Friday, December 30, 2011

31 රෑ මොකද කරන්නේ ?

මීට අවුරුදු 10 කට කලින් 31 රෑට මොකද කරන්නේ කියලා ඇහුවොත් ගොඩක් දුරට ලැබෙන උත්තරේ තමයි හොද සංගිතයක් තියෙනවා ඒක බලන්න තමා ඉන්නේ කියන එක.අලුත් අවුරුද්ද උදා වෙන එක එහෙමත් නැත්නම් 31 රෑ ගොඩක් රටවල් ලොකුවට සමරන දෙයක්.අපේ රටේ නම් ඉතින් ( ලොකු හෝටල් අයින් කරාම ) ,31 රෑ මහා ලොකුවට සමරන්නේ නැති තරම්.

මට මේ කියන්න යන එක මතක් උනේ 31 රෑ ලංකාවේ ටි.වී චැනල්වල පෙන්නන්න තියෙන ෆිල්ම්ස් ටික දැක්කමයි.2011 අවුරුද්දේ හිට් උන ( ඒ වගේම හිට් උනේ නැති ) හින්දි ෆිල්ම්ස් ලංකාවේ චැනල් හැම එහෙක්ම වගේ පෙන්නනවා.ඒ උනාට මීට අවුරුදු 10 - 12 කලින් නම් තිබ්බේ සෑහෙන්න වෙනස් දෙයක් නේද කියලා පොඩ්ඩක් මතක් කරොත් මතක් වෙයි.ඒ කාලේ 31 රෑට අපේ රටේ චැනල් පෙන්නුවේ අනිවාර්යයෙන්ම සංගීත සංදර්ශනක්.හැම නාලිකාවකවම සංගීත සංදර්ශන පෙන්නුවාට මොකද , ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්.ස්වර්ණවාහිනියේ ගෝල්ෆේස් එකේ ප්‍රසංගය පවත්වනකොට සිරසේ කොළඹ නගර සභා පිටියේ එයාලගේ ප්‍රසංගය තියෙනවා.

ඔය ප්‍රසංගවලත් හොදම එක නැත්නම් උපරිම තලයකට ආපු එක තිබුනේ වර්ෂ 2000 ලබනකොටයි.ජාතික රුපවාහිනීයෙන් ගාල්ල සමනළ පිටියේදී කරා ලස්සන ප්‍රසංගයක්.ස්ටේජ් එකට තිබුනේ නැවක්.ස්වර්ණවාහිනියෙන් ගෝල්ෆේස් එකේ තවත් ලස්සන ප්‍රසංගයක් කරා.පිටසක්වළ යානවක් ගොඩ බැහැලා එක එක අලුත් වැඩ ගොඩක් එකේ තිබ්බා. ( සිරසෙන් 2000 කරපු ප්‍රසංගය නම් මතකයේ නැහැ ).2000 න් පස්සේ ඊළග අවුරුදු වල ස්වර්නාහිමානය කියලා කරපු ප්‍රසංග මාලාවත් සෑහෙන්න නිර්මාණශිලියි.මට මතක හැටියට.තමන්ගේ මැදිරි සංකීර්ණ එහෙම ගොඩක් ලස්සනට හදලා ඒ නිර්මාණ කරලා තිබ්බා.ඔය කාලේදී වගේ තමයි ඉන්දියාවෙන් සින්දු කියන අය ගෙනල්ලා ඔය ප්‍රසංග වල සින්දු කිව්වෙත්.

ඔය හැම දේකම හැරවුම් ලක්ෂය උනේ 2002 අවුරුද්ද. ඒ අවුරුද්දේ ITN එකේ 31 රෑ ට පෙන්නුවේ ෆිල්ම් ෆෙයාර් සම්මාන ගොඩක් දිනාගත්තු Kuch Kuch Hota Hai කියන ෆිල්ම් එක.වැඩේ කොච්චර සාර්ථක කියලා කිව්වොත් වෙනදා සංගීත ප්‍රසංග බලන හැමෝම එකතු වෙලා ෆිල්ම් එක බලන්න ගත්තා.ඒ සැරේ ස්වර්ණවාහිනියේ පෙන්නුවේ එයාලගේ ස්ටුඩියෝ එකක් තුලම කරපු ස්වර්නභිමානය ප්‍රසංගයක් ( රජ කාලේ ඉදන් 2002 වෙනකන් ලංකාව වෙනස් උන හැටි කියවෙන සින්දු එහෙම තියෙන ලොකු වියදමක් දරලා කරපු නිර්මණයක්).ගොඩක් අය ෆිල්ම් එක බලපු හින්දා ඉතින් මේ ප්‍රසංගය එච්චර හිට් එකක් උනේ නැහැ.

කොහොමහරි ITN එක ලබපු සාර්ථකත්වය හින්දම අනිත් චැනල් හැම එකක්ම වගේ 2003 ඉදන් සංගීත ප්‍රසංග කරන වැඩේ අතහැරලා දාලා හින්දි ෆිල්ම්ස් පෙන්නන්න ගත්තා.මුල්ම කාලේ 31 රෑ පෙන්නපු රිදී රැයක් ප්‍රසංගය පස්සේ පස්සේ 1 වෙනිදාට හරි ඊට පස්සේ දවසක රෑකට මාරු කරලා 31 වෙනිදා ෆිල්ම් එක පෙන්නන්න තරම් 31 හින්දි ෆිල්ම් පෙන්වන වැඩේ හිට් උනා.මගේ මතකයේ හැටියට අබා පෙන්වපු වතාවේ ඇරෙන්න අනිත් හැම වතාවකම වගේ ගොඩක් දුරට චැනල් හැම එහෙකම වගේ පෙන්නුවේ හින්දි ෆිල්ම්ස්ම තමයි.

හැබැයි ඔය හින්දි ෆිල්ම්ස් පෙන්වන ඒකෙත් පොඩ් දෙයක් තියෙනවා.ඔය මුලින්ම පෙන්වපු KKHH ෆිල්ම් එක රිලීස් උනේ 1998 , හැබැයි මෙහේ පෙන්නුවේ 2002 දී.අවුරුදු 4ක් පරණයි.ලංකාවේ ෆිල්ම් හෝල්ස් වලත් ෆිල්ම් එක පෙන්නලා ටික කාලකෙට පස්සේ තමා ෆිල්ම් එක ටි.වී එකේ පෙන්නුවේ.ඒ හින්දා විකාශන අයිතියට ගෙවන්න ඕන කරන මුදල් එහෙමත් අඩු වෙන්න ඕන නේ.ඒ හින්දා ඔය චැනල් හින්දි ෆිල්ම් පෙන්නනකොට ගොඩක් දුරට පෙන්නුවේ ටිකක් විතර පරණ ෆිල්ම්ස්.හැබැයි 2006 වගේ ( වර්ෂය නම් හරියටම මතක නැහැ ) ,දෙරණෙන් පෙන්නුවා Krrish ෆිල්ම් එක.ඒ ෆිල්ම් එක ආවෙත් ඒ අවුරුද්දෙම තමා. විශේෂ කාරණය අළුත්ම ෆිල්ම් එකක් දෙරණෙන් පෙන්නුපු එක නෙවෙයි.Krrish පෙන්වනවා කියලා දාපු පුර්ව ප්‍රචාරක පටය.ඒ ඇඩ් එකේ තිබ්බේ ඒ අවුරුද්දේ ස්වර්ණවාහිනියේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි , සිරසේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි ඒ වගේම Krish එකෙන් ලබපු ආදායමයි පෙන්වපු එක.ඊට පස්සේ ඒ ආදායම් ටික සංසන්දනය කරලා ( නොකියා ) ඇහුවා ඉන්දියාවේවත් හිට් උනේ නැති ෆිල්ම් එකක් 31 රෑ බලනවද එහෙම නැත්නම් Krish බලන එකද හොද කියලා.මගේ මතයේ හැටියට එදා ගොඩක් අය බැලුවේ Krish තමා.ඔය වගේම ඇඩ් එකක් තමයි දෙරණෙන් මේ පාර 31 රෑට මොකද කරන්නේ කියලා කරෙන්නෙත්.

එක අතකට අවුරුද්දකට ෆිල්ම්ස් ගොඩක් හැදෙන රටේ , අඩුවෙන්ම හිට් උන ෆිල්ම් එකක් අවුරුද්දේ අන්තිම දවසේ පෙන්නලා වැඩියෙන ලාභ ගන්නාවාට වඩා හිට් වෙච්ච ෆිල්ම් එක පෙන්වන එක හොදයි කියන එකයි මගේ අදහස නම්.ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10/10 දෙන්න පුළුවන්.( දෙරණේ වැඩසටහනකට හරි  ෆිල්ම් එහෙකට හරි කලින් කරන පුර්ව ප්‍රචාරක වැඩ නම් උපරිමයි.ඒ කැම්පේන් කරන්න පුලුවන් හොදම විදියට එයාලා කරනවා ).

ඉස්සරහට උනත් ටී.වී චැනල්වල ෆිල්ම්ස් පෙන්වන එක නතර කරනවා වගේ විශේෂ යමක් නොවුනොත් 31 රෑට අපිට දෙයියනේ කියලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්න පුළුවන්.හැමෝම එකම ඩේ නොකර විවිධාකාර දේවල් 31 රෑ කරන්න පුළුවන්නම් හොදයි.මොකද තරගකාරිත්වය හැම තිස්සෙම හොද දේකට පාර කියන හින්දා.

හැමෝටම මේ ලබන්නාවූ 2012 වසර සාමය සතුට පිරි බකට් නොපෙරෙලෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන.

ප.ලි - ෆිල්ම් / වැඩසටහන් හිට් උනා / උනේ නැහැ කියලා කිව්වේ මගේ පුද්ගලික අදහස්වලට අනුව.ඒවා සමහර වි‍ට වෙනස් වෙන්න පුළුවන්.

23 comments:

  1. හ්ම්ම්ම්ම්ම්.. මටත් මතකයි ඔය Krish පෙන්වපු එකයි. ඒකට කලින් දාපු ඇඩ් එකයි...අන්තිමට එදා අපිත් බැලුවෙ Krish .දෙරණ වැඩක් කලොත් ඒක උපරිම හොඳට කරනවා. ඉස්සරම සිරසට තිබුණු තැන දැන් දැන්, දෙරණට යනවා කියලයි හිතෙන්නෙ..

    මෙදා සැරේනම් වැඩක් නෑ මටනම් බොඩි ගාඩ් කලින් බලපු නිසා. වෙන එකක් බලනවා ;)

    අයියාටත් මේ ලබන අලුත් අවුරුද්ද ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!

    ReplyDelete
  2. දැන් සෙට් වෙලා තියෙන පාර්ටි ටිකයි, ඩිනර් ටිකටයි යන්න 31 නයිට් 3-4ක් වත් එක දිගට තියෙන්න වෙනවා.. මට වෙලා තියෙන්නෙ තුන්ඩු ටිකක ලියලා උඩ දමලා එකක් අහඹු විදියට අරන් ආන්න ඒ පාටියට හරි ඩිනර් එකට හරි යන්න තමයි !

    ReplyDelete
  3. මාත් බැලුවා...ඉස්සර නම් සංගීත ගොඩාක් පෙන්නුවා කියලා මතකයි...

    අයියටත් සුභම සුභ නව වසරක් වේවා..!!!

    ReplyDelete
  4. සහතික ඇත්ත..ඉස්සර පෙන්නුවේ 31 ‍රැට සංගිත ප්‍රදර්ශනම නේ..ජාතික රුපවාහිනීයෙන් ගාල්ල සමනළ පිටියේදී කරපු සංගිත ප්‍රසංගය මටත් මතකයි එක ඒ තරමටම ලස්සනට තිබුනා.. පස්සේ ඔය 31 ‍රැට රිදී ‍රැයක් කියන එක සජීවි ව විකාශනය කරත්,අදටත් එක 31 වෙනිදාට පැවතුවත් සජීවිව දෙන එකක් නෑ..මම ඒ ගැන නම් හරියට දන්නේ නෑ ඔන්න..(මේ දවස් ටිකේ රුපවාහිනි නෑරඹිමෙන් තොරයි.. :D)

    ඒ වගේම ඔයාටත් ලබන්නා වු නව වසර සුබ ම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  5. මමත් ලංකාවේ ඉද්දී එක පාරක් ගියා සංගීතයක් බලන්න.. පස්සේ නම් කලේ ෆිල්ම් එකක් බලපු එක තමයි..

    ReplyDelete
  6. //ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10/10 දෙන්න පුළුවන්.( දෙරණේ වැඩසටහනකට හරි ෆිල්ම් එහෙකට හරි කලින් කරන පුර්ව ප්‍රචාරක වැඩ නම් උපරිමයි.ඒ කැම්පේන් කරන්න පුලුවන් හොදම විදියට එයාලා කරනවා ).//

    අහන්නත් දෙයක්ද , ලංකාවේ ප්‍රමුඛතම වෙලඳ ප්‍රචාරක ආයතනයක් දෙරනට සම්බන්ධයි නේ . කොහොමටත් දැනට ලංකාවේ හොඳම නාලිකාව දෙරණ තමයි . මම ඉඳල හිටල හරි බැලුවොත් ඕක තමයි බලන්නේ . මේ පාර යන්නේ බොඩි ගාඩ්ද .මට නම් ඒක හරි යන්නේ නැ . කොහොමටත් ටෙලිවිෂන් වලින් චිත්‍රපටි බැලෙන්නෙම නැ අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්තට පස්සේ . ජනවාරි 1 ඉඳන් අලුත් වැඩක් (බ්ලොග් වලට සම්බන්ධවම ) කරන්න හිතාන ඉන්නව 31 රැ ඒකම සම්පූර්‍න කරන එක හොඳ වෙයි ඇඩ් ගොඩක් අස්සෙ ෆිල්ම් බලනවට වඩා

    ReplyDelete
  7. අහන්නත් දෙයක්ද , ලංකාවේ ප්‍රමුඛතම වෙලඳ ප්‍රචාරක ආයතනයක් දෙරනට සම්බන්ධයි නේ . කොහොමටත් දැනට ලංකාවේ හොඳම නාලිකාව දෙරණ තමයි . මම ඉඳල හිටල හරි බැලුවොත් ඕක තමයි බලන්නේ . මේ පාර යන්නේ බොඩි ගාඩ්ද .මට නම් ඒක හරි යන්නේ නැ . කොහොමටත් ටෙලිවිෂන් වලින් චිත්‍රපටි බැලෙන්නෙම නැ අන්තර්ජාලය පාවිච්චි කරන්න ගත්තට පස්සේ . ජනවාරි 1 ඉඳන් අලුත් වැඩක් (බ්ලොග් වලට සම්බන්ධවම ) කරන්න හිතාන ඉන්නව 31 රැ ඒකම සම්පූර්‍න කරන එක හොඳ වෙයි ඇඩ් ගොඩක් අස්සෙ ෆිල්ම් බලනවට වඩා

    ReplyDelete
  8. මම නම් කරන්නේ මොකක් හරි චැනල් එකක් අල්ලගෙන ඒකේ යන ෆිල්ම් එකක් බලන එක. ෆිල්ම් බලලා පටන් ගන්න අවුරුද්දක් සුබ වෙයිද මන්දා.

    ReplyDelete
  9. මෙදාපාර පෙන්නන්නේ මයි නේම් ඉස් ඛාන් ලු නේද,..
    පරණ ඒවාමයි පෙන්නන්නේ...
    අයියටත් ලබන්නාවූ නව වසර සුභ නව වසරක් වේවා...

    ReplyDelete
  10. අපි කස්ටිය නම් එදා රෑට වෙනම එකකාසු වෙලා තනියම නව වසර සමරණවා ..

    අලුත් අවුරුද්ද ජයෙන් ජයම වෙනඩ කියලා පතනවා චම්මාට

    ReplyDelete
  11. 31 රෑ පෙන්නපු දේවල් වලින් හොඳම එක තිබ්බෙ සිරසෙ. ඒ 2000 ලබද්දි. එක මුළු ලෝකෙම එක්ක එකතු වෙලා කරපු වැඩක්. ඒ ඒ රට වල් වලට අවුරුද්ද උදා වෙන පිලිවෙලට නවසීලන්තෙ ඉඳන් ඇමෙරිකාව දක්වා රටවල් වලට අයිති වැඩසටහන් පෙන්නුව.

    ReplyDelete
  12. මටත් මතකයි 31 රෑ KKHH බලපු හැටි :)

    ReplyDelete
  13. @ හිතු - මටත් ඒ දේ හිතෙනවා හිතු..බලමුකෝ ඉතින් මොකද වෙන්නේ කියලා :D Bodyguard නම් මාත් බැලුවා..කොහොමත් 31 රෑ ෆිල්ම් නොබල ඉන්න එක හොදයි වගේ..ඔක්කොම වගේ බලපුවා පෙන්නන්නේ..

    ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

    @ වෙනි අයියා - ආ අයියට නම් 31 රෑ ගොඩ වගේ එහෙනම්..තරු වැඩිම ගාණක් තියෙන තැනට යන්න..වැඩේ ඉවරයි නේ..

    අයියාටත් සුභ නව වසරක් වෙන්න ඕන..

    @ පිස්සු පුසා - අනිවා..කොහොමත් පුසාලගේ පැත්තේ සංගීත අම්බානෙක තියෙනවා නේද..

    පිස්සු පුසාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

    @ චතු මිතු - ඔව් ඔව්..සමණල ක්‍රීඩාංගනයේ තිබ්බ සංගීතය නම් එළකිරි..කොහොමත් රිදී රැයක් එක සජීවීව දෙන්නේ නැහැ නේ..රෙකෝඩ් එකක් පස්සේ දවස පෙන්නයි...

    ඔයාටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

    ReplyDelete
  14. @ Dinesh - ඔය පැත්තේ කොහොමත් එළිමහන් ප්‍රසංග අඩුයි නේද..ඒ අත්දැකීම ලංකාවේ විතරමද මන්දා හොදට තියෙන්නේ..

    ඔයාටත් සුභ නව වසරක් වෙන්න ඕන..

    @ බුවා - අනිවා..Triad නේ ඉතින් පිටිපස්සේ ඉන්නේ..වැඩ කොහොමත් හොද වෙන්න ඕන..

    @ සදරු - ආ මම හිතුවේ කස්ටිය සෙට් වෙනවා ඇති කියලා..හිකිස්‌...,,,
    සදරුටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන මේ ලබන අවුරුද්ද...
    @ වර්ණා - ඔව් ඔව්..කොහොමත් කට්ටියට ලාභයි නේ පරණ ඒවා පෙන්නන එක.. ;)
    නංගිටත් සුභම සුභ අවුරුද්දක් වේවා..

    @

    @ මධුරංග අයියා - හිකිස්‌................///......,එක නම් කිය්නම්ම බෑ තමයි ඉතින්..බලමුකෝ ඉතින් :))

    අයියටත් මේ අවුරුද්දම සුභම වෙන්න ඕන..

    31 රෑ කරන්න යන වැඩෙයි , මේ ලබන අවුරුද්දයි දේකම සුභම සුභ නවවසරක් වෙන්න ඕන..

    @ ඇනෝ - මට ඒක නම් එච්චර මීටර් එකක් නැහැ..මට නම් 2000 ස්වර්ණවාහිනියේ,රුපවාහිනේයේ ඒවා පට්ට..

    @ සයුරි අක්කා - හිකික්ස්..අක්කට කියන්නේ ඉතින් මාත් බැලුවා නේ..ඒ පාර නිදි මරාගෙන...

    අක්කටත් සුභම සුභ නව වසරක් වෙන්න ඕන..

    ReplyDelete
  15. මම නම් දැන් T.V එකේ යන ෆිල්ම් බලන්නෙ නෑ උන් ඒව ඇඩ් වලින් පුරෝනව සමහර වෙලාවට ෆිල්ම් එකේ බාගයක් ඇඩ් එකට කැපිලා..අනික දැන් ඉතිං දෙයියනේ කියල නෙට් එකෙන් බාගෙන බලන්න පුලුවන්නෙ මොකටද ඇඩ් බලන්නෙ..
    ඔබටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  16. mokada mea deranata adinnea derenea marketing 1k wat set unada??

    ReplyDelete
  17. api num me sare sinsation concert eka balanna yanawa.waters age thiyenne.World best female DJ enawa

    gamaya

    ReplyDelete
  18. eka atta but me kattiya karanne marketing .... uba kiyanva vage un risk ekak ganna kamathi ne .eka nisa film ekak pennala nikan innava......

    ReplyDelete
  19. සුභ නව වසරක් වේවායි පතනවා..මගේ යාළු..!

    ReplyDelete
  20. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  21. මෙයා දන්න දේවල් :))

    කිරි පැණෛ උතුරන නව වසරක් වේවා !!!

    ReplyDelete
  22. Wish Chamma and family "A Happy New Year"

    ReplyDelete
  23. 31 රෑ මොකද කරන්නේ ? .. වෙන මොනවා කරන්නද ..චු කරලා දොයිය ගන්නවා .. :D :D


    සුබ අලුත් අව්රුද්දක් වේවා චම්මා අයියා :)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!