Tuesday, November 8, 2011

ඇවෙන්ජර් හිට්ස් I - මලියා

මේ දවස්වල ඇවෙන්ජර්ස් කිව්වම මතක් වෙන්නේ ඊළග අවුරුද්දේ එන්න තියෙන ෆිල්ම් කටුව නේ.වුල්වරින්,අයන් මෑන් එතකොට හල්ක් , තෝර් , කැප්ටන් ඇමෙරිකා වගේ තනි තනිව ආපු ෆිල්ම් සෙට් එකේම හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඔය කියපු ඇවෙන්ජර් ෆිල්ම් එකේ එනවා.

දැන් ඉතින් මගේ මේ පොස්ට් එකයි ඇවෙන්ජර්ස් එකයි අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කට්ටිය බලනවා ඇතිනේ.මතක ඇතිනේ මම කලින් පොස්ට් එකක් ලිව්වා අපේ ප්‍රොජෙක්ට් ගෘප් එකේ හිටපු ඇල්බා ගැන.මගේ ඇවෙන්ජර් හිට්ස් ලිස්ට් එකේ පලවෙනි ඇවෙන්ජර් තමයි ඇල්බා.කළින් නම් හිතාගෙන හිටියේ අපේ ගෘප් එකේ හිටපු සෙට් එක ගැනම වෙන වෙනම ලියන්න (හරියට තනි තනිව ඇවෙන්ජර් ෆිල්ම්ස් ආවා වගේ ), ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙලා කරපු දේවල් ලියන්න (ඇවෙන්ජර් හිට්ස් ෆිල්ම් එක වගේ ).ඒත් ඉතින් කොහෙද වෙලාවක් සෙට් උනේ නැහැ නේ වැඩේ කරන්න.දැන්නම් වෙලාව එහෙම තියෙන එකේ වැඩේ පටන් ගන්න ඕන.එහෙනම් ඉතින් පටන් ගම්මු මගේ ඇවෙන්ජ්ර් හිට්ස් ලිස්ට් එක.

පලවෙනි ඇවෙන්ජර් තමයි මලියා.පොරගේ හරිම ආසාවක් තිබ්බා පොරට වුල්වරින් කියලා කියනවට.ඒ හින්දම පොර කොන්ඩෙයි,රැවුලයිත් වැවුවා.අපේ අයගේ ඉතින් කට කැඩ්ච්චකමට 'වවුල්වරින්' කියලත් කිව්වා පොරට. අපි කරපු ප්‍රෝජේක්ට් ගොඩකම ප්‍රෝජෙක්ට් මැනේජර් මලියා තමා.ආයි ඉතින් කියල වැඩක් නැහැ, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගෘප් එක මෙහෙයවීම උපරිමෙට කරා. කොච්චර හොදට කරාද කියනවානම් ඉතින් අපිට දෙන්න තිබ්බ සමහර Document එහෙම බාර දෙන්න ඕන වෙලාවට පස්සෙ තමයි අපි දෙන්නේ.'ටයිම් මැනේජ්මන්ට්' උපරිමයි.

තව දෙයක් තමයි මලියගේ කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස්.අපේ අය අතරේ නම් ප්‍රසිද්ධ වෙලා තිබ්බේ "මල්-ස්ටැන්ඩර්ඩ්ස්" කියලයි.මේ ක්‍රමය ඕනම Class,Variable,Interface ලියනකොට වගේම File එකක් නම් කරනකොට යොදාගන්න පුළුවන්.හරිම පහසුයි සහ සරලයි.හැබැයි පාවිච්චි කරන්න පුළුවන් එකම එක අකුරකුයි එක වචනයකුයි විතරයි , ඒ තමයි m අකුරයි mal කියන වචනෙයි.වැඩේ තේරුනේ නැහැ වගේ මේ පහල තියෙන උදාහරණ ටික බලන්නකෝ.
m.txt , mmm.css , mal.cs , mal1.html , int m , class mal1, mmmmm1.aspx

දැන් වැඩේ මීටර් නේ.අපේ මලියා ලියපු කෝඩ් කොහෙද එතන ඔය මම කියපු කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් අනිවාර්යයෙන්ම පාවිචිචි කරලා තියෙනවා.ඒක හින්දා ඉතින් මලියගේ කෝඩ් එකක් කවුරුහරි ගත්තු ගමන්ම කරන්නේ ඔය කෝඩ්න් ස්ටැන්ඩර්ඩ්ස් ටික වෙනස් කරන එක.

අර කතාවක් තියෙන්නේ මීයා පිටකරන දුම මීදුම කියලා.අන්න ඒ වගේ මලියා ගහන කෝඩ් "මල්-කෝඩ්" මලියා ලියන ඇල්ගොරිතම් "මල්ගොරිතම්" උනා.කියන්න අමතක උන විශේෂම දෙයක් තියෙනවා ඒ තමයි "මල්-ප්ලෑනින්".අපේ මේ අවරුදු දෙක තුන ඇතුලේ "මල්-ප්ලෑනින්" වලින් අපේ අය ගොඩක් වැඩ කරගත්තා.මල්-ප්ලෑනින් වල තියන එක "ස්ට්‍රැටජියක්" මම කියන්නම්කෝ.

දැන් අපි හිතමු අපිට ඉන්නවා ෆේස් බුක් එකේ ලස්සන කෙල්ලෙක්.හැබැයි ඉතින් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මට ඇක්සෙප්ට් කරන්නෙත් නැහැ.ඔන්න ඔය වගේ වෙලාවකට මලියගේ මල්-ස්ට්‍රැටජියක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්.මුලින්ම කරන්න ඕන ඔය අදාළ කෙල්ලගේ යාළුවෝ කට්ටියක් හොයාගන්න එක.ඊට පස්සේ කරන්න ඕන ඒ අයට රික්වෙස්ට් දාන එක.මේක ඉතින් එක්කෙනක් දෙන්නෙක්ට නෙවෙයි 20-30 කට වගේ කරන්න ඕන.( මොකද ඉතින් කෙල්ලගේ යාලුවොත් ඇක්සෙප්ට් නොකිරිමේ ප්‍රවණතාවයක් තියෙනවනේ).ඔහොම රික්වෙස්ට් දාලා කවදා හරි ඉතින් ඔය කට්ටිය ඇක්සෙප්ට් කරනවනේ.අන්න ඒ කාලේදී අර අපිට මුලින්ම සෙට් කරගන්න ඕන කෙල්ලට රික්වෙස්ට් දාන්න ඕන.එතකොට එයා අනිවා ඇක්සෙප්ට් කරනවා.මොකද ඉතින් Mutual Friends ලා ගාන වැඩියි නේ.මේ මල්-ස්ට්‍රැටජිය සියයට සීයක්ම අපේ මලියගේම අදහසක්.නිරවද්‍යතාවය එහෙම පුද්ගලිකවම සහතික කරලයි තියෙන්නේ.

මලියා ගැන තවනම් ලියන්න දේවල් ගොඩක් තියෙනවා, අපේ දන්න කියන අය ඉතින් මේක දැක්කොත් දාන කමෙන්ට්ස් වලින් තව විස්තර හොයාගන්න පුළුවන් වෙයි.

ප.ලි - ඇවෙන්ජර් හිට්ස් II ඊළග පොස්ට් එකෙන් බලාපොරොත්තුවන්න.

22 comments:

  1. එක පාරටම මිටර් උනේ බ්ලොග් ලියන අපේ මලියා ව.. ඌ නම් නෙමේ වගේ.. ලියමු ලියමු කතා මාලාවම

    ReplyDelete
  2. නියම යාළුවෝ ට්කක්නේ...

    ReplyDelete
  3. තට්ට අයියා....November 8, 2011 at 9:11 AM

    එකක් දෙකක් නෙවේ හැම ප්‍රොජෙක්ට් එකේම මැනේජර් රැවුලා තමා...ටයිම් මැනේජ්මන්ට් විතරක් නෙවේ බොරු මැනේජ්මන්ට් එක (බොරු කියලා සුපවයිසර් මෝඩයා කරන එක)උපරිමයට තිබ්බා...ඇත්තටම දැන ගන්න කියන්නේ කරපු හැම ප්‍රොජෙක්ට් එකම 100% ඉවර කරලා තියෙන්නේ..
    ඔය අන්තිම චේදය පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ...ඕකා ලස්සන කෙල්ලෙක්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවන්න නෙවේ...ලස්සන කෙල්ලෙක් ට පොඩි ලයින් පාරක් දාන්න තමා ඔය මෙතොඩ් එක පාවිච්චි කලේ...අපේ මලියා ඕක පාවිච්චි කළා තමා හැබැයි එතකොට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා....
    තිබ්බ විශේෂම දෙය නම් දවල් 12.00 වෙන කොට මිනිහගේ බද දගලනවා...ඊට පස්සේ ඉතින් GAS...හරියට 12.00 කාවේ නැත්නම් මනිහා ඉවරයි...විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා...අපේ මලියා සිගරට් දුමට හරිම ආසයි....කව්රු හරි සිගරට් බීල මලියා ළඟ ඉඩ ගත්ත ගමන් මිනිහාගේ මුළු සර්වාන්ගයේම තියෙන සෙන්සර් ටික වැඩ කරන්න පටන් ගන්නවා..ඉතින් ඊට පස්සේ ප්‍රොජෙක්ට් කිරිල්ල නවත්තලා බීපු එකා එක්ක මරා ගන්නවා...
    ඇත්තටම කිව්වොත් පොර හෙන ROCK MUSIC ෆෑන්...ඔය ප්‍රොජෙක්ට් කරන අතර තුර එක පාරට ඔටෝ චූන් වෙන වෙලාවල් ඕන තරම් තිබ්බා...අන්න ඒ වෙලාවට අපිට ඔලුව කැක්කුම හැදෙනවා...
    කියන්න ඕනේ විශේෂම කාරණය තමා පොරට තිබ්බා පට්ට මෙමොරි (මතකයක්)..මතක වෙනකොටත් හරිම සතුටුයි මට (අපෙන් අහනවා මම මොනවද බං කියන්න ගියේ කියලා)හිතා ගන්න පුළුවන් නේ...දවසේ වැඩ කටයුතු මොනවා අමතක වුනත් පාරේ යන ඇහැට කනට පේන කෙල්ලෙක් දැක්කොත් අවුරුදු 2 ක් ගියත් කියයි.."අරකි එදා මෙහෙම ඩෙනිමක් ගහලා ගියා මචං කියලා"
    මලියා හෙන ක්‍රිකට් ෆෑන්...කොච්චර ෆෑන් ද කිව්වොත් මිනිහා කලින් ගිය දවසේ මැච් එක රඟපාලා කියද්දී අපිට හ්යිල්යිට්ස් බැලුවා වගේ..
    මොනවා වුනත් හිත හොඳ කොල්ලා..කියනවා නම් කියන්න ඕන තරම් දේවල් තියෙනවා මලියා ගැන...එහෙම ගියොත් චම්මාගේ පොස්ට් එක ඇතුලේ වෙනම අවේන්ජර් හිට්ස් පොස්ට් එකක් මට ලියන්න වෙයි.....

    ReplyDelete
  4. මඩ බාල්දි ගානට දෙන්න වගේ යන්නේ.. ඔන්න කොල්ලෝ නාන්න බලාගෙන හිටපන්.. උන් බ්ලොග් එහෙම බලනවා ඇතිනේ..

    ReplyDelete
  5. @ දේවා - නැහැ මචෝ..පොර නෙවෙයි... :D

    @ මාළු යාලු - අනිවා අනිවා.. ;)

    ReplyDelete
  6. @ තට්ට අයියා - අඩේ ඔන්න මමනම් මුකුත් කියන්නේ නැහැ..මාර සීන් එක කියන්නේ මට ඔය අන්තිම ටික මිස් උනානේ..
    ක්‍රිකට් සීන් එකනම් මතක් උනේම නැහැ නොවැ..

    @ක්සැන්ඩර් අයියා - හිකිස්‌..ඔව් ඔව් කට්ටියම බ්ලොග් බලනවා..අනේ ඔන්න මගේ නම් තුන් හිතකවත් නැහැ මඩ ගහන චේතනාවක් නැහැ..
    මම ඉතින් හොද ළමයා නේ :)

    ReplyDelete
  7. හෆ්ෆා මඩ හෝදලා පිරිසිදු කරලයි ගහලා තියෙන්නෙ !

    ReplyDelete
  8. තට්ට අයියා...November 8, 2011 at 3:23 PM

    මම හැමදාම උඹට කිව්වානේ පබ්ලිෂ් කරන්න කලින් proof චෙක් කරන්න මට එවන්න කියලා....:P

    ReplyDelete
  9. oya malitha kiyana eka ehama ekek neme mama hodata dannava.mun uta mada gahanava

    ReplyDelete
  10. මට නම් මලියා ගෑන කියනකොටම මතක් වෙන්නේ මිනිහගෙ අන්දමන්ද වෙන talks ටික තමා..
    දවසක් උදේ 7.30 විතර ඈති.. මට කෝල් එකෙක් අවා unknown නම්බර් එකකින්.. මාත් ඉතින් හෙන ගේමක් දීලා කෝල් එක answer කරා... ගත්ත ගමන් dial එකෙක් ඉදගෙන මගෙන් අහනවා,
    "මචන් මම අර අර අතන දොර ලග ඉන්නේ... එක තාම ඈරලා නෑ නෙ බන්..... අද ඒක වහලද බන්.."
    කතා කරන විදියෙන්ම අදුරගන්න පුලුවන් මලියා කියලා... ඒ උනට මු කියන මගුලක් තේරෙන්නේම නෑ... මිනිහා මේ උදේම ගිහිල්ල තියෙන්නේ මායි චම්මයි කියපු class එකෙක් ලගට... ඒ උනාට ඉතින් මම දන්නවද "අර අර අතන කිව්වාම" ඒ වගේම තාමා මිනිහා කෙල්ලක් ගෑන කිව්වත් කියන්නේ.."අර අරහේ ඉන්නේ බන්... අරකි, දන්නේ නෑද්ද බන්.."
    අර, අරය මෙයා කිව්වට, අපේ තට්ට අයියා කිව්වා වගෙ වචනයේ පරිසමාප්තයෙන්ම හිත හොද කොල්ලෙක්.. දවසට 2-3ක rate එකෙක් තියනවා :P :P :P

    ReplyDelete
  11. මල් ගොඩයි. අඩේ ඔහොම ෆයිල් නේමින් කරනවා යෑ බොලෑ.
    එතකොට නෙමින් කන්වෙන්ශන් කැලේ නේ බොල. අම්මෝ.

    මෙහෙම කම්පැනි වලට ගිහින් කලාම බැනුන් අහන්නත් පුලුවන්. :)

    ReplyDelete
  12. අර ස්ට්‍රැටජී එකනම් මරු.. ට්‍රයි කරලා බලන්න ඔන. මලියට පින් සිද්ද වෙන්න..

    ReplyDelete
  13. තට්ට අයියා...November 9, 2011 at 8:07 AM

    ස්ට්‍රැටජී එක ට්‍රයි කරලා බලන්න සමහර විට කෙල්ල වෙන කොල්ලෙක් එක්ක ගිහින් ඉන්න පුළුවන් එතකොට....

    ReplyDelete
  14. deva kiwwa katava attada kiyalat hituna, oya mama neme neda?? sure da??

    kellage katavai mal-coding ehema mamat sambandai :D

    (sama venta oona, mage sinhala kadila :/ post ekakvat daanna vidiyak naa.)

    ReplyDelete
  15. @ වෙනි අයියා - ඇති විශේෂ පිරිසිදු කිරීමක්

    @ අචල මලයා - :D :D

    @ තට්ට අයියා - ඔව් ඔව් මීට පස්සේවත proof චෙක් කරන්න බොට එවන්න ඕන තමා

    ReplyDelete
  16. @ pissu man - මේ කතාකරන්නේ කවුද කියා මම දනිමි :P

    @ samitha - ඇයි අර මෙව්වා එක ඉන්ස්ටෝල් කරන කතාව ;)

    @ මධුරංග අයියා - හිකිස්‌ :)

    ReplyDelete
  17. @ හිතු - ආයිත් අහලා නියම සෙට් එක ;)

    @ දිනේෂ් - කොරලා බලන්න , ආයි වැඩේ ශුවර් ;)

    @ පික්සු මලියා - අඩේ කොහෙද බෝල අතුරුදහන් වෙලා හිටියේ..

    ReplyDelete
  18. මලියට කැලෑ කොල්ලා කියලත් කියනවලු ඕන්...

    ReplyDelete
  19. තට්ට අයියාNovember 21, 2011 at 11:32 AM

    ඩොටී අක්කා කැලෑ කොල්ලට බය නෑලු...

    ReplyDelete
  20. "මාත් ඉතින් හෙන ගේමක් දීලා කෝල් එක answer කරා"
    ඔය වචන ටික දකින ඕන කෙනෙක් අහනවා නේ ඇයි සමිත හෙන ගේමක් දීලා කෝල් එකට answer කලේ කියලා...එතකොට මිනිහා කියනවා ඒ දවස් වල මම දැන් පාව්ච්චි කරන Blackberry එක තිබ්බේ නෑ..හෙන පරණ චයිනීස් ෆෝන් නේ මචං කියලා..

    කොහොමද අපේ සමිතයාගේ මර්කටින්(ග්) පාර.....

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!