Sunday, November 18, 2012

ඉන්ෂුවරන්ස් එක ගෙවපු හැටි !

මේක සිද්ධිය උනේ ඔෆිස් එකේ වැඩකරන අයියා බුවෙක්ට.පොර දවසක් වාහනේ ඩ්‍රයිව් කරගෙන යනකොට පොලිසියෙන් නවත්තලා.ලියකියවිලි ටික ඔක්කොම බලාගෙන යනකොට පොලිසියේ රාළහාමිට අහුවෙලා වාහනේ ඉන්ෂුවරන්ස් එක ඉවර වෙලා කියලා. අයියා බුවත් ගෙදරින් වාහනේ එලියට දානකොටම දන්නවලු ඉන්ෂුවරන්ස් ඉවරවෙලත් මාසයක් විතර පරක්කුයි කියලා.

දැන් ඔන්න රාළහාමිගෙයි , අයියා බුවා ගෙයි කතාව යන්නේ මෙහෙමයි.

රාළහාමි : මේ බලන්න මහත්තයා මේකේ ඉන්ෂුවරන්ස් ඉවරවෙලා තියෙන්නේ දහ වෙනි මාසේ නේ , ඇයි තාම මේක ඉන්ෂුවරන්ස් එක අලුත් කරගෙන නැත්තේ
අයියා බුවා : ඔව් රාළහාමි ඉතින් දහ වෙනි මාසේ තමයි ඉවර වෙන්නේ
රාළහාමි : ඉතින් ඒක තමා මාත් කියන්නේ..ඇයි එහෙනම් ඉතින් මේක අලුත් කරන්නේ නැත්තේ
අයියා බුවා : ඉතින් සාමාන්‍යයෙන් ඉන්ෂුවරන්ස් ඉවර උනාම නේ අලුත් කරන්නේ
රාළහාමි : ඉතින් මේක ඉවරයි නේ
අයියා බුවා : ඉතින් තාම දහවෙනි මාසේ නේ රාළහාමි
රාළහාමි : මේ දහවෙනි මාසේ වෙන්නේ කොහොමද..මේ එකලොස් වෙනි මාසේ..
අයියා බුවා : නෑ නෑ රාළහාමිට වැරදීලා..තාම දහවෙනි මාසේ

දැන් රාළහාමිත් ටිකක් අප්සෙට් වෙලා.අයියා බුවත් මෙච්චර ෂුවර් පිටම කියනවනම් මේ දහවෙනි මාසේ කියලා, ඇත්තටම මේක දහවෙනි මාසෙද කියල දැන් මිනිහට ෂුවරුත් නැහැ.දැන් මිනිහා ෂේප් එකේ ඇගිලි නව නව ගණන් කරලා බලනවා මේ යන්නේ කීවෙනි මාසේද කියලා. අයියගේ වෙලාවට ( නැත්තම් රාළහාමි ගණන් කිරීමේ හැකියාව හොද කමටද ) දන්නේ දෙයියනේ කියලා ඇගිලි නව නව ගණන් කරපු එකත් වැරදීලා. දැන් රාළහාමි තවත් අප්සෙට්.පස්සේ පාරේ හිටපු කෙනෙක් මාසේ අහලා හරි මාසේ හොයාගෙන.

දැන් ඉතින් අයියා බුවාට බේරෙන්න විදියක් නැහැ නේ.දැන් කතාව යන්නේ මෙහෙම.

රාලහාමි : ඒකනේ මම කිව්වේ මේක එකලොස්‌වෙනි මාසේ
අයියා බුවා : ( පොඩ්ඩක් ඔළුව එහෙම කහන ගමන් ) අනේ රාළහාමිට කියන්න මට ඕක අමතක උනා නේ..මම හිතාගෙන හිටියෙම තාම දහවෙනි මාසේ කියල නේ..
රාළහාමි : මහත්තයා දන්නවනේ ඉතින් ඔහොම අමතක උනාම දඩේ කියාද කියලා..

දැන් ඉතින් අයියා බුවාට ගොනා එන්නේ පොල් පැලෙයි , තැබිලි පැලෙයි දෙකම කාලා වතුරත් බීලා යන්න  කියලා තේරුනා.

අයියා බුවා : පිස්සුද රාළහාමි..මම ඇත්තටම ඕක දැනගෙන හිටියේ නැහැ නේ..නැත්තම් මම වාහනේ එලියට දාන්නේවත් නැහැ.අනික රාළහාමි ඕක ගෙවන්නේ නැතිව හිටියොත් කාටද පාඩුව තියෙන්නේ.රාළහාමිටද ? නැහැ නේ , මේ මට.. මටමනේ ඒකේ පාඩුව තියෙන්නේ. අනික මම කියන්නේ මෙහෙම ගිහින් කොහේ හරි ගිහින් ඇනගත්තා, කාටද පාඩුව , රාළහාමිටද නැහැ නේ..මට මේ මටම තමයි පාඩුව..මේ ලෝකේ කවුරුත් තමන්ටම කෙලවෙන වැඩකරගන්නවද නැහැ නේ..නැහැ..දැන් රාළහාමි උනත් . . . .

මාසේ පැටලිලා බාගෙට මෝල් වෙලා හිටපු රාළහාමිට එක හුස්මට ඔය ටික ඇහුනම තවත් අප්සට් වෙලා, එදා දවසෙම ඉන්ෂුවරන්ස් එක ගෙවන පොරොන්දුව පිට අයියා බුවාට යන්න කියලා.අපරාදේ කියන්න බෑ තාමත් පොර ඉන්ෂුවරන්ස් එක නම් ගෙවලා නෑ.

18 comments:

  1. මාසේ ගානේ ගෙවන්න තියෙන තැන හරි දාන්න කියපන්. ඉන්ෂුවරන්ස් එකක් නොදා දුවනවා තරම් මෝඩ කමක් තවත් නෑ...

    ReplyDelete
    Replies
    1. මාඅතලන් මෙන්න කතාව... අපි ඒ පොඩි ගානට ලෝබ වෙලා ඉන්සුවරන්ස් නොදා දුවනවා.. ඉන්ශුවරන්ස් දාලා දුවනකොට හැප්පෙන්නේ නැති වාහන ඉන්ශුවරන්ස් නොදා මාසයක් යන්න කලින් හැප්පෙනවා... මේක තනිකරම සත්‍යයක්...

      Delete
  2. එක්කො ඉන්ෂුවරන්ස් එක ගෙවන්න එපා කියපන් බං... ලොල්

    ReplyDelete
  3. කාටද පාඩු................
    හික්ස්.................!!!!

    ReplyDelete
  4. දැං ඉන්න රාලහාමිල නං ඔහොම නෑ.

    ReplyDelete
  5. පව් වැඩේ අප්පා...

    ReplyDelete
  6. පස්සේ මොකක්හරි වුනාම ඌට බැරිය පොලිසියෙන් අල්ලලත් මේකේ අවුලක් කිව්වේ නෑ කියන්න. :)

    ReplyDelete
  7. යකොඕ ඔහොමත් බොරු කියන්න පුළුවන් ද?

    ReplyDelete
  8. අපිට ඔහොම රාළහාමිලා සෙට් වෙන්නේ නැහැනේ.

    ReplyDelete
  9. පුල් ඉවරවෙලා ගණන් වැඩියි කියලා ඊළඟට තර්ඩ් පාටි දැම්ම ගමන් හැප්පෙනව

    ReplyDelete
  10. රාලහාමිට වයර් කරලා. පවු ඈ.
    මොනා උනත් අයියා බුවා වැඩකාරයා. :)

    ReplyDelete
  11. අම්මෝ මාර අයියෙක්නේ ඒ අයියා... අන්දනවා කියල ඔහොමත් අන්දනවද ඈ... :)))

    ReplyDelete
  12. ඉතින් බං ඔය බුවා දැන්වත් ඉන්ෂුවරන්ස් එක නොගන්නෙ මොන කරුමයක් නිසාද?
    අඩේ අපි නම්, ඔය කට්ටිය එක්ක වාද කරන්න අකමැති නිසාමයි ඔය ලිය කියවිලි ටික හරියට තියාගන්නෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. හික්ස්... මරු අයියා... පොලිස් රාළහාමිටත් කට උත්තර නැති වෙන්න වැඩ කරලා තියෙන්නේ... :P :D

    ReplyDelete
  14. පොලිස් මාමාNovember 23, 2012 at 9:50 PM

    මම හෙට ඕකව අල්ල ගන්නම් කෝ...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!