Monday, November 14, 2011

මොරටුව ලෝයර්ස්

අද ලියන්න හදන්නේ නම් අපි කරපු(කරන්න ගියපු) Project එකක් ගැන.ඔන්න ඉතින් මෙට්‍රෝ එකේ දෙවෙනි වසරේ ඉන්නකොට අපිට කරන්න සෙට් වෙනවා Project එකක්.තමන් කැමති කස්ටෙක් තෝරගෙන එයාලා දෙන Requirements විදියට Project එක කරන්න ඕන.එක ගෘප් එකකට උපරිම වශයෙන් 6 දෙනෙක්ට ඉන්න පුළුවන්.

අපේ ගෘප් එකෙත් ඔන්‍න‍ 6 ක් ඉන්නවා. මලියා තමයි Project Manager.ඊලගට ඉන්නේ අයි.යු .ඊලග කෙනා තමයි ඇල්බා.ඊලගට තට්ට අයියා. ම්නිහාගේ අපි හැමෝටම වඩා කොන්ඩේ එහෙම තියෙනවා. අපේ අයගේ අලුත් ගැජමැටික් පොස්ට් එකේ ස්ටේටස් එහෙම දැම්මේ මෙන්න මෙයා තමා. ඊටත් පස්සේ ඉන්නවා නයනා ( දැන් අහන්න එපා ඉතින් මම නම් ආසයි අහන්න නයනා එකේ ඉන්න එක්කෙනාද කියලා ). අවසාන වශයෙන් හිට්යේ මම.

ගෘප් එකක් තිබ්බට වැඩක් නැහැ නේ ඉතින් කරන්න ප්‍රෝජෙක්ට් එකක් නැතිව. කොහොමින් කොහොම හරි ඉතින් අපිට දන්න කෙනෙක් ගේ මාර්ගයෙන් ප්‍රෝජෙක්ට් එකක් ලැබුනා  ප්‍රෝජෙක්ට් එකේ තියෙන්නේ මොරටුව නීති සංගමයට වෙබ් ඇප්‍ එකක් හදන්න. මොරටුවේ ඉන්න නීතිවේදීන් හැමෝම කනෙක්ට් වෙන විදියටත් , නීතිවේදීන්ට තමන්ගේ කස්ටොන්ව සම්බන්ධ කරන්නත් මේ වෙබ් එකෙන් වෙන්න ඕන.ඒ කිවුවේ නිකන් ෆේස්බුක් ටයිප් එකේ මැසේජින් සිස්ටම් එකක්. ඔයිට අමතරව ඉතින් හැම ලෝයර් කෙනෙක්ටම තම තමන්ගේම ප්‍රෝෆයිල් එකක් තියෙන්නත් ඕන.

වැඩේ ඉතින් පටන් ගත්තට මොකෝ වැඩේ පටන් ගන්නකොටම කොටම අපි දැන ගත්තා වැඩේ ලේසි පහසු නොවෙන වග. ප්‍රෝජෙක්ට් එහෙම කරනකොට තියෙනවනේ අර ගෘප් මීටින් කියලා දේවල්. ඔන්‍න‍ ඉතින් අපිත් එහෙම එකක් තිබ්බා

මම : මේ දැන් අපි මොනවාද මේකේ Additional Function විදියට දාන්නේ ?
මලියා : අනේ මේ මගුලක් කතා කරන්න එපා. තියෙන ටික කරන්න බැරිව ඉන්නවා තව Additional දාන්න කථාව.
මම : නැහැ බන් එහම හරියන්නේ නැහැ..අර . . . .අරුන් අරම කරලා අපිත් ඔය මොනවා හරි දාමු.
තට්ට අයියා : ඔව් ඔව් බන් මොනවම හරි දාන්න වෙනවා
මම : අඩේ අපි දාමු මෙහෙම එකක්..ලෝයර් කෙනෙක්ට පුළුවන් එයාලාගේ කස්ටමර්ලාට Sms යවන්න..ඔය නඩු දිනේ අනං මනං විස්තර එහෙම දාලා
මලියා : ඕයි ඕවා කරන්න බැ බන්..තො‍ට පිස්සුද
මම : හරි බන් කරලා බලමුකෝ..හැම එකටම බැහැ කියන්නැතුව
මලියා : ඕන මගුලක් කරගනින්

කොහොමින් කොහොම හරි ඉතින් තියෙන ඒවා මදිවාට තව Sms Function එකකුත් එකතු උනා. දැන් ඉතින් කස්ටිය දාගෙන ඔය එක එක ඒවා හදනවා ( හදනවා කිව්වට හරිම වචනේ හදන්න උත්සාහ කරනවා කියන එක). කොහොමින් කොහොම හරි ඉතින් දැන් අන්තිම Presentation එකටත් කාලය කිට්ටු වෙනවා. අපරාදේ කියන්න බැ තාම අපි ළදරු අවදියේ ඉන්නේ. ඔය සෙමෙස්ටර් එකේ ඔය ප්‍රෝජෙක්ට් එකට අමතරව තව අම්බානෙක වැඩ තිබ්බා.

දවසක් මලියා චැට් එකෙන් සෙට් වෙලා මගෙන් අහනවා

මලියා : ආ..මොනවාද බන් කරන්නේ
මම : නැහැ මුකුත් නැහැ
මලියා : ආ එල එල..
මම : එල
මලියා :මේ ඕයි අපි අර මොරටුව ප්‍රෝජෙක්ට් එක කරන්නේ නැද්ද ?
මම : ඔව් බන් එක කරන්නත් ඕන තමයි නේද..හරි සෙට් වෙ‍ලා කරමු.

කලින් මලියා ගැන කියපු පොස්ට් එකේ මම නොකිව්වට ආපු කමෙන්ට් එකක තිබ්බනේ මලියගේ "ෂෝට් ටර්ම් මිමොරි ලොස්" එක ගැන විස්තරේ.මලියා හරි ට්‍රැක් එකේ ඉන්න දවසක තමයි ඔය උඩ තියෙන චැට් එකේ උන කතාබහ උනේ.

ඔන්‍න‍ ඔහොම ඉතින් ආයි ප්‍රෝජෙක්ට් එක රි-ලෝන්ච් පාරක් එහෙම දීලා වැඩේ පටන් ගත්තා. තව පොඩි කාලයයි තියෙන්න Final එකට. දැන් ඉතින් ගෘප් එකේ කට්ටිය බොක්කෙන්ම Javascript , Css ගැන ඉගෙනගන්නවා.කොහොම හරි ඉතින් යන්තම් Final එක කාලේ වෙනකොට ප්‍රෝජෙක්ට් එක ගැට ගහගත්තා. හැබැයි ඉතින් අර Sms කැලි නම් නැහැ. මැසේජින් සිස්ටම් එක නම් වැඩ(ලු).

මොනවා උනත් අන්තිම මොහොතේ කලා උනත් අපේ සෙට් එක ඇප්ලිකේෂන් එක එලටම  කලා. අපිම හදපු අපේම කියලා ටෙම්ප්ලේට් එකක් අපි ඩ්සයින් කලා. css අපිම ලිවුවා. කොහමහරි ඉතින් අපි කට්ටියට ඉතින් අපරාදේ කියන්න බැහැ  A එහෙමත් ලැබුනා.

ප.ලි - කොහොම හරි ඉතින් අපේ සෙමෙස්ටර් එක පාස් උනාට අපේ ප්‍රෝජෙක්ට එක අයිති කෙනාට අපි හදපු එක දුන්නේ නැහැ. මොකද කියනවනම් අපි හදපු  ප්‍රොජෙක්ට් එකයි , ඉල්ලපු ප්‍රොජෙක්ට් එකයි අතර ඉතාමත් දරුණු වෙනස් කම් තියෙන නිසා. දැන් උනත් ප්‍රෝජෙක්ට් එක අයිති කෙනා හම්බ උනාම අහනවා කෝ අර ප්‍රෝජෙක්ට් එක කියලා.එතකොට ඉතින් අපි මොනවම හරි කියලා මාරු වෙනවා

ප.ප.ලි - තට්ට අයියයි , මමයි අතර ගිවිසුමක් තියෙන නිසා තට්ට අයියා ගැන ඇවෙන්ජර හිට්ස් පොස්ට් එකක් ලිව්වේ නැහැ.අනිත් අයගේ ඇවෙන්ජර් හිට්ස් පොස්ට්වලට විස්තර හොයලා දුන්න වැඩ කරෙත් තට්ට අයියා , ඒකට ස්තුතියි.

ප.ප.ලි - මේ පොස්ට් එකවත් අපේ සෙට් එක බලලා දැන්වත් මේ ප්‍රෝජෙක්ට් එක ඉක්‌මනට කරන්න හිතේවා කියන එක තමයි මගේ අවංක ප්‍රාර්ථනය !!

26 comments:

  1. තට්ට අයියාNovember 16, 2011 at 7:49 AM

    උඹ මම ගැන ලිව්ව නම් වෙන දේ දන්නවා නේ...
    මොරටුව ප්‍රොජෙක්ට් එක ගැන හොඳ කොමෙන්ට් එකක් මම තව ටිකකින් දාන්නම්...

    ReplyDelete
  2. ඒක මරු ප්‍රොජෙක්ට් එකක්නේ සහෝදරයා.ෆයිනල් අවුට් පුට් එක තමයි මරු

    ReplyDelete
  3. karanna deyak nahe .project customerge nangita meke kisi one kamak nathi vagai .eka nisa meka kereida kiyala sakai.

    ReplyDelete
  4. අපෙත් තිබුනා බo ඔය වගේම ප්‍රොජෙක්ට් එකක්, හොටෙල් මෑනේජ්මන්ට් සිස්ටම් එකක්, ඒ උනාට ඒක පෙට්ටි කඩේකට වත් හරියන්නේ නෑ...ලොල්. ඒ උනාට අපිත් සබ්ජෙක්ට් එක ගොඩ. ඩී

    ReplyDelete
  5. කොහොම හරි වැඩේ ගොඩ දමා ගත්තනෙ.. එච්චරයි !

    ReplyDelete
  6. මාර දක්ෂයෝ ටිකක්නේ බං...

    ReplyDelete
  7. ගොඩ දාගත්තනම් එච්චරයි එල එල

    ReplyDelete
  8. ayet ahala.. meka tama ape hodama kale.. project karaddi una wada n itapase wecha wada gana kata karala wadak na... but me mona de unat yalukama kiyana denam kawadawat adu une na....

    ReplyDelete
  9. චාමා අයියා.... කාලෙකින් එන්න වුනේ...

    මැක්සා ඩයල් ටිකක්නේ.. එල එල..

    ReplyDelete
  10. thamath site eka mathak wena ganata lawyer aiyata ekata mala paninawalu. :D

    Apith kara ban project ekak ekanam ubalatath wada sarthakai

    ReplyDelete
  11. අනේ ඉතින් අර ප්‍රොජෙක්ට් එක බාර දුන්න අයට බුදු සරණයි..

    ReplyDelete
  12. ඕක අපිටත් උනා ප්‍රොජෙක්ට් එක කරන්න පටන් ගන්නකොට කියපු දේ නෙමෙයි අන්තිම ප්‍රසන්ටේශන් එක වෙනකොට හදලා තියෙන්නේ.

    ReplyDelete
  13. තට්ට අයියාNovember 16, 2011 at 9:17 PM

    ඔය ප්‍රොජෙක්ට් එක නම් කරන්න ඕනේ නෑ...

    ReplyDelete
  14. අපිත් මේ දවස්වල ඔයවගේ අත්දැකීමක් විඳිමිනුයි ඉන්නෙ... හැබැයි අවසානෙ මොනා වෙයිද දන්නෑ...

    ReplyDelete
  15. මරු සෙට් එක ..

    අපෙත් හිටියා ඔහොම සෙට් එකක් .. වීදි නාට්ටියක් කරන්න ගිහින් ගුටි කකා ආවේ පාර දිගේම

    ReplyDelete
  16. @ තට්ට අයියා - අපි දෙන්නා යාළු නේ ඉතින් ;)

    @ ජනරඟ - ඔව්ව මොනවාද සහෝදරයා..ඔයිට වඩා රස වැඩ උනා..හිකිස්‌

    @ මලියා - ඔව් ඒක ඇත්ත..අපිට කරන්න දෙයක් නැහැ..ඒ සම්බන්ධයෙන්

    @ මාටියා - අපේ එක අපි හැදුවා බෝල එලටම

    ReplyDelete
  17. @ වෙනි අයියා - වැඩේ නම් ඉතින් ගොඩේ ගොඩ හිකිස්‌ :)

    @ ගෝල්ඩ් ෆිෂ් - අනිවා ඉතින් අපි ඉන්නවා නම් පට්ට වැඩකරුවෝ ටිකක් වෙන්න ඕන නේ..

    @ බුවා - ගොඩේ ගොඩ

    ReplyDelete
  18. @ වරු - සිරා කතාව..මේක තමා හොදම කාලේ..හැබැයි යාළුකම කියන ඒවා අඩු උනේ නැහැ කියන එක නම් මට ප්‍රශ්නයක්..මොකද සමහරු ගාව බලන් යනකොට ඒක තිබිලම නැහැ..

    @ රහස් පරීක්ෂකයා - කොහෙද මලයා ගිහින් හිටියේ මෙච්චර කල්..

    @ මිස්ටර් ඩි - හිකිස්‌..ඔව් ඔව් මට මතකයි ඔය සෙට් එක හදපු එකත්

    ReplyDelete
  19. @ දිනේෂ් - හිකිස්‌..බුදුසරණයි දෙවි පිහිටයි :)

    @ මධුරංග අයියා - ඒක තමා..Requirements කියන ඒවා වෙනස් වෙනවනේ

    @ තට්ට අයියා - මාත් එකගයි ඒකට..

    @ ප්‍රසංග - අපෝ බය නැතුව ඉන්න ..හරියට වැඩ ටික මිටරෙන් කරන්න එච්චරයි :)

    @ සදරු - අෆ්ෆා...එහෙනම් ඒකත් ළගදි කියවන්න පුළුවන් වෙයි නේ

    ReplyDelete
  20. සේරටම වැඩිය මට තියෙන ප්‍රශ්නේ අයියා තට්ට අයියට මාර බයයි වගේ..මොකෝ දන්නේ නෑ සීන් එක ;)
    එල එල..
    ජය වේවා!!

    ReplyDelete
  21. ලොවෙත් වැඩේ ගොඩනේ! එළ!

    ReplyDelete
  22. මම හිතුවෙ වැඩෙ නාගන්න ඇති කියලා චිහ් ...

    ReplyDelete
  23. මරු සෙට් එකක්නෙ අයියට ඉන්නෙ..:D හික්ස්ස්ස්... කොහොමහරි වැඩේ ගොඩ දාගන්නකෝ.ජය වේවා!!!

    ReplyDelete
  24. මොරටුවේ ලෝයර්ස්ලා පව්ව්ව්ව්ව්ව්...........

    ReplyDelete
  25. හලේ අප්පා අපිත් කෙරුව නොවැ ප්‍රොජෙක්ට්.. මතක් වෙද්දීත් පිස්සු හැදෙනවා..

    ReplyDelete
  26. බලාගෙන ගියාම හැම තැනම ප්‍රොජෙක්ට් කරන්නෙ එකම විදිහට.ඒ කියන්නෙ රිලීස් එකට කිට්‍ටු කරල.අපිත් ඔය වගේ ගෘප් ප්‍රොජෙක්ට් දෙකක් කඩිමුඩියේ කලා.මේ දවස් වල individual project එක...

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!