Saturday, January 14, 2012

පළවෙනියා උන හැටි

මේ පහුගිය දවසක උන සිද්ධියක්.අපේ පැත්තේ ඉන්නවා සින්දු කියන්න ඕන උණ තියෙන සෙට් එකක්.කට්ටිය මේ දවස්වල සින්දුවක් ( වීඩියෝ ) එකක් හදලා තියෙනවා.මේ සීන් එක උනේ ඔය සෙට් එක ඕඩියෝ එක හදපු කාලේ වගේ.ලංකාවේ තියෙනවානේ ඔය අළුතින් සින්දු කියන අයගේ සින්දු දාන රේඩියෝ ප්‍රෝග්‍රෑම්.ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකේ අළුතින් එන අය කියන සින්දු 20 තියෙනවා.ඕන සින්දුවක් පටන් ගන්නේ 20 වෙනි තැනින්.ඊට පස්සේ ඕන කෙනෙක්ට SMS කරන්න පුළුවන්.SMS එන්න එන්න සින්දුව උඩට එනවා.ඊට අමතරව හැම සතියකම වැඩියෙන්ම SMS කරන කෙනාට වැඩියෙන් SMS ලැබෙන සීන්දුව කියන අයගේ සින්දුව තියෙන සී.ඩ් එකක් තෑගි විදියට ලැබෙනවා.

කොහොමහරි අපේ මේ සෙට් එකත් ෆුල් මාකටින් පාරක් එහෙම දීලා ලංකාවේ තියෙන හැම ජාතියේම සිම් කාඩ් අරගෙන SMS වැඩේට බැස්සා.දන්න කියන හැමෝටම 50 - 100 කාඩ් අරන්  දීලා SMS කරන විස්තරත් දුන්නා.

වැඩේ කොච්චර හොදට උනාද කියනවනම් මේ කට්ටියගේ සින්දුවත් පලවෙනි තැනට කිසිම අවුලක් නැතිව ආවා.කට්ටියටත් ඉතින් මාරම හැපී.සල්ලි වියදම් කරා උනත් ඉතින් පළවෙනියා නේ.ටික දවසකට පස්සේ අර එෆ්.එම් එකෙන් කෝල් එකක් එනවා අර සින්දුව කියන සෙට් එකේ කෙනෙක්ගේ ගෙදරට.සින්දු කියන සෙට් එකෙක් බුවෙක් තමයි කෝල් එක ගන්නේ.

FM එකේ කෙනා : මිසිස්‌ ***** ඉන්නවද ?
බුවා : එයා නම් දැන් ගෙදර නැහැ , ඇයි මොකක්ද උවමනාව ?
FM එකේ කෙනා : අපි මේ *** එෆ්.එම් එකෙන් කථා කරන්නේ ? මිසිස්‌ ***ට  "****" සීන්දුව කියන අයගේ අළුත්ම සින්දුව තියෙන සී.ඩි එකක් තෑගි විදියට දිනලා තියෙනවා.අපේ ඔෆිස් එකට ඇවිල්ලා තෑග්ග අරගන්න

දැන් බුවා බලනවා තමන්ගේ සින්දුවක් අම්මට තෑගි විදියට ලැබුනේ කොහොමද කියලා.ඇරත් ඉතින් තමන් කියන සින්දුව තෑග්ගක් විදියට ගන්න ඕනෑකමක් නැහැනේ.ඔය අනං මනං හින්දා බුවා ඕක කෙලින්ම  අම්මගෙන් අහලා.එතකොට ඉතින් අම්මා කියනවා.

ආ මට ඇදීලත් ඇති ඉතින් සමහර වෙලාවට , මොකෝ ඉතින් මමත් රුපියල දාහක හමාරක SMS ඕකට යැවුවනේ. ! ! ! !

පස්සේ ඉතින් අදාළ තෑග්ග ගන්නත් ලොකු ගේමක් දුන්නා.මොකද දින්න කෙනාගේ ඇඩ්රස් එකයි , ගායකයාගේ ඇඩ්රස් එකයි දෙකම එකයි නේ.ඒක මාට්ටු උනොත් තවත් වැඩේ අවුල් නේ.ම්ට කලින් මම අහල තියෙනවා සම්මාන උළෙලවලදී දෙන ජනප්‍රිය සම්මාන ගන්න නළුවෝ/නිළියෝ තමන්ම කුපන් පුරවලා යවනවා කියලා.බලන් යනකොට ඉතින් ඒ වැඩෙත් ඇත්ත වෙන්න ඕන.

36 comments:

  1. පලවෙනියා වෙන හුගක් අය ඔහොම තමා ඒකනෙ ජනප්‍රියම හා හොඳම කියලා දෙකක් තියෙන්නෙ හොඳ දෙ ජනප්‍රිය නොවුනත් හොඳයි, ඒත් ජනප්‍රිය දෙ කවදාවත් හොඳම නම් වෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..හොද දේ ජනප්‍රිය වෙන්නෙත් නැහැ , ජනප්‍රිය දේ හොදම වෙන්නේ නැහැ..

      Delete
  2. ඉතින් අම්මට වෙන ඇඩ්රස් එකක් දාලද තෑග්ග ගත්තේ? :PP
    ඔය ගොඩක් ස්ටාර් තරංග වලත් ඕකමනේ වෙන්නේ.. හි හි..

    ReplyDelete
    Replies
    1. තෑග්ග ගන්න වෙනම ගේමක් දුන්නා..හිකිස්‌..
      අපෝ ඔව් කස්ටිය තමන්ටම එකසිය ගානට මැසේජ් යවාගන්නවනේ

      Delete
    2. ඒකෙන් පෝසත් වෙන්නෙ ටෙලිෆෝන් කොම්පැනිකාරයො sms ගහනවුන් මෝඩයො.

      Delete
  3. හිල් හික් මාර වැඩ තමයි වෙන්නේ :ඩි

    ReplyDelete
  4. හැක් හැක් ඕක ඇදෙන්න තිබුනෙ ඌටමයි.

    ReplyDelete
    Replies
    1. හිකිස්‌..,,කොහොමත් ඒකෙම වෙනම වර්ෂන් එකක්නේ උනේ ;)

      Delete
  5. වියදං කරපු මුදලට වටිනවද තෑග්ග?

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ..ඒ උනාට ෆස්ට් ප්ලේස් නේ ඔබා අයියේ..ඒක මදෑ

      Delete
  6. ඔය SMS වලින් පළවෙනියා තෝරන තරඟ බහුතරයක වෙන්නෙ ඕක තමා අයියා.. කොහොමහරි අම්මා තෑග්ග ගත්තා නේ??? හික්ස්ස්.. මරු මරු...

    ReplyDelete
    Replies
    1. ගත්තද කියලත් අහනවා..මොකෝ මේ ආයිත් මුණ මාරු කොරගෙන...

      Delete
  7. කතාව නම් ඇත්ත තමයි.

    ReplyDelete
    Replies
    1. හැම තැනම වෙන දේ නේ මල්ලි

      Delete
  8. මේක තමයි අද කාලයේ ජනප්‍රියතාවය.... :)

    ReplyDelete
    Replies
    1. අද කාලේ හැමෝම කරන දේ

      Delete
  9. මට මතක් වෙනවා අර රියලටි තරඟවල කෙටි පණිවුඩ මැෂින් දාගෙන ගහපු ඒවා

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි එහෙම සින් එකක් උනා කියලා..චාටර් කේස් තමයි අපේ අයත් කරන්නේ..

      Delete
  10. හිකිස්...............පට්ට සීන් එක....

    ReplyDelete
  11. ඔය ස්ටාර් කෙනෙකුගේ තරගෙකට සිම් කාර්ඩ් බර ගානක ඔර්ඩර් එකක් මේ ලගදි මම දන්න කියන කම්පනියකට ආවා. හැබයි එච්චර වියදම් කරලත් මිනිහා තරගෙන් නම් කැපුනා.

    ReplyDelete
  12. ඔය ගොඩක් රියැලිටි ශෝ වල වෙන්නේත් ඔය වගේ දේවල් තමයි....

    ReplyDelete
  13. මම දන්න කියන මිතුරෙක් තමන්ගේ ප්‍රියතරම් තරුවට එස් එම් එස් ගහන්න කෙල්ලක්ගේ ෆෝන් එක හොරෙන් උස්සන්න ගිහින් මාට්ටු වෙලා කැතම කැත නමක් හදාගත්තා .

    ඔහොම තමාටම දාගන්න අය දන්නේ නෑ ඒ අය ලබන්නේ ස්ව්‍යං වින්දනයක් කියලා .

    ReplyDelete
  14. නියම වැඩක් නේ වෙලා තියෙන්නේ...හොරා ගේ අම්මට බැරුවය පේන කියන්න :)

    ReplyDelete
  15. ඇයි $$$$ ස්ටාර් වුන අනුරාධපුරේ කෙනා ෂෝ තිය තිය මිනිස්සුන්ගෙන් ගත්තේ පොන් කාර්ඩ්.(රී චාර්ජ්)ඇස් එම් ඇස් වලට අතින් වියදම් වෙන් නැතුව ඇති.ඇයි මාර විදියට පනහෙ සීයෙ කාර්ඩ් ඇරන් දුන්නේ මිනිස්සු. කෝම හරි එකත් වුනා..
    හැබැයි මිනිහට නම් හැබෑම ටැලන්ට් එකක් තිබ්බා.කාඩ් එකක් ඇරන් දුන් නැත්තෙ අපසාදේ කියලා මටත් පස්සේ හිතුනා. හික් හික්.

    ReplyDelete
  16. මම දන්නා මගේ යාලුවෙක්ගෙ එස් එම් එස් කැම්පේන් එක කරද්දී අපි නිකම් ජේ වී පී කාරයෝ වගේ.. ගෙවල් ගානේ ගිහින් අයිඩෙන්ටි කාඩ් එකතු කරේ එස් එම් එස් ගහන්න සිම් ගන්න..

    ReplyDelete
  17. ඔය ගොඩක් තැන් වල තිත්ත ඇත්ත ඔක තමා!

    ReplyDelete
  18. ඔය sms කෙරුවාව ඔහොම්ම තමා....

    ReplyDelete
  19. වෙන සිද්දීත් එක්ක අලුත් දෙයක් නෙවෙයි..

    ReplyDelete
  20. හික්ස්... අපිටත් ඔහොමනම් ජනප්‍රිය වෙන්න පුලුවන් නේද??

    ReplyDelete
  21. අද දක්ෂතාවය විතරක්ම තිබිලත් මදි ! මාකටිං වලට සල්ලි තියෙන්නත් ඕනි !

    ReplyDelete
  22. හී හී....අද ඔහොම අයමනෙ ඉන්නේ....අර පහුගිය කාලේ ඇමති පුතෙක් ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙලා තිබුනෙත් ඔය වගේම ජිල්මාට් එකකින්නේ...:D :D

    ReplyDelete
  23. ඔය තියෙන්නේ රම්පෙට පොරි පොකුරු පොකුරු..හික්...ඔය ස්ටෙජ්වල එනවුන්ස් වැඩේ කොරන එකේක් ..තමුන් මුලින්ම එනවුස් කොරන ශෝ එකේ කටවුට් එකකට නම දා ගත්තලු..කටවුට් එක එල්ලපු දවසේ...මූ මහ රෑ පාරට වෙලා කටවුට් එක දිහා බලාගෙන තනියම හිනාවෙනවලු..ඇයි යකො කටවුට් එකේ තියෙන්නේ තමුන්ගේ නමනේ...

    ReplyDelete
  24. අපොයි.. ඇඬෙනවා

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!