Saturday, July 23, 2011

මට නම් සිත් හොරා ගන්න බැ - මම ඇස් දිහා බලන්නැ සුන්දරියන්ගේ

ඔන්න මීට ටික කාලෙකට ඉස්සෙල්ලා හිට්යා හොද ෆිට් යාලුවෝ දෙන්නෙක්.මේ දෙන්න කොච්චර  ෆිට්ද කියලා කියතොත් කන්නේ බොන්නේ , පාඩම් කරන්නේ , පන්ති එහෙම යන්නේ ඔක්කොම එකටමයි. දෙන්නාගේ ගෙවල් තිබ්බෙත් එක ළගමයි. ඒක නිසා මේ දෙන්නාගේ යාලුකම තවත් වැඩි දියුණු උනා.

කොහොමහරි ඉතින් උසස් පෙළ කරන කාලේදී නුගේගොඩ පැත්තේ තිබ්බ පන්තියකටත් මේ දෙන්නා සම්බන්ධ උනා.ඒ පන්තියට මේ යාලුවෝ දෙන්නට අමතරව තව යාලුවෝ සෙට් එකකුත් එකතු වෙලා හිටියා. මේ පන්තිය ප්‍රසිද්ධ රසායන විද්‍යා පන්තියක්. හැමදාම පන්තිය ඉවර වෙනකොට හවස දෙක තුන වෙනවා , පංති ඉවර වෙලා යන්නත් ඕන අර ගාට ගාට යන 183 බස් එකේ. ඉතින් මේ යාලුවෝ සෙට් එක කරන්නේ හැමදා පන්ති ඉවර වෙලත් තව පැය භාගයක් විතර බස් හෝල්ට් එකට වෙලා ඉන්නවා. ඔය ඉන්න කොට ඉතින් අහල පහල ඉන්න ගෑනු ළමයි , පාසල් ඇරිලා යන ළමයින්ව එහෙම ලාවට වගේ බයිට් එකටත් ගන්නවා. ඔහොම ඉදලා 3 ට විතර එන හිස් 183 බස් එකක කට්ටියම නගිනවා.

ඔය වැඩේ ටික කාලයක් කරගෙන යනකොට දැන් මේ යාලුවෝ කට්ටියට තේරෙනවා තමන්ගේ සෙට් එක විතරක් නෙවේ මෙහෙම 3 විතර වෙනකන් ඉන්නේ වෙන සෙට් එකකුත් ඉන්නවා කියලා.බැලින්නම් ඉන්නේ කෙල්ලෝ සෙට් එකක්.සෙට් එකක් කිව්වට ඉන්නේ  කෙල්ලෝ දෙන්නෙක්. තව කාලයක් මේ වෙන වැඩේ ෆලෝ කරගෙන ඉන්නකොට කට්ටියට ක්ලික් වෙනවා මේ කෙල්ලෝ දෙන්නත් ඉන්නේ ගෙවල් ළග පාතමයි කියලා.

දැන් ඉතින් යාලුවෝ ටිකටත් නිකන් මැජික් වගේ නේ මේ වෙන වැඩේ. පස්සේ ඉතින් කට්ටිය කරේ වෙනදා 3 වෙනකන් ඉදලා හිස් බස් එකක යන එක වෙනුවට අර කෙල්ලෝ සෙට් එක එනකම් ඉදලා එයාලා එක්කම යන්න හිටපු එක.මේ වෙනකොට කෙල්ලෝ සෙට් එක නම් කොල්ලෝ සෙට් එක ගණන් ගත්තේ නැහැ ,කොල්ලෝ ගණන් ගත්තට :D .  දැන් ඉතින් පන්ති ඉවරවෙලා හැමදාම අර කෙල්ලෝ සෙට් එකත් එක්කම එකම බස් එකේ එයාලව බයිට් කර කර අපේ කට්ටිය යනවා.

ආ මට කියන්න අමතක උනා , අර කලින් කිව්ව හොද ෆිට් යාලුවෝ දෙන්නගෙන් එක්කෙනක් මේ කාලය වෙනකොට ප්‍රේම සම්බන්ධයක් තියා කෙල්ලෙක් එක්ක මුණට මුණ බලාගෙන කතා කරලවත් නැහැ.විශ්වාස කරන්න බැරි උනාට ඒක එහෙම තමා. අපේ කතාවේ ප්‍රධාන චරිතය නැත්නම් කතා නායකයත් එයාම තමයි.මිනිහාගේ හිතේ තිබ්බේ උසස් පෙළ කරලා කැම්පස් එකකට පනින එක. අනිත් යාලුවා නම් එහෙම නැහැ.මිනිහා සමජශීලීයි.ඔය එව්වා මෙව්වා දෙක තුනක් එහෙමත් තිබ්බා. කැම්පස් පනින හීනයට වඩා  මිනිහට තිබ්බේ කවදා හරි රට යන්න ඕන කියන හීනය.

අපේ කතා නායක යාලුවට බස් එකේ යන කෙල්ලෝ සෙට් එකෙන් එක්කෙනෙක්ව සෙට් කරන්න අර අනිත් යාලුවට පොඩ් අයිඩියා එකකුත් එන්නේ මෙන්න මේ කාලෙදිම තමයි. ඔහොම අයිඩියා එකක් ආවම ඉතින් අනිත් අය බැහැලම සහයෝගය දෙනවනේ. අනිත් අයත් දැන් වැඩේට ෆුල් කැමතියි.දවසක්  අයිඩියා එක ආපු යාලුවා මෙහෙම අහනවා අපේ කතා නායකයාගෙන්...

 " මේ උබ අරකිට කැමතියි නේද "
 " කාටද බන් ? "
 " කාටද කියෙන්නේ බන් අර අපිත් එක්ක  බස් එකේ එකට යන්නේ බන්...අන්න ඒකිට.."
" මේ උබට පිස්සුද බන්..තව එක්සැම් එකට කොච්චර ටික කාලේද තියෙන්නේ..ඕව කර කර හිටියොත් එක්සැම් හබක් වෙනවා බන් "
" හරි හරි බන් උබ කැමතිද නැද්ද කියහන්කෝ..ඉතුරු ටික මම කරන්නම් ... "
" බෑ බෑ මට එපා බන්...උබ දන්නවනේ මම ඕවට නැහැ කියලා දැන්ම"
" උබ ඕන එකක් කරපන් මම එකිට කියනවා උබ කැමතියි කියල...... "

දැන් අර කතා නායක යාලුවා බලනවා මේ මොන දේවාලයක්ද මගේ ඔළුවට කඩන් වැටුනේ කියලා.කොහෙද ඉතින් යාලුවා උනත් මු කියන එක අහන එකක්ද. #$%(#@

දැන් ඔතන් පටන් බස් එකේ යනකොට බයිට් කරන එව්වා එහෙම කැරකෙන්නේ වෙන වෙන විදියට.වැඩේ මුලිකත්වය ගන්නේ කෙල්ල සෙට් කිරීමේ අයිඩියා එක ආපු යාලුවා. අනේ අසරණ යාලුවා ඉතින් හිනා වෙවී ඉන්නවා.වෙන මොනව කරන්නද ඉතින්.

කාලය ගෙවිලා ගෙවිලා පන්තියට එන අන්තිම දවසත් ආවා.දැන් අර කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ටිකක් විතර යාලුයි.දෙගොල්ලෝ කතා කරනවා ඒත් ඉතින් අපේ කතා නායක යාලුවා නම් තාමත් එක කෙල්ලෙක් එක්කවත් කතා කරලා නැහැ. පන්තිය අන්තිම වෙන දවසේ අර ෆිට් යාලුවෝ දෙන්නා අතරේ මෙන්න මේ වගේ කතාවක් යනවා

" මේ බන් අද දැන් ක්ලාස් ඉවරනේ...අද තමයි අන්තිම දවස..ඔන්න උබ ගිහින් අද අරකිගෙන් කෙලින්ම අහපන් කැමැතිද නැද්ද කියලා "
" උබට මෝල් ද  ? "
" මට මෝල් නැහැ බන්..එක්කෝ ඔව් නැත්නම් නැහැ..දෙකින් එකයි නේ."
" අනේ මට බැහැ බන්..අනික මට එහෙම එකී ගැන හිතිලා නැහැ..මම උබට කියලා තියෙනවනේ ඒක "
" මේ උබ ඕන එකක් කරගනින් මම අද උබේ මොබයිල් නම්බර් එක ඒකිට දෙනවා "
" මේ උබේ මොලේ නරක් වේගෙන එනවද..මගේ එක දෙන්නේ උබේ නම්බර් එක දීපං කෝ #^#$%@ "

කිව්වත් වගේ මේ යෝදයා නම්බර් එක කෙල්ලට දුන්නා.කෙල්ලත් ඉතින් මුකුත් නොකියා හිනා වෙවී නම්බර් එක ගත්තා. කට්ටිය හැමෝටම සතුටුයි...නම්බර් එක අයිති යාලුවට හැර.මිනිහා හිත හිත ඉන්නේ මොන මගුලක්ද මේ උනේ කියලා.

කොහොමින් හරි උසස් පෙළ විභාගෙට කලින් දවසේ අපේ කතා නායකයට කෙටි පණිවිඩයක් එනවා දන්නේ නැති නම්බර් එකකින්, විභාගෙට සුභ පතලා.කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් විපරම් කරනකොට දැනගන්න ලැබෙනවා අර නම්බර් එක ගත්තු ගැණු ළමයා තමයි මේ මැසේජ් එවන්නේ කියලා.මෙයත් ඉතින් මෙයාගේ හොදම යාලුවට මේ වැඩේ කිව්වා...

" ඒ මචං මේ අන්න අරකි මැසේජ් එකක් දාල තියෙනවා "
" කවුද බන් අරකි ??"
" අර ක්ලාස් ආවේ බන්..අර උබ හරකා වගේ නම්බර් එක දුන්නේ "
" නෑ...........පිස්සු හැදෙනවා.... ඉතින් උබ ඇහුවද කැමතිද කියලා "
" උබට පිස්සුද බන්.. #&%@#!^$@!  ...විභාගෙට විශ් කරලා තියෙන්නේ "
" අඩේ මරු මරු...ඒ කියෙන්නේ ඒකී උබට කැමතියි..හරි ගියාම අපිටත් කියපන් හරිද "
" මගුලක් කතා කරනවා "

උසස් පෙළත් ඉවර උනා කියමුකෝ.අපේ කතා නායකයයි අර කෙල්ලයි මේ කාලේ වෙනකොට කෙටි පණිවිඩ නිතරම හුවමාරු කර ගන්නව.කතා නායක යාළුවගේ හොදම යාලුවත් මේ අස්සේ නිතර නිතරම අහනව තාම කෙල්ලගෙන් කැමතිද කියලා ඇහුවේ නැද්ද කියලත්. ඔන්න ඔහොම කාලය කෙමෙන් කෙමෙන් ගලාගෙන යනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ අර හොදම යාලුවාගේ බලාපොරොත්තුවක් තිබ්බ කියලා රට යන්න. ඉතින් ඒ නිසා එයා ඒ අරමුණ ඉටු කරගන්න කොලඹ තිබ්බ අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවා. ලංකාවේ ටික කාලයක් ඉගෙන ගෙන ඉතුරු ටික පිටරට ගිහින් කරන්න පුලුවන් පාඨමාලාවක් එයා පටන් ගන්නවා. අර කෙල්ලත් ඒ ආයතනයනට යන්න තීරණය කරනව ඔන්‍න‍ ඔය කාලෙදිම.

තව ටික කාලෙකට පස්සේ අපේ කතා නායක මිත්‍රයට ආරංචි වෙනවා එයාගේ හොදම යාලුවා අර කෙල්ලත් එක්ක යාලු වෙලා ඉන්නවා කියලා. හොදම යාලුවා නම් ඒ බවක් කියලා නැහැ , වෙන යාලුවෙක් තමයි කියලා තියෙන්නේ , තාමත් හිතා ගන්න බැහැ ඇයි එහෙම කරේ කියලා. කොහොමින් හරි ඔය දේවල් වලින් පස්සේ මේ හොදම යාලුවෝ දෙන්නා අතරේ තිබ්බ හොද ෆිට් එක නම් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා ගිහින්.හැබැයි ඉතින් කතා නායකයා නම් එයාගේ හොදම යාලුවත් එක්ක කිසිම තරහක් තියා ගත්තේ නැහැ.එයාට හදවතින්ම සුභ පැතුවා.

ප.ලි - මේක සිරාවටම වෙච්ච කතාවක්. කතා නායකයාට නම් රටේ (අ)වාසනාවට මන්ද කැම්පස් යන්න ලැබුනේ නැහැ.මිනිහා නම් තාම ලංකවේ ඉන්නවා.හොදම යාළුවයි අර කෙල්ලයි දෙන්නා ලංකාවෙන් ඈත දුරු රටක තම තමන්ගේ ඉතුරු අධ්‍යාපනය කටුයුතු කරගෙන ඉන්නවා.

ප.ප.ලි - මේ පොස්ට් එක ටිකක් දිග වැඩි උනා.ලියපු දිගම පොස්ට් එකද මන්දා. . .

30 comments:

  1. හුටා! මාර සීන් එකක්නෙ.එක අතකට එහෙම උන එකත් හොඳයි.

    ReplyDelete
  2. අපෝ මේ එකට ඉන්න යාලුවෝ කරන දේවල් !!!!
    ගොඩක් වෙලාවට ආදර කතා වලට සපොර්ට් කරන එවුන් එක්ක කෙල්ල යාලුවෙක්න සීන් නම් ගොඩක්ම අහලා තියෙනවා. මොකද කෙල්ලෝ කැමතියි කොල්ලා කෙලින්ම ඇවිත් ඒකිගෙන් කමැත්ත අහනවා නම්.

    ඔය මාතෘකාවට දාලා තියෙන්නේ චින්තිගේ කඩප්පුලි ඇල්බම් එකේ සිංදුවක කෑල්ලක් නේ ?
    මමත් ආසයි චින්තිගේ සිංදු වලට. නමුත් පදමාලාව මෙලෝ රහක් නෑ. ඒ උනාට මියුසික් නම් එල. නටන්න පුලුවන් බීට් තියෙන්නේ. පට්ට. හැබැයි ලිරික්ස් නම් අමුම අමු චා !!!!

    ReplyDelete
  3. මේ මේ ඇත්ත කියපන් උබට නේද ඔය සීන් එක උනේ..ලොල්

    ReplyDelete
  4. ඔවා නම් මොනාද.... කෙල්ලො කොල්ලගෙ හොදම යලුවත් එක්ක කොටු පනින්නෙ...... ලොල්..!!
    (කිව්වා සැර වැඩිද ම්ංදා...)

    ReplyDelete
  5. තුන් කොන් ආදර කතාවක් එක කෙල්ලට කොල්ලො දෙන්නයි මේ වාගේ ලව් ස්ටොරියක් තියෙන මේ ව්දිහටම ච්ත්‍රපට්යක් මම බලලා තියෙනවා එකේ නම දිල් කා රිස්තා (Dil Ka Rishta ) මේකේ කතාව මේ ව්දිහට වාගේමයි හරි කමක් නැ කතාව හොදයි එහෙනම් අපි ආයේ එන්න

    ReplyDelete
  6. @ නදීර - හි හි..හැමදේම වෙන්නේ හොදටයි කියලත් ඉතින් කියනවනේ

    @ මධුරංග අයියා - 100 % එකගයි අය්යේ..ඒ වගේ සිද්ධි නම් ඉතින් අනන්තවත් තියෙනවා..ලෝක ස්වභාවයනේ ඉතින් ;)

    පොස්ට් එකේ මාතෘකාවට දැම්මේ චින්ති ගේ සින්දුවක් තමයි අය්යේ[කඩප්පුලි ඇල්බම් එකෙන්].මට හිතුනා ඒක මෙතනට ගැලපෙනවා කියලා..මේ සින්දුවේ නම් පද මාලාව එච්චරම අවුලක් නැහැ.[වසන්ත දුක්ගන්නාරාළ මේක ලියලා තියෙන්නේ].සමහර ඒවා නම් ඉතින් මෙලෝ රහක් නැහැ..කිව්වත් වගේ බීට් එක නම් මැක්සා..

    ReplyDelete
  7. @ වේලාව ලගයි - Dil Ka Rishta එකෙත් තිබ්බේ මේ වගේ සීන් එකක්ද..ෆිල්ම් එක බැලුවා කියල නම් මතකයි..කතාව නම් එච්චරම ඔලුවේ නැහැ..ස්තුතියි ප්‍රතිචාරයට.. :)

    @ buwa - හි හි..ඒක අහන්න එපා මචන්

    ReplyDelete
  8. @ අචල මලයා - බෑ බෑ ඒවා කියන්නේ නැහැ... :P

    @ සමිත - උබ නම් දන්නවද මන්දා..

    පලවෙනි ඇනෝ - පල පල..

    දෙවෙනි ඇනෝ - සැර වැඩිදත් අහනවා..එහෙමත් ඒවා ඉතින් මේ රටේ වෙනවනේ...

    ReplyDelete
  9. බැඳපු ගෑනු වෙන මිනිස්සු එක්ක යන කාලේ ඕක මහා ලොකුදෙයක් නෙව් මචෝ...

    ReplyDelete
  10. මේකෙ ඉතින් වැරැද්දක් කියන්නත් බෑ. මොකද මේ කොල්ලට කෙල්ලව සෙට් කරගන්න උවමනාවක් තිබිලත් නෑ නෙ...

    ReplyDelete
  11. අනිවා මේක උනේ උබට.. වෙන මොන කතාද...උබටම තමා..

    අඩේ මම මෙච්චර කාලයක් හිතන හිටියේ මම උබව ෆලෝ කරනවා මු දැන් ලියන්නේනෑ කියල. මොකද මම බ්ලොග් රෝල් එකේ ඒවාට විතරයි යන්නේ. වෙලාව පොඩ්ඩක් අඩුයි බං. "මොනවද බං අලුත් පොස්ට් එකක් දාපන් කියන්නයි" අද අවේ. ආවමනේ දැක්කේ මම මේකේ නෑ කියල. සොරි වෙන්න ඕනේ. දැන් ඉතින් දිගටම එනවා මේ පැත්තේ.

    ReplyDelete
  12. mokada mehema akak danna hethune :/

    ReplyDelete
  13. පව් කොල්ලා . . . තාම තනිකඩයද . . .:D

    ReplyDelete
  14. @ ආගන්තුකයා - ඒක ඇත්ත මිත්‍රයා..කොල්ලට නම් එහෙම සීන් එකක් තිබ්බේ නැහැ..

    @ ADK කොලුවා - ලොල්..ලොල්..ලොල්..ලොල්..
    අයියෝ ඕවා මොනවාද මචං..අවුලක් නැහැ ඉතින් දැන් ඉදන් එනවනේ. :)

    ReplyDelete
  15. @ Cool Girl - ආ ඔයා ඒකට උත්තරේ දන්නවනේ.. ;)

    @ සුශාන් - ආ නැහැ නැහැ...දැන් නම් මිනිහත් ඩබල් වෙලා :D :D

    ReplyDelete
  16. මේ ඔය ක්ලාස් එක සදුදා සක්යා එකේ තිබ්බ බද්දේ ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එක නෙමයි ලු නේද... :P :P

    ReplyDelete
  17. අප්පා මමත් ඔය වගේ සීන් දැකලා තියෙනවා ඕන තරම්

    ReplyDelete
  18. onna chamma ekka chat karaddi una deval//
    --------------------------------

    me:-
    lol
    idapan.. uta oya blog eka yavanna
    hee hee

    chamma:-
    lol
    ithuru eka mama newei oi

    me:-
    hee heeeeeeeeeeeeeeeeeeeeeeee

    chamma:-
    i am jst a 3 rd person

    me:-
    11:24pm
    adoo
    so
    then ituru eka uba tama

    1st - kolla
    2nd kella
    3rd uba
    dan ubama kivve oya 3rd person kiyla

    ----------------------------------------

    chamma da manda ani eka.. LOL

    ReplyDelete
  19. නියමයි මචන්.. ගන්න දේවල් ගොඩක් තියෙනවා.. කට්ටිය හිතනවා කෙනෙක්ට අද්දැකීමක් ලැබෙන්නම ඕනි කියල යමක් තේරුම් ගන්න.. ඒත් මේ වගේ දේවල් ආදර්ශයට අරන් අපිට හැදෙන්න පුලුවන්.. වටිනා ලිපියක්.. ස්තූතියි බෙදාගත්තට

    ReplyDelete
  20. ලස්සන කතාවක් , තව ලියන්න මේ මහළු අපිටත් අපේ තරුණ කාළේ මතක් කර ගන්න හොද කතා තමයි ඕව

    ReplyDelete
  21. @ ඇනෝ - අනේ අනේ මම නම් ඕවා දන්නේ නැත.. ලොල්

    @ පිස්සු පුසා - හී හී..බලන් යනකොට පොදු කේස් එකක් වගේ නේ..

    @ Samitha - අපෝ උබලත් එක්ක චැට් කරනකොට ප්‍රවේසමෙන් තමයි චැට් කරන්න ඕන.. :P :P
    භයානකයි නේ...

    ReplyDelete
  22. @ යසයා - හී හී ..බලමු බලමු ඉස්සරහටත් මේ වගේ එව්වා ලියන්න ;) ;)

    @ මහේෂ් මහතා - අනේ ඔබතුමා කොහොමද මහළු උනේ..? තරුණ කාලේ සුන්දරත්වය මතක් කරලා දෙන්න මටත් පුළුවන් උනා නම් ඒක සතුටක් :)
    ස්තුතියි මේ පැත්තේ ආවට :) :)

    ReplyDelete
  23. කැත් වැඩේ කරලා තියෙන්නෙ .........

    ReplyDelete
  24. අවුලක් නෑ.. කතා නායකයාට කෙල්ල ගැන අදහසක් තිබුණේ නෑ! යාලුවාටත් ඉතින් දන්න කියන කෙල්ල නිසා අදහසක් පහළ වෙන්න ඇති.. සංසාරේ! සංසාරෙ!

    ReplyDelete
  25. You misunderstood brother.......I'm not mean to do like that what so ever!!!!& what makes us apart is that we are in two different paths at first place.Can you remember how many times that i asked you to come to that institute.I never try to betray you what so ever bro.....You still my brother you still one of my best friend i never forgot the things that you & me done together!!!!Even i'm in some other country i misses my country my parents my friends like hell man......I never mean to betray you....I tried that with all my heart!!!Hope you can realize that!!!

    take Care brother

    ReplyDelete
  26. හොද කතාවක්....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!