Friday, November 11, 2011

ඇවෙන්ජර් හිට්ස් II - අයි.යු

ඔන්න ඉතින් අන්තිමට ඇවෙන්ජර් හිට්ස් I - මලියා ගැන විස්තරේ කිවුවනේ.මම ඉතින් කිව්වත් වගේ පොස්ට් එකේ ලිව්වට වඩා කරුණු කමෙන්ට්ස්වලින් ආවා.එදා කිව්වා වගේ ඔන්න ඇවෙන්ජර් හිට්ස් II කොටස කියන්නයි මේ හදන්නේ.මේ තමයි අපේ සෙට් එකේ දෙවැනි සාමාජිකයා.I.U (අයි ලව් යු නෙවෙයි.). අපේ සෙට් එකේ හිටපු සද්ධන්තම බුවා තමයි මෙයා. මලියට වුල්වරින් සෙට් වෙනවා නම් අයි.යු ට හරියන්නේ හල්ක් තමා.

අපි කරපු ( කරන්න හිටපු ) ප්‍රොජෙක්ට් ගොඩකම ක්‍රියාකාරී සමාජිකයෙක් තමා අයි.යු.Resource Allocating කියන සබ්ජෙක්ට් නම් උපරිමයෙන්ම පුළුවන්.උදාහරණයක් විදියට, මලියා කිව්වොත් ලබන සතිය වෙද්දී Router එකක් ඕන කියලා , ආයි නෑ මොන ලෝකෙන් හරි Router එකක් ලබන සතිය වෙනකොට අයි.යු ගෙනත් දෙනවා.එච්චරට විවිධාකාරයේ සම්බන්ධතා අයි.යු ට තිබ්බා.ඒ නිසා අපේ ගෘප් එකට කවදාවත් රිසොස් පැත්තෙන් ප්‍රශ්න නම් තිබ්බේ නැහැ.සමහරු නම් ඉතින් ඔය සම්බන්ධතාවලට එක එක කට කැඩිච්ච කතා කිව්වා, ඒ උනාට මොකද පල ඇති ගහටනේ ගල් වදින්නේ කියනවා වගේ අයි.යු නම් සැලුනේ නැහැ ඒ කතාවලින්.

අයි.යු මේ මෑත කාලයක් වෙනතුරුම ලෝක වාර්තාවක් තියාගෙන හිටියා.දැන් නම් ඒකේ තත්වය කොහොමද දන්නේ නැහැ.වාර්තාව තමයි අවුරුදු තුනක් යනකම් කිසිම ඩ්සයිනින් ටුල් එකක් ගෙදර පරිගණකයේ දාගෙන නොතිබීම.දැන් ඉතින් පුදුම වෙන්න එපා , එහෙනම් මේ යෝධයා කොහොමද අවුරුදු තුනක් තිබ්බ විභාග / ප්‍රැක්ටිකල් එහෙම පාස් උනේ කියලා.ඒකට තමයි කියන්න ටැලන්ට් එක කියලා.මගේ මතකයේ හරි නම් මේ වෙනකම් කිසිම සබ්ජෙක්ට් එකක් අයි.යු අවුල් කරගෙන නැහැ. කොහොමද හැකියාව.

හැකියාව ගැන කිව්වම මතක් උනේ , ඔය මම කිව්වා හැකියාවට අමතරව තව විශේෂ හැකියාවන් රාශියක් අයි.යු ට තිබ්බා.අනේ ඉතින් ඒවා දන්නෝ දනිති.අපේ රංග අයියා ප්‍රසිද්ධ වැඩේටත් අයි.යු ප්‍රසිද්ධයි.තවත් අයි.යු කිව්වම මතක් වෙන දෙයක් තියෙනවා ඒ තමයි අයි.යු සහ විභාග කියන එක අයි.යු ගේ වැඩියෙන් ඇක්ටීවී කාලවලින් එකක් තමයි විභාග කාල සීමාව.විභාගයට කලින් දවසේ ඉන්න ඕන , විභාග ශාලාවේදී ඉන්න ඕන කොහොමද කියන එක ගැන උපදෙස් ගන්නවනම් , නියාම පුද්ගලයා අපේ අයි.යු තමයි මල් ස්ට්‍රැටජී වගේ තමා මේ ක්‍රමත් අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි.

අන්තීමට කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා, ඒක තමා අයි.යු ගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා ශ්‍රි ලංකාවේ පොලිසියට යන්න.ඉතින් ලංකාවේ පොලිසිය අද තියෙන තත්වයෙන්
මුදාගන්න අයි.යු ට හැකිවෙන්න කියලත් මමතුමා ලාවට වගේ ප්‍රර්ථනා කරනවා.

ප.ලි - පුරුපුරු මේක කියවනවනම් , ඔයා හිතන අයි.යු ම තමයි මේ ;)

19 comments:

  1. අයි යූ හොඳ වැඩකරුවෙක් වගේනේ,. :)

    ReplyDelete
  2. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියනවනේ...

    ReplyDelete
  3. ඔය කියන අයි යූ චම්මා මල්ලිම ද දන්නේ නෑ. කවුදෑ දන්නේ.
    ඒක නෙමේ. ඔය අයි යූ කියන නම හැදුනේ කෝමද ??

    ReplyDelete
  4. අයි යූ පොරක් කියා මට හැඟේ

    ReplyDelete
  5. මම දන්න විදිහට මිනිහා visual studio 8 එක දාගත්තා ෆයිනල් එකට සතියකට කලින්.එත කොට තමා දන්නේ සිසිටම් එක කරලා තියේනේ visual studio 10 වලින් කියලා

    ReplyDelete
  6. අනේ යන්න ඇනෝ...අයි.යූ තාම ඔය මුකුත් ඉන්ස්ටෝල් කරලා නෑ...

    ReplyDelete
  7. @ ප්‍රර්ථනා - එහෙනම් එහෙනම්

    @ දිනේෂ් - :D

    ReplyDelete
  8. @ මධුරංග අයියා - අනේ බුදු අයියේ , මම නම් නෙවේ අයි.යු , ඇරත් ඉතින් මට එහෙමට කියලා සද්ධන්ත ශරීරයක් තියෙනවද :)

    @ සදරු - ආයිත් අහලා , පොරවල් වලත් පොරක් :)

    ReplyDelete
  9. @ පලවෙනි ඇනෝ සහ දෙවැනි ඇනෝ - හිකිස්‌..අනේ ඉතින් මම නම් ඔව්වා ගන මුකුත් කියන්න යන්නේ නැහැ... :P

    ReplyDelete
  10. මලියා , අයි යු ගැන දැන ගත්තානේ... දැන් ඉතින් චම්මාගේ කතාව කියමුද??

    ReplyDelete
  11. හිකි හකි.. ඔය ජෝන්ට අනිවා උබට උම්මා එකක් දෙයි දීල තියන ප්‍රොමෝෂන් එකට..

    ReplyDelete
  12. චම්මා උබේ කතාව කියමු නේ..... ලොල්
    ඔන්න මමත් උබේ බ්ලොග් එක ෆලෝ කොරන්ට පටන් ගත්තා... ඩී

    ReplyDelete
  13. මධුරංග අයියා අහපු ප්‍රශ්නෙම තමයි මටත් මුලින්ම ආවෙ. කොහොමද ඔය නම හැදුනෙ ඇත්තට??

    ReplyDelete
  14. පසට මඩක් ගහන්නේ අර රංගයාව ඕවර්ටේක් කරන්නද?

    ReplyDelete
  15. ane manda ban ubata meka genanan liyala ewara karanna beri wei....ai machan pora ape talent show eka kara.....ekanan niyametama una...eth minehata eke weda walata mal wagayak aduwela...eta passe dehiwala kanaththata gehella thamai mal hoyagena awella thiyenne...aparadee kiyanna be....ape kello tikakth ara mal tika badagena lassanata 4tos gahanawa....eththa minehata kawadawath Resource walinnan aduwak wela nathuwa athi...(me kathawa aththada boruda kiyalanan danne...mewa minissu kiyana katha. eth ginnak nathuwa dumak naginneth nane....)

    ReplyDelete
  16. ටැලන්ට් ෂෝ එකේ වුනු ගොඩක්‌ දේවල් අදත් දේව රහස්‌

    ReplyDelete
  17. ඔය අන්තිමට කොමෙන්ට් එක දාපු ඇනෝ ට මම මේ කියන්නේ....දන්නේ නැති දේවල් කියලා මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ අපහාස කරන්න එපා...අපි මල් ගෙනාවේ දෙහිවලින් නෙවේ...බොරැල්ලෙන්...දෙහිවල කනත්තේ කොහෙද හලෝ එච්චර මල් ගොඩක් හොයන්නේ..

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!