Monday, July 18, 2011

අපි හැමදාමත් තරු වෙමු අහසේ

මේක මට අහම්බෙන් වගේ අහන්න ලැබුණු සින්දුවක්.මේ දවස් වල ඇහෙන පද මාලාවන් විකාර වෙච්ච් , තේරුම එහෙම අප්සෙට් සින්දු අතරේ මේ සින්දුව අහපු පලවෙනි වතාවෙම හිතට අල්ලලා ගියා.සින්දුවේ පද ගලපලා තියෙන විදිය නම් හරිම ලස්සනයි.

සිහිනයට කලින් - සිත් අහස මැදින් සුවසේ
පිවිතුරු හිතකින් - අත්වැල් අල්ලන් රෑනේ
හෙට අද වාගේ - හිරු පායද්දෙන් මිතුරේ 
සදු එනවනම් - අපි හැමදාමත් තරු වෙමු අහසේ


මං රහසක් කිවුවා - සියොතුන් හොරෙන්ම ඇහුවා
කහ මල් පෙත්තක් මත ලිවුවා -රතු සමනලයින් කවි කිව්වා
හෙට පාන්දරම පිනි වැටී තියේ - පිණි මාල ගොතමු හිරු කෙදිත්තියෙන්
මල් පොකුරින් සුවදින් පිරුණු දැයේ - සමසුන් මිනිසුන් වෙමු තුරුණු වියේ


සෙත් කවියක් ලියුවා - මව් බිම රැක දෙන්නට කිව්වා
සුදු වළාකුලක් අත යැවුවා - දෙව්ලොව කවියන් කවි කිව්වා
අද පැහැසර නුවණැස පිපීතියේ - මුතු අහුරක් රන් මත ඈලි ගියේ
සද සිත් සෙනෙහින්මයි පිරි ගියේ -විශ්වය විල් තෙර තරු රටා තියේ


සිත් මල් නොතලා පෙති නොපෙලා - තහන්ච් පවුරෙන් ලොව දිනනා
සරතැස සුළගට විසිකරලා - ඉසිවර නෙත්කමින් සැරසිලා
අත්වැල නොසිදා මතු කිසිදා - හිරි මල් මිතු හැගුමින් ඉදිලා
කදුළට සුසුමට වැට බැදිලා - යූද ගිනි නැති මව් බිම වැදලා



ඔය යු -ටියුබ් විඩ්යෝ එක නම් මේ සින්දුව ඉසිපතන විද්යාලයේ තිබ්බ ප්‍රසංගයකදී කියන එකක්.ඔරිජිනල් සින්දුවේ අයිති අයත් මෙතන ඉන්නවද කියලා නම් දන්නේ නැහැ. මේ සින්දුවට සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ පසන් ලියනගේ , සින්දුව ලියලා තියෙන්නේ ගිහාන් චාමික කියන දෙන්නා. මේ සින්දුවම තමයි දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එකේ දෙවැනි අදියරේ කට්ටියත් අවසන් තරගයේදී කියලා තියෙන්නේ.

9 comments:

  1. ඇත්තටම ලස්සනයි මල්ලී.. මට ලින්ක් එකක් දෙන්න බැරිද? ස්තුතියි.. අපිත් එක්ක බෙදා හදා ගත්තට..:)

    ReplyDelete
  2. ව්ඩියෝව බා ගත්තෙමි.. :P

    ReplyDelete
  3. @ ප්‍රර්ථනා - :) ඒක තමයි

    @ චතුමිතු - බලන්න අක්කේ ඉතින් අපි දන්නේ නැති උනාට එළකිරි සිංදු හැදෙනවනේ..යාලුවෙක් ගාව තියෙනවා කිව්වා ඔකේ ඩ්‍රීම් ස්ටාර් වර්ෂන් එක..එක සෙට් උනොත් ලින්ක් එක දාන්නම්

    ReplyDelete
  4. Bro this was the theme song of dream star season 2.They performed this in their finals.

    ReplyDelete
  5. ඉසිපතන ජනමාද්‍ය දිනය(නෙති නෙතෙර) එකේ තේමා ගීතය සංගීතය කලේ පසන් ලියනගේ.ලිව්වේ ගිහාන් චාමිකර රොඩ්රිගෝ(උපේකා නිර්මානි ගේ අපි වෙනුවෙන් අපි ලිව්වෙත් ගිහාන්).ගිහාන් චාමිකර දැන් වැඩ කරන්නේ දෙරණ ෆ්ම් එකේ,,අන්න එහෙමයි එක දෙරණ Dream Star එකට ගියේ..මුල් අයිතිය ඉසිපතන විද්‍යාලිය ජනමාද්‍ය ඒකකය සතුය.

    ReplyDelete
  6. මම නම් මේ සිංදුව අහලම නෑ. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.
    කිව්වත් වගේ ලස්සන පද මාලාවක්.

    ReplyDelete
  7. ආ ඔය ඉන්නේ ඉසිපතනේ බුවෙක්ම සින්දුව ගැන විස්තර කියලා..බොහොම ස්තුතියි මලයා විස්තරේට..
    අපි වෙනුවෙන් අපි සිදුවත් සිරා..ගිහාන් ලියපු ගොඩක් සින්දු වල පද රචනා නම් සිරා

    ReplyDelete
  8. ලස්සනයි!

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!