Sunday, July 3, 2011

මදුරුවෙක් කතාකරයි



මම මදුරුවෙක් වෙමි.සමහරු මට ඩිංගි කියාද කියති.කොයික කිව්වත් මට නම් කමක් නැත.මන්ද ඔය කොයික කියන එකාවත් මාව හප කරනකොට මම කවුදැයි නොබලන නිසාය.මට උත්පත්තියෙන්ම ඉතාම ලස්සන දළ දෙකක් අපේ මව්-දෙමව්පියගෙන් ලැබිණි.නැතුව ඕන් වෙන කාගෙන් ලැබෙන්නද.ඔවුන්ට පින්සිද්ද වෙන්නට යාන්තන් වැටෙන්නැතිව පියාඹන්නට හැකිය.

සිරි ලංකාව මගේ උපන් දේශය නොවුවත් දැන් නම් එය මගේ උපන් දේශය වගේමය.මක්නිසාද මෙහි ඉන්න බුවාලා සහ බුවීලා මට ඉන්න හිටින්න නිවාස ඇතිකිරීමට මාසික ක්‍රමයට කොන්ත්‍රාත් ගෙන ඇති නිසාය.ඔවුන් තරගයට මෙන් මට නිවස තනා දෙන අතර ඒවා කඩා දමන්නට හදන්නේ දඩ කොලයක් ලැබුනොත් පමණි.එම නිසා මා බැලීමට මුදල් ගෙවා සත්තු වත්තට නොයා යුතු අතර මා ඔබ සියළු දෙනා බැලීමට පුද්ගලිකවම පැමිණේ.මුදල් නොගෙවා බැලිය හැකි එකම සතාද මා විය හැක.

මගේ ප්‍රියතම කෑම සහ බීම ලේ ය.මම ලේ බීමට රුසියෙකි වෙමි.නමුත් මම ඩ්රැකුයාලට නෑ හිමිකමක් නොදක්වන අතරම  අර වැම්පයර්ද මොක්කුන්ටද කිසිදු සම්බන්දයක් නොදක්වමි.දැන් දැන් මට හිතිලා තියෙන දේවල හැටියට "ඩෙංගුලයිට්" කියා ෆිල්ම් කටුවක් ගහන්නටද හිතේ.එවිට ඔය ඇති පදමට වැම්පයර්ලට ආලේ කොරන අයට ඉකි ගසමින් එය නරඹන්නට හැක.මෙහෙම හිටියට අපිත් හොද ඇග පත තියෙන කොලු මදුරුවෝය.

තවද මෙම රටේ සින්දු කියන එක්කෙනකු අපේ වරිගෙ එවුන්ට මල් පැණි බොන්නට ඉගැන්වීමට වරෙක උත්සාහ කළේය.එව්වා කොහෙද අපේ එවුන් එක්ක.අපිට මල් පැණි බීම ඉගැන්වීම කෙසේ වෙතත් අදාළ අය වෙන වෙන පැණි වර්ග නම් බොන්නට ඇති බව අපගේ අදහසයි. අපේ වරිගෙ විනාශ කරන්න එන අයට අපි දැඩි ප්‍රහාර එල්ල නොකර මිස පසු නොබසියි.එය අපගේ මදුරු ශක්තියයි.

මේ ලගදි දවසක අපිට ඩ්.ඩ්.ට් ද මොනවාද ගහන්නට කට්ටියක් උත්සාහ කළේය.නමුත් ඉතින් මේ රටේ දී සාමාන්‍යයෙන් වැඩක් ලේසියෙන් කොරන්නට බැරිය.මැටි-ඇමැටිලගේ කඹ ඇදීමට පින් සිදු වන්නට ඒ කරදරෙන්ද අපි බේරුනි.අපිත් මැටි-ඇමැටිවරුත් දෙගොල්ලන්ම ගොඩ ගියහ.

අපගේ මදුරු මිතුරෝ විවධ ක්‍රීඩා කරන අතර ක්‍රිකට් ඉන් විශේෂයි.පන්දු යැවීමට උපන් හපන් කමක් දක්වන අපේ අය යවන දහර පන්දු වලට කියන්නේ "මදුරු දගර" කියාය.

මේ රටේ අපේ නමෙන් අලුත් වාහනයක්ද ඇත.ටිකක් විපරම් කොට බැලු විට එය බයිසිකලයකි.මොන අටමගුලකට එයට මදුරුවා කියනවාදැයි මම නොදනිමි.පළමු කොට එයට පියාපත් වැනි දෑ ඇතැයි මා සිතුවත් එයට ඇති පියාපතක් නැත.කෙසේ වුවත් එහි යන්නවුන් නම් උන්ට පියාපත් ඇතැයි සිතා එහි යන බව නම් මට හැගේ.

මම සාමාන්‍යයෙන් ශබ්ද වලට බිය ඇත්තෙක් වෙමි.විශේෂයෙන්ම චටස් යන ශබ්දය සමග එන පහරට මම බිය වෙමි.මන්ද ඒ පහර බොහෝවිට භයානක නිසාය.තව කිමට ඇති මදුරු කතා බොහෝය, නමුත් වෙලාව හරස් වී ඇත. එම නිසා අදට මදුරු කතා එපමණය.වැඩි වෙලාවක් සිටියොත් මේ කොටන යතුරු පුවරුව අයිති බුවාගේ පහරකට මා ගොදුරු විය හැක.

සැ.යු - මෙහි සදහන් සියළු කරුණු මගේ මදුරු සිතේ ඇතිවු මදුරු අදහස් පමණක්ම බව සලකන්න.

15 comments:

  1. හිකිස්...බොලේ නං මේ මදුරුවෙක්ගෙ බ්ලොගේක ලියනවමයි.... :D

    ReplyDelete
  2. මදුරුවොත් බ්ලොග් ලියන්න ගත්තම අපිට මොකෝ වෙන්නේ

    ReplyDelete
  3. හැක් හැක් පට්ටයි

    ReplyDelete
  4. ලස්සන කතාව.."මෙහෙම හිටියට අපිත් හොද ඇග පත තියෙන කොලු මදුරුවෝය".මෙතන පොඩි වරදක් සිදු වී තිබේ...:)ඩ්ංගි මෙසේ ලියා ඇති බව දුටුවහොත් ඩෙංගා "අපි හරි අහිංසකයි" යනුවෙන් වෙනම අඩවියක් නිර්මාණය කරණු ඇත....

    ReplyDelete
  5. මල්ලි මට විහිළු කරන්න හිතාගෙන කතාවක් ලිව්වද මංදා. මම නම් අහිංසක මදුරුවෙක් ඕං. නියමෙට ලියලා තියෙනවා. :)

    ReplyDelete
  6. මදුරුවා හීනියට කතාවෙන් හැමොටම විදලා ගිහින් තියෙනවා.. මොනවා උනත් ඉතින් කතාව ඇත්ත...

    ReplyDelete
  7. ඔයා ඩිංගිද ඩෙංගිද?
    හැබෑට ඇයි ඔයාලගෙ ගෑණු අය අපේ ලේ උරාබොන්නෙ?මොකද්ද තියන තරහා?

    ReplyDelete
  8. maduruwektat hithena dewal..:P

    ReplyDelete
  9. @ මකුළු පැංචි - හිකිස්‌..මදුරු මලයගේ බලවත් ඉල්ලීම මත තමයි මේක ලිවුවේ :D :D

    @ deeps - ඔව් ඔව් ඒක නම් ඇත්ත එතකොට අපිට යන කල දසාව නම් පොඩ්ඩක් අප්සට් යනවා..
    මේ පැත්තේ ආවට බොහොම ස්තුතියි :)

    ReplyDelete
  10. @ කිඩෝ - තැන්කු වේවා :)

    @ චතුමිතු - ස්තුතියි ප්‍රතිචාරයට :) මේ පැත්තට ගොඩ උනාටත් බොහොම ස්තුතියි :) :)

    ReplyDelete
  11. @ මධුරංග අයියා - හි හි අනේ නැහැ මේ අයියට එහෙම නම් නෙවේ ලිවුවේ..මටත් පස්සේ තමා නමේ සින් ඒක ක්ලික් උනේ :D
    තැන්කු වේවා කමෙන්ට් එකට :) :)

    @ නදී අක්කා - නම් දෙකම කියනවා කියලා තමයි ඔන්න මදුරු මලයා මට කිව්වේ නම්..සමහරවිට ඉතින් ලේ දන් දෙන්න උනන්දු කරවන්න කරනවාද දන්නෙත් නැහැ නේ :D :D
    මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාර දැක්වුවාට ස්තුතියි අක්කේ :)

    ReplyDelete
  12. @ Dinesh - මදුරුවා ඉතින් කොහොමත් එහමනේ ;) හීනියට විදගෙන යනවා :D

    @ දිලීප - හිකිස්‌ ...ඒකනේ :D

    ReplyDelete
  13. @නදී :
    කොහොමත් අක්කේ ගෑනු උන්දෑලා තමා අපට විදින්නේ !!!! පව් ඒවයින් දුක් විඳින්නේ පිරිමි සත්තු නේ :(

    ReplyDelete
  14. නියම මදුරුවා.. හොඳ වෙලාවට පෝස්ට් එක ලියනකම් වත් බේරිලා ඉඳලා කරගත් පින් මහිමයෙන් අද වන විට දෙවු ලොව ඉපදී ඇතැයි සිතිය හැක.

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!