දැනට අවුරුදු 7 කට කලින් දැක්කට පස්සේ අද තමයි මම ඔයාව දැක්කේ.ඔයා වෙනස් වෙලා තියෙන තරම්.එදා අන්තිමට මම ඔයාව දැක්කේ මම ඒ/ලෙවල් ක්ලාස් යනකොට.ඒ කාලේ අපේ හිටපු හැම කොල්ලම ඔයාට තමයි ට්‍රයි කලේ.එහෙම නොවුනනම් තමයි නේ පුදුමේ.ඔයා ඒ හැමෝවම ගානකටවත් ගන්නේ නැතිව ඉන්න එක දැක දැක මම තනියම හිනාවේවි හිටියා.හැබැයි මගේ හිතේ ඔයාට කැමැත්තක් තිබ්බේ නැත්තෙමත් නැහැ.අනිත් අය වගේ ඔයාගෙන කැමැත්ත අහන්න මට හිතුන්නැත්තෙමත් නැහැ.
ඒත් අහම්බෙන් වගේ අද ඔයාව දැක්කම මාව මිට අවුරුදු ගානක් ඉස්සරහට ගෙනිච්චා වගේ කියලා තමයි හිතුනේ. වෙනදා වගේම ඔයා අහිංසක විදියට මාත් එක්ක හිනා උනා.අන්තිමට දැක්ක දවසට වඩා ඔය ගොඩක් ලස්සන වෙලා.ළගට ගිහින් කතා කරන්න කොච්චර දේවල් තිබ්බත් ඒ ඔක්කොම මම මගේ හිතේ හිර කරගෙන හිටියා.මම ඔයාට කොච්චරක් කැමැත්තෙන් හිටියද කියලා ඔයා කවදාවත් දැනගන්න එකක් නැහැ.ඒක හැමදාම මගේ හිතේ තියෙයි.මම නම් කියයි ඔයාට ;)
රෑ සිහිනෙන් ඔබ ළග මා සැනසෙනවා
මා සැබෑවෙන ඔබ ගැන සිත ලතවෙනවා
මේ බැදුණු සෙනේ..
කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා
කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද
අප තනිවෙන්නේ
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ
සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ..... කිමද මා ගැන නොසිතන්නේ
Wednesday, January 11, 2012
Thursday, January 5, 2012
මුදලාලිගේ ටිකිරි මොළේ
ඔන්න එක නගරයක සාර්ථකව බිස්නස් එකක් කරගෙන යන මුදලාලි කෙනෙක් ඉන්නවා.බුවා පවුලක් පන්සලක් එහෙම වෙලා තමයි ඉන්නේ.එක දවසක් මුදලාලිත් වෙනදට වඩා කලින් බිස්නස් වැඩ ඉවර කරලා ගෙදර යනකොට කඩේ වැඩ කරන සේල්ස් රෙප් බුවෙකුයි , මුදලාලි ගේ බිරිදයි ගෙදර සෝෆා එකේ පෙම් සුව විදිමින් ඉන්නවලු.දැන් ඉතින් මුදලාලිට අම්බානෙක කේන්තියිලු.ඒ උනාට මොකෝ ඉතින් ඒ බවක් පෙන්නනේ නැතුව බුවා හෙමින් ගේ ඇතුලට ගිහින්.
පස්සේ දවසක මුදලාලි තමන් දන්න ලෝයර් කෙනෙක් හම්බුන වෙලාවක මේ සීන් එක කියලා ලෝයර් ගෙන් උපදෙසක් ඉල්ලුවා.
ලෝයර් : ඔහොම මිනිස්සු ළග පාතකවත් තියාගන්න එපා මුදලාලි , ඔය සේල්ස් රෙප්ව අදම ගිහින් අයින් කරලා දාන්න.
මුදලාලි : අපෝ එහෙම කරන්න බැහැ ලෝයර් මහත්තයෝ..ඔය යකා නේ ඉතින් මගේ බිස්නස් වැඩ
ඔක්කොම බලා කියා ගන්නේ.ඔය යකා වෙන තැනක වැඩට ගියා කියන්නේ මගේ රහස් ඔක්කොම මාට්‌ටුයි කියන එක තමා.
ලෝයර් : එකත් එහෙමද..එහෙනම් මොනවා කරන්නද..එහෙනම් ඉතින් අකමැත්තෙන් උනත් මට කියන්න තියෙන්නේ ඉතින් මුදලාලීගේ නෝනා මහත්තයාව ඩ්වෝර්ස් කරන්න කියන එක තමා.දෙන්නට දෙන්නා විශ්වාස නැතිව ඉන්නත් බැහැ නේ
මුදලාලි : අපෝ ඒකත් කීයටවත් කරන්න බැහැ..ඔය ගෑණි තමයි මගේ බිස්නස්වලට ඔක්කොම සල්ලි දැම්මේ.එයාව ඩ්වොර්ස් කරා කියන්නේ ඉතින් මට ඔය සල්ලි ටිකත් දෙන්න වෙනවා කියන එකනේ ..මේ වෙලාවේ හැටියට ඒකත් කරන්න බැහැ.
ලෝයර් : ( මල පැනලා ) එහෙනම් ඉතින් ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ
කොහොම හරි ටික දවසකට පස්සේ මේ ලෝයර්ට මුදලාලිව හම්බුවෙනවා.
ලෝයර් : කොහොමද මුදලාලිගේ අර ප්‍රශ්නේ ?
මුදලාලි : ආ මම ඒක ව්සදගත්තා
ලෝයර් : හොදයි හොදයි මුදලාලි..මොකද කරේ සේල්ස් රෙප්ව අයින් කරාද ?
මුදලාලි : අපො නැහැ ඒ යකා අයින් කරලා කොහොමද..
ලෝයර් : එහෙනම් ඉතින් නෝනව ඩ්වෝර්ස් කරාද ?
මුදලාලි : අනේ නැහැ , මම කොහොමද එහෙම ඒකත් කරන්නේ
ලෝයර් : එහෙනම් කොහොමද ප්‍රශ්නේ විසදගත්තේ ?
මුදලාලි : මම සෝෆා ඒක විකිණුවා !!
ආදර්ශය - සෑම ප්‍රශ්නයකටම මතුපිටින් පෙනෙන පිළිතුරුවලට වඩා පිළිතුරු ප්‍රමාණයක් ඇත.

යොමුව
ඇහෙන දැනෙන දේවල්
Monday, January 2, 2012
අළුත් අවුරුද්දක් - අළුත් ආරම්භයක්
අළුත් අවුරුද්දේ ලියන පලවෙනි පොස්ට් එක.අළුත් අවුරුද්දේ අපි කැමති දෙයකින් වැඩ අල්ලන එක
කොහොමත් හොද වැඩක් නේ.ඒක හින්දා ඉතින් බ්ලොග් පොස්ට් එහෙකින්ම වැඩේ පටන් ගත්තා.අවුරුද්දේ අන්තිම දවසේ නම් බුකියේ නෝටිෆිකේෂන්වලින්ම සංතෘප්ත වෙලා තිබුනේ.ඒ අස්සේ අපේ එවුන් දෙතුන් දෙනෙක්ට මල පැනලා ස්ටේටස් අප්ඩේට් කරලා තිබුනා " තව එක ෆොටෝ එකක් හරි ටැග් කරොත් ටැග් කරන එකාව රිමුව් කරනවා " කියලා.කොහොමත් ඉතින් අළුත් අවුරුද්දට , 31 වෙනිදා වගේ ඔය දේවල් වැඩිය ගානකට ගන්න ඕනේ නැහැ.
මේ අවුරුද්දේ කරන්න නම් වැඩ ගොඩයි.මුලින්ම කරන්න ඕන මේ දවස්වල නිශාචර වෙලා තියෙන ජීවිතය යථා තත්වයට ගන්න එකයි.පහුගිය මාස දෙක තුනම වැඩිය වැඩක් තිබ්බේ නැති නිසා රෑ (පාන්දර) 4-5 වෙනකම් ටී.වී සිරිස් බලන එක තමා කරේ.ඒ කරලත් උදේ 9-10 ඇහෙරෙනවා.අළුත් අවුරුද්දේ මොන දහම් ගැටයක් හරි ගහලා ආයි සාමාන්‍ය ජිවිතයට එන්න ඕන.ඊට අමතරව ඉතින් ජිවිතයේ ලොකු වැඩක් තියෙනවා පෙබරවාරි මාසයේ.(කසාදයක් බදින්න නෙවෙයි ).ඒ දවස එනකන් ඉතින් ඇගිලි ගැන ගැන ඉන්නවා.
බුවා පටන් ගත්තු අළුත් වැඩේ ගැන කියන එක තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ආලකමන්දාව තමයි මේ අළුත් වැඩේ.තමන් රසවිදින ඕන දෙයක් ගැන තමන්ගේ අදහස් / යෝජනා මේකෙ ලියන්න පුළුවන්.වැඩි විස්තර මෙතන තියෙනවා, ගිහිල්ලම බලන්නකෝ .මාත් වැඩේට පුළුවන් විදියට සම්මාදම් වෙන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ.
අවුරද්ද පටන් ගන්න මේ මාසේ හැමෝටම තමන් කරන්න හිතන් ඉන්න හැමදේම සාර්ථක වෙන්න කියලා මේ ගමන්ම ප්‍රර්ථනා කරන්නම්.
A New Life..A New Beginning...I'm Ready For My World....My Destiny !!

මගේ මතය
Friday, December 30, 2011
31 රෑ මොකද කරන්නේ ?
මීට අවුරුදු 10 කට කලින් 31 රෑට මොකද කරන්නේ කියලා ඇහුවොත් ගොඩක් දුරට ලැබෙන උත්තරේ තමයි හොද සංගිතයක් තියෙනවා ඒක බලන්න තමා ඉන්නේ කියන එක.අලුත් අවුරුද්ද උදා වෙන එක එහෙමත් නැත්නම් 31 රෑ ගොඩක් රටවල් ලොකුවට සමරන දෙයක්.අපේ රටේ නම් ඉතින් ( ලොකු හෝටල් අයින් කරාම ) ,31 රෑ මහා ලොකුවට සමරන්නේ නැති තරම්.
මට මේ කියන්න යන එක මතක් උනේ 31 රෑ ලංකාවේ ටි.වී චැනල්වල පෙන්නන්න තියෙන ෆිල්ම්ස් ටික දැක්කමයි.2011 අවුරුද්දේ හිට් උන ( ඒ වගේම හිට් උනේ නැති ) හින්දි ෆිල්ම්ස් ලංකාවේ චැනල් හැම එහෙක්ම වගේ පෙන්නනවා.ඒ උනාට මීට අවුරුදු 10 - 12 කලින් නම් තිබ්බේ සෑහෙන්න වෙනස් දෙයක් නේද කියලා පොඩ්ඩක් මතක් කරොත් මතක් වෙයි.ඒ කාලේ 31 රෑට අපේ රටේ චැනල් පෙන්නුවේ අනිවාර්යයෙන්ම සංගීත සංදර්ශනක්.හැම නාලිකාවකවම සංගීත සංදර්ශන පෙන්නුවාට මොකද , ඒ හැම එකක්ම එකකට එකක් වෙනස්.ස්වර්ණවාහිනියේ ගෝල්ෆේස් එකේ ප්‍රසංගය පවත්වනකොට සිරසේ කොළඹ නගර සභා පිටියේ එයාලගේ ප්‍රසංගය තියෙනවා.
ඔය ප්‍රසංගවලත් හොදම එක නැත්නම් උපරිම තලයකට ආපු එක තිබුනේ වර්ෂ 2000 ලබනකොටයි.ජාතික රුපවාහිනීයෙන් ගාල්ල සමනළ පිටියේදී කරා ලස්සන ප්‍රසංගයක්.ස්ටේජ් එකට තිබුනේ නැවක්.ස්වර්ණවාහිනියෙන් ගෝල්ෆේස් එකේ තවත් ලස්සන ප්‍රසංගයක් කරා.පිටසක්වළ යානවක් ගොඩ බැහැලා එක එක අලුත් වැඩ ගොඩක් එකේ තිබ්බා. ( සිරසෙන් 2000 කරපු ප්‍රසංගය නම් මතකයේ නැහැ ).2000 න් පස්සේ ඊළග අවුරුදු වල ස්වර්නාහිමානය කියලා කරපු ප්‍රසංග මාලාවත් සෑහෙන්න නිර්මාණශිලියි.මට මතක හැටියට.තමන්ගේ මැදිරි සංකීර්ණ එහෙම ගොඩක් ලස්සනට හදලා ඒ නිර්මාණ කරලා තිබ්බා.ඔය කාලේදී වගේ තමයි ඉන්දියාවෙන් සින්දු කියන අය ගෙනල්ලා ඔය ප්‍රසංග වල සින්දු කිව්වෙත්.
ඔය හැම දේකම හැරවුම් ලක්ෂය උනේ 2002 අවුරුද්ද. ඒ අවුරුද්දේ ITN එකේ 31 රෑ ට පෙන්නුවේ ෆිල්ම් ෆෙයාර් සම්මාන ගොඩක් දිනාගත්තු Kuch Kuch Hota Hai කියන ෆිල්ම් එක.වැඩේ කොච්චර සාර්ථක කියලා කිව්වොත් වෙනදා සංගීත ප්‍රසංග බලන හැමෝම එකතු වෙලා ෆිල්ම් එක බලන්න ගත්තා.ඒ සැරේ ස්වර්ණවාහිනියේ පෙන්නුවේ එයාලගේ ස්ටුඩියෝ එකක් තුලම කරපු ස්වර්නභිමානය ප්‍රසංගයක් ( රජ කාලේ ඉදන් 2002 වෙනකන් ලංකාව වෙනස් උන හැටි කියවෙන සින්දු එහෙම තියෙන ලොකු වියදමක් දරලා කරපු නිර්මණයක්).ගොඩක් අය ෆිල්ම් එක බලපු හින්දා ඉතින් මේ ප්‍රසංගය එච්චර හිට් එකක් උනේ නැහැ.
කොහොමහරි ITN එක ලබපු සාර්ථකත්වය හින්දම අනිත් චැනල් හැම එකක්ම වගේ 2003 ඉදන් සංගීත ප්‍රසංග කරන වැඩේ අතහැරලා දාලා හින්දි ෆිල්ම්ස් පෙන්නන්න ගත්තා.මුල්ම කාලේ 31 රෑ පෙන්නපු රිදී රැයක් ප්‍රසංගය පස්සේ පස්සේ 1 වෙනිදාට හරි ඊට පස්සේ දවසක රෑකට මාරු කරලා 31 වෙනිදා ෆිල්ම් එක පෙන්නන්න තරම් 31 හින්දි ෆිල්ම් පෙන්වන වැඩේ හිට් උනා.මගේ මතකයේ හැටියට අබා පෙන්වපු වතාවේ ඇරෙන්න අනිත් හැම වතාවකම වගේ ගොඩක් දුරට චැනල් හැම එහෙකම වගේ පෙන්නුවේ හින්දි ෆිල්ම්ස්ම තමයි.
හැබැයි ඔය හින්දි ෆිල්ම්ස් පෙන්වන ඒකෙත් පොඩ් දෙයක් තියෙනවා.ඔය මුලින්ම පෙන්වපු KKHH ෆිල්ම් එක රිලීස් උනේ 1998 , හැබැයි මෙහේ පෙන්නුවේ 2002 දී.අවුරුදු 4ක් පරණයි.ලංකාවේ ෆිල්ම් හෝල්ස් වලත් ෆිල්ම් එක පෙන්නලා ටික කාලකෙට පස්සේ තමා ෆිල්ම් එක ටි.වී එකේ පෙන්නුවේ.ඒ හින්දා විකාශන අයිතියට ගෙවන්න ඕන කරන මුදල් එහෙමත් අඩු වෙන්න ඕන නේ.ඒ හින්දා ඔය චැනල් හින්දි ෆිල්ම් පෙන්නනකොට ගොඩක් දුරට පෙන්නුවේ ටිකක් විතර පරණ ෆිල්ම්ස්.හැබැයි 2006 වගේ ( වර්ෂය නම් හරියටම මතක නැහැ ) ,දෙරණෙන් පෙන්නුවා Krrish ෆිල්ම් එක.ඒ ෆිල්ම් එක ආවෙත් ඒ අවුරුද්දෙම තමා. විශේෂ කාරණය අළුත්ම ෆිල්ම් එකක් දෙරණෙන් පෙන්නුපු එක නෙවෙයි.Krrish පෙන්වනවා කියලා දාපු පුර්ව ප්‍රචාරක පටය.ඒ ඇඩ් එකේ තිබ්බේ ඒ අවුරුද්දේ ස්වර්ණවාහිනියේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි , සිරසේ පෙන්නන ෆිල්ම් එකෙන් ලබපු ආදායමයි ඒ වගේම Krish එකෙන් ලබපු ආදායමයි පෙන්වපු එක.ඊට පස්සේ ඒ ආදායම් ටික සංසන්දනය කරලා ( නොකියා ) ඇහුවා ඉන්දියාවේවත් හිට් උනේ නැති ෆිල්ම් එකක් 31 රෑ බලනවද එහෙම නැත්නම් Krish බලන එකද හොද කියලා.මගේ මතයේ හැටියට එදා ගොඩක් අය බැලුවේ Krish තමා.ඔය වගේම ඇඩ් එකක් තමයි දෙරණෙන් මේ පාර 31 රෑට මොකද කරන්නේ කියලා කරෙන්නෙත්.
එක අතකට අවුරුද්දකට ෆිල්ම්ස් ගොඩක් හැදෙන රටේ , අඩුවෙන්ම හිට් උන ෆිල්ම් එකක් අවුරුද්දේ අන්තිම දවසේ පෙන්නලා වැඩියෙන ලාභ ගන්නාවාට වඩා හිට් වෙච්ච ෆිල්ම් එක පෙන්වන එක හොදයි කියන එකයි මගේ අදහස නම්.ඒ අතින් බලනකොට දෙරණේ ඇඩ්වටයිසින් කැම්පේන් එකට 10/10 දෙන්න පුළුවන්.( දෙරණේ වැඩසටහනකට හරි ෆිල්ම් එහෙකට හරි කලින් කරන පුර්ව ප්‍රචාරක වැඩ නම් උපරිමයි.ඒ කැම්පේන් කරන්න පුලුවන් හොදම විදියට එයාලා කරනවා ).
ඉස්සරහට උනත් ටී.වී චැනල්වල ෆිල්ම්ස් පෙන්වන එක නතර කරනවා වගේ විශේෂ යමක් නොවුනොත් 31 රෑට අපිට දෙයියනේ කියලා ෆිල්ම් එකක් බලාගෙන ඉන්න පුළුවන්.හැමෝම එකම ඩේ නොකර විවිධාකාර දේවල් 31 රෑ කරන්න පුළුවන්නම් හොදයි.මොකද තරගකාරිත්වය හැම තිස්සෙම හොද දේකට පාර කියන හින්දා.
හැමෝටම මේ ලබන්නාවූ 2012 වසර සාමය සතුට පිරි බකට් නොපෙරෙලෙන සුභම සුභ නව වසරක් වෙන්න ඕන.
ප.ලි - ෆිල්ම් / වැඩසටහන් හිට් උනා / උනේ නැහැ කියලා කිව්වේ මගේ පුද්ගලික අදහස්වලට අනුව.ඒවා සමහර විට වෙනස් වෙන්න පුළුවන්.

Sunday, December 25, 2011
ඉන්ටර්නෙට් මනි
ගොඩ කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලිව්වේ නැති උනත් අද කියන්න හදන මාතෘකාව මේ දවස්
ටිකේම බුකියෙයි,බ්ලොග් ලෝකයෙයි නිතරම වගේ කතාවෙනවා.ඒ නිසා ඒ ගැන මම දන්න දේවල්
ටිකත් කියන්න ඕන කියලා හිතුවා.
Internet Money එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිත කරලා සල්ලි හොයන එක වෙන
කවදාකටවත් වඩා මේ දවස්වල ප්‍රසිද්ධ වෙලා වගේ.අපේ අයත් ඉතින් මහන්සි නොවී ලේසීයෙන්
සල්ලි හොයන්න තියෙනවානම් ඉතින් ඒ දේට කැමතියි නේ.මේ ළගදී බුකියේ ෆොටෝ එකක් ෂෙයාර්
වෙලා තිබුනා මුලින්ම රුපියල් 10,000 ගෙවලා රෙජිස්ටර් වෙලා , මොකක්ද කම්පනියකට වැඩ
කරලා සල්ලි හම්බු කරන විදියක් ගැන.ඕක ෂෙයාර් කරපු හැමෝම කියලා තිබ්බේ අතේ තියෙන
10,000 විදගන්න ක්‍රමයක් කියලයි.ඔය ලේසියෙන් සල්ලි හොයන ක්‍රම ගැන රංග අයියා ලියපු
බ්ලොග් පොස්ට් එකට බලන්න මෙතනින් යන්න.
මගේ යාලුවෙක් ඉන්නවා ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන.හැබැයි මිනිහා නම් ඔය වෙබ් සයිට් වලට
ගිහින් ලින්ක්ස් ක්ලික් කරලා නම් නෙවෙයි සල්ලි හොයාගන්නේ.Odesk කියලා සයිට් එකක්
තියෙනවා අන්න ඒකෙන් තමයි මිනිහා සල්ලි හොයන්නේ.වෙබ් සයිට් හදන වැඩ , ලෝගෝ හදන වැඩ
වගේ ඒවා තමයි මගේ යාලුවා කරලා තියෙන්නේ.සැලකිය යුතු ගණනක් එහෙම දැනට හොයලත්
තියෙනවා.මම දන්න විදියට Odesk එකේ සල්ලි ගෙවන විදි එහෙම ආරක්ෂාකාරීව තමයි වෙන්නේ ,
Odesk වැඩ කරලා අමාරුවේ වැටුණ අය දන්නා විදියට නම නැහැ.මගේ අදහස නම් ලින්ක් ක්ලික්
කරලා බොරුවට කාලේ කනවට වඩා තමන් දන්න දෙයකින් වැඩ ගන්න එක ලොකු දෙයක් නේ.
අද මේ නත්තල් දවසේවත් අනුන්ට කරදරයක් නොකර මිනිස්සු ඉන්න පුරුදු වෙනවානම් කොච්චර එකක්ද.එහෙම ලෝකයක් අපිට කවදා දකින්න ලැබෙයිද ?. ඒ කොහොම උනත් බ්ලොග් ලෝකයේ නත්තල් තියෙන/නොතියෙන හැමෝටම උදා වූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වෙන්න ඕන.

Wednesday, December 7, 2011
කයිරෝගේ සටහන්
හැම සතියකම අපේ ගෙදරට ලක්බිම පත්තරේ ගෙනාපු ගමන්ම මම නොවරදවාම බලන කොටස තමයි මණ්දාකිණිය අතිරේකය.ඒ කොටසේ හැමදාම තියෙනවා ලස්සන කතාවක්.නම තමා කවුන්ට් ලුවී හැමන් නොහොත් කයිරෝ ගේ සටහන් ඇසුරින් ලියවෙන ඓතිහාසික චරිතයක ඉරණමේ හෝරාව
කයිරෝ කියන්නේ මිනිස්සුන්ගේ අතේ තියෙන රේඛා නිරීක්ෂණය කරලා ඒවා මගින් ඒ පුද්ගලයන්ගේ අනාගතය ගැන අනාවැකි කියන කෙනෙක්.කතා මාලාවේ හැටියට කයිරෝ ජිවත් වෙන්නේ ලන්ඩන් නුවර.ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ ගොඩක් දෙනෙක්ට කයිරෝ අනාවැකි කියලා තියෙනවා ,ඒ වගේම ඒ දේවල් 100% හරි ගිහිල්ලත් තියෙනවා.
ඇත්තටම මෙහෙම කෙනෙක් මෙහෙම අනාවැකි කිව්වද කියලා කියන්න නම් මම හරියටම දන්නේ නැහැ(විකිපීඩියා එකේ විස්තර තියෙන පිටුව ). හැබැයි දැනට ලියවෙලා තියෙන කතාවලට අනුව දෙවන ලෝක යුද්ධ කාලයේ හිටපු සෙන්පතියොන්ට,ඔස්කාර් වයිල්ඩ් වගේ ප්‍රසිද්ධ අයට,රුසියාවේ සාර් රජ පෙළපතේ හිමිකරුවෝ වගේ වැදගත් ඒ වගේම ඉතිහාසයේ ඇත්තටම ජිවත් උන අයට කයිරෝ අනාවැකි කියලා තියෙනවා.පසුගිය සතියේ ගියපු කතාවේ තියෙන්නේ එංගලන්තයේ උමං දුම්රිය මාර්ග තැනීමේ මුලිකත්වය ගෙන කටුයුතු කරපු විටෙකාර් ගැන ලියවුනු කතාවයි.
මේ කතා මාලාව ලක්බිම පත්තරේට ලියන්නේ වෛද්‍ය බන්ධුල සිරිවර්ධන මහත්මයා.හැම සතියකදිම හරිම වෙනස් විදියේ කතාවක් තමයි ලියවෙන්නේ.දැනට මම හිතන්නේ කතා 50 කට කිට්ටු වෙන්න වගේ ලියවිලා ඇති.කියවලා නැත්නම් කියවලා බලන්නකෝ.ගිය සතියේ ගියපු කොටස මෙන්න මෙතනින් බලන්න පුළුවන්.( අකුරු නම් හොදටම පොඩි , ඒක නිසා සයිස් එක ලොකු කරගෙන බලන්න වෙයි )
ප.ලි - මම සාමන්‍යයෙන් කාට හරි මොකක් හරි බලන්න කියලා දුන්නොත් ගොඩක් දුරට ඊළග සතියේ වගේ ඒ බලන්න ගියපු එක ඉවර වෙනවා.ටික කාලෙකට කලින් ජාතික රුපවාහිනීයේ පෙන්නුවා මායා රංග කියලා නාට්‍යක්.හොල්මන් , අද්භූත කතා තේමාවක් තමයි තිබ්බේ.මගේ යාලුවෙක්ට සිරා නාට්‍යක් කියලා තියෙන වෙලාවයි,දවසයි ඔක්කොම කිව්වා.වැඩේ කියන්නේ ඉතින් ඊළග සතියෙම නාට්‍ය පෙන්නලා ඉවර උනා.ඒ දේ නම් කයිරෝ ගේ කතා මාලාවට වෙන්න නම් එපා !!

Subscribe to:
Posts (Atom)