2000 hrs Perth, 04/03/20012

    ReplyDelete
    Replies
    1. Hell Yeah Oba Aiyaa..Great Fight back by SL !! All the best for the Adelaide match
      ඔබා අයියලා නම් මැච් එක බලන්න යන්න ඇති නේ :)

      Delete
    2. බොලේ ටී වී එකේ ගෙදර ඉඳල බලන්න තියෙද්දි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ල මොකට වේලෙනවද ? ;-))

      Delete
  13. අර ඔෆර් එක තමා මරු !
    තාමත් ඔෆර් එක තියෙනවද කියලා හොයලා බලන්ඩ ඕනා !

    ReplyDelete
    Replies
    1. අපෝ ඕවා දවසේ ඔෆර් නේ..දැන් එක්ස්පයර්ඩ් :D

      Delete
  14. අද එක පැරදුනානේ ලකුණු 15 න්...

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. ඒ උනාට වෙනදා වගේ නම් දුකක් නෑ..හොද තරගයක් දුන්නනේ..

      Delete
  15. පවු කෝලී කාරයා.. පොරට එදාම ඔෆර් එක බුක්ති විදින්න ලැබුනනම් ඉන්දියාව ගෙදර ආපු එක ගැනත් දුක නැතුව ඇති.. එහෙම නැත්නම් ඉතින් සොරිම තමා..

    ReplyDelete
  16. ක්‍රිකට් ගහන එක නවත්තන්න....ආයෙ ඉතින් පික්ෂුවක් ඇතෑ......

    ReplyDelete
  17. එහෙනම් මේකයි සීන් එක නේද??.... :D

    ReplyDelete
  18. අඩො කවුද ඩො ක්‍රිකට් වලට බනින්නෙ ?

    ReplyDelete
    Replies
    1. ලොක්ක සපෝට් එකක් ඕන්නං කියන්න...සයිඩ් එකෙන් අපිත් ඉන්නව.....

      Delete
  19. නියම පින්තූර ටිකයි, වචන ටිකයි චම්මා ! මේ දෙවැනි ෆයිනල් එකත් බලලා, Cricinfo එකේ පෝස්ට් ටිකත් බලලා තමයි මේකේ කමෙන්ට් කරන්නේ. මේ පෝස්ට් එක කියෙව්වම හිතේ සතුට ඩබල් වුනා බං !

    මමත් උඹලා වගේම ආයේ බලන්නෑ කියලා දහඅතේ දිවුරුවට "he is gone" කියලා කොමෙන්ට්‍රි එකේ කෑගහනකොට ඉබේම ටීවී එක ඉස්සරහ බං. මේ ටිකේම වැඩත් පාඩු කරගෙන ඔෆීස් එකේ ඔන්ලයින් මැච් ටික බැලුවේ. අර අන්තිමට කියපු කථාව නම් සිරා ! 

    අපේ කොල්ලෝ ටිකට ලාස්ට් ෆයිනල් එකත් දිනන්න ලැබේවා !!! ජය !!!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!