Wednesday, November 16, 2011

The Farewell - කුලී ළිද

ඊයේ තමයි අන්තිම දවස.අවරුදු තුනක අධ්‍යාපන කටුයුතුවලට නිල අවසානයක් දුන්න දවස.හැම අවුරුද්දකම වගේ මේ පාරත් දෙවැනි අවුරුද්දේ අපේම සහෝදර-සහෝදරියෝ , පලවෙනි වසරේ කට්ටියත් එක්කාසු කරගෙන අපිට ෆෙයාවෙල් එකක් දුන්න.Farewell එකට සිංහල වචනයක් මතක් කරාට මතක් උනේ නැහැ , ඒ පාර තමයි ඉතින් "කුලී ළිද" කියන වචනේ ඔළුවට ආවේ.සමුගැනීමේ සාදය කියන වචනේ ටිකක් දරුණු වැඩියි නේ.

මම ස්ලිට්‌ එකට ආවේ 2009 අවුරුද්දේ, ඒ එනකොට අදුරගෙන හිටියේ එකම එක්කෙනාවයි.ඒ තමයි yAkA.ඊටත් පස්සේ අපේ ඉස්කෝලේ හිටපු කස්සව මට සෙට් උනා.ඔහොම ටිකින් ටික අපේ බැච් එකේ හැමෝම මාත් එක්ක ෆිට් උනා.අනිත් හැම බැච් එකකම වගේ අපේ බැච් එකෙත් ඉතින් පොඩි පොඩි වලි තිබ්බ , හැබැයි අපේම අය අතර අමනාපකම් තිබ්බට , කව්රුත් මාත් එක්කනම් අමනාප වෙලා හිටියේ නැහැ.මුළු බැච් එකම වගේ මාත් එක්ක ෆිට් ( මේ බ්ලොග් පොස්ට් එකක ලියන මොහොත වෙනකම් ). මගේ ජිවිතේ මේ වෙනකොට වැඩියෙන්ම සතුටින් ගත කරපු කාලේ මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් මගේ උත්තරය වෙන්නේ ඒ.ලෙවෙල් කාලේ කියන එකයි.හැබැයි මගේ ජිවිතේ වැඩියෙන්ම අත්දැකීම් ලැබුන කාලේ මොකක්ද කියලා ඇහුවොත් මම අනිවාර්යෙන්ම කියන්නේ ස්ලිට්‌ එකේ හිටපු අවුරුදු 3 කියලයි.

මේ අවුරුදු තුනේදී අයි.ටි ඉගෙනගත්තට ඊටත් වඩා හොද පාඩම් ගොඩක් ඉගෙනගත්තා.ඒ ඉගෙනගත්තු පාඩම් නම් මගේ ජිවිතේ තියෙනතුරාවට අමතක වෙන්නේ නැහැ ( අමතක කරන්නෙත් නැහැ ). අපි අවට ඉන්න පුද්ගල්යන් ගැන ඉගෙනගත්තු දේවල් එහෙමත් අමතක කරන්න පුලුවන්ද.මොකද ස්ලිට්‌ එකට එනකොට මම මහා ලොකුවට සමාජය ගැන දැනගෙන හිටියේ නැහැ , හැබයි මේ අවුරුදු තුනේදී සමාජය ගැන මින්ස්සු ගැන ඉගෙන ගත්තු දේවල් මිල කරන්නත් බැහැ.

ෆෙයාවෙල් දවසත් ලස්සනට සංවිධානය කරලා තිබ්බා.3 ට පටන් ගන්නවා කියලා තිබ්බට ඉතින් මම යනකොට නම් හතරත් පහු වෙලා තිබුනේ.ස්ලිට් එකේ එක විභාගයකටවත් වෙලාවට ගියේ නැති මම ෆෙයාවෙල් එකට වෙලාවට යයිද.මම හෝල් එක ඇතුළු උන ගමන් හිතුවේ ෂුවර් එකට වැරදි එහෙකට තමයි ඇවිත් ඉන්නේ කියලා.මොකද ජිවිතේට දැකපු නැති කට්ට්ය තමයි එහෙට මෙහෙට යනවා දැක්කේ.පස්සේ අදුරන මල්ලි කෙනෙක් ඇවිත් අයියේ ඉස්සරහින් වාඩි වෙන්න කිව්වා.ඊට පස්සේ තමයි අදුරන එකා දෙන්නා දකින්න ගත්තේ.ඒත් ඉතින් කොහේ අදුරගන්නද එක්කෝ මගේ ඇස්වල අවුලක් , නැත්නම් මේකප් වල බලමහිමය.පරක්කු වෙලා ආපු මට එතැන තිබ්බ කල්චර් එකට සෙට් වෙන්න තව වෙලාවක් ගියා.කොහොමින් හරි එක එක ජාතියේ ඉවෙන්ට්ස් එහෙමත් ගොඩක් තිබ්බ.බැලුන් බෝලයක් තියාගෙන පත්තර කොලයක උඩ නටන එක එහෙම නැගලා ගියා.

ඔය අතරේදී තමයි පුටු වගයක් සම්බන්ධ තරගයක් තියෙනවා කියලා නිවේදනය කරේ.මට ඇහුනේ මියුසිකල් චෙයාර්ස් කියනවා වගේ. ආයි මොනාද ඉතින් මමත් ඉතින් මියුසිකල් චෙයාර්ස්වලින් කප් ගහපු බුවා නේ , මාත් ඉතින් පැනගෙන ගියා.ගියාට පස්සේ තමයි දන්නේ මම දන්න මියුසිකල් චෙයාර්ස් නෙවේ , වෙන අටමගුලක් කියලා.කණ්ඩායම් දෙකක් තියෙනවා , කට්ටිය හැමෝම පුටුවල වාඩිවෙලා අතින් අල්ලන්නේ නැතුව පොල් ගෙඩියක් කකුලෙන් පාස් කරන්න ඕන.ඕන එකක් කියලා ඉතින් මාත් ආපු එකේ ගිහින් පුටුවෙන් වාඩි උනා.මොන පොල්ගෙඩි පාස් කිරිල්ලක්ද , මුලින්ම හිටපු එකා මට පොල් ගෙඩිය දුන්නට මොකෝ මම පාසේ කරාම මගේ එහාපැත්තේ හිටපු එකාට කකුලෙන් ඒක අල්ලගන්නම බැරි උනා.අපේ කණ්ඩායමේ මුල් දෙන්නා ගාවම පොල් ගෙඩිය කැරකි කැරකි තියෙද්දී, එහා පැත්තේ සෙට් එක පොල් ගෙඩිය පාස් කරලත් ඉවරයි.ඒ පැත්තේ හිටියේ හොරෙන් වතු වලට පැනලා පොල් පාස් කරපු උන්ද කොහෙද , නැත්තම් කොහෙන්ද ඔච්චර ඉක්මණට ඕක පාස් කරේ.ඔය සීන් එකෙන් පස්සේ අපේ එවුන් ටික මට කිව්වා තව නම් ඉවෙන්ට්ස් වලට යන්න එපා කියලා.යාලුවෝ උනාම කියන දේ අහන්න ඕනනේ, ඒක හින්දා ඊට පස්සේ මම ඔය තරග වලට සෙට් උනේ නැහැ.

අපේ සෙට් එකේ හිටපු අය ඔය ඉවෙන්ට්ස්වලට සෙට් නොවුනට මොකද කන-බොන ඉවෙන්ට් එකටනම් මුලින්ම ගියා.එතැන්දීත් yAkA ටෝකන් එකක් නොදී කෑවා කියලා තමා කථාව නම් ගියේ.කෑම බිමත් එලටම තිබුනා.මට නම් DJ එක එච්චරම ඇල්ලුවේ නැහැ.ඉස්කොලේ බිග් මැච් එකට ගියාවගේ හැගීමක් තමයි මට DJ එකේ ඉන්නකොට ආවේ.සංවිධාන කටුයුතු ගොඩක් ලස්සනට කරලා තිබ්බා.මතක සටහනක් විදියට දීපු පින්තුරෙත් ගොඩක් වටිනවා.

අපෙ හිටපු හැම ලෙක්චර් කෙනෙක්ම අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා.යසස් සර්,නිපුනිකා මිස් , නිලක්ෂි මිස්,ලේකනි මිස් ,ඉෂාර සර් ඔය හැමදෙනාම උගන්වපු දේවල් කවමදාවත් අමතකවෙන්නේ නැහැ.ඔය අතරින් අපේ අන්තිම අවුරුද්දේ රිසර්ච් එකේ සුපවයිසර් විදියට හිටපු ගායනා මිස්ව විශේෂයින්ම මතක් කරන්න ඕන.අපේ සෙට් එකේ කාටහරි කෝඩ්න්වල මොකක් හරි අවුලක් ගිය ගමන් අපි හැමෝම මුලින්ම හම්බුවෙන්න යන්නේ ගායනා මිස්වයි.ගායනා මිසුත් මොන වැඩේ තිබුනත්, අපි කීපාරක් කිහින් කරදර කරත් පොඩ්ඩක්වත් තරහා ගන්නේ නැතුව  අපිට ඕන දේ කියලා දෙනවා.ඊට අමතරව අපේ අන්තිම අවුරුද්දේදි අපේ ස්ටාෆ් එකට අලුතින් ආපු ඩ්ල්හාන් සර්වත් මතක් කරන්න ඕන.සර් අපිට ඉගැන්නුවේ බොහොම පුංචි කාලයක් උනාට ඒ පුංචි කාලේදී අපේ ජිවිතවලට වැදගත් ගොඩක් දේවල් ඉගැන්නුවා.සර් ගේ ලෙක්චර් එකේ අන්තිම විනාඩි 15 ගොඩක් වෙලාවට වෙන්කරලා තිබ්බේ , අපිට ධනාත්මක චින්තනය ගැන අවබෝධයක් ලබාදෙන්න.මම ඇතුළු අපි හැමෝටම ඒ දේවල් ඉස්සරහට ගොඩක් වැදගත් වේවි.අපිට දවසක් හරි උගන්නපු හැම දෙනාටම බොහෝම ස්තුතියි.

අපිත් එක්ක එකටම හිටපු ගොඩක් අය හම්බුවෙන අන්තිම දවස මේක වෙන්න පුළුවන්.ඒ උනත් මේක හරිම පුංචි රටක් නේ මේ රටේදීම අපි ආයේ කොහොම හරි හම්බුවෙන්න පුළුවන්.මගේ යාලුවෝ හැමෝගෙම අනාගතය සුභම වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා.

ප.ලි - ස්ලිට්‌ ජීවිතය නිල වශයෙන් ඉවර නිසා , ස්ලිට්‌ එක ඇතුලේ උන සමහර දේවල් ලියන්න තිබ්බ බාධාවනුත් ඉවර වෙනවා.ඒ හින්දා ඒවත් දැන් පුළුවන් විදියට ලියන්න ඕන.

ප.ප.ලි - මේ පොස්ට් එකට සම්බන්ධ නොවුනත් මේ දේත් කියන්න ඕන.යාළුවෝ කියන අය ඉන්න ඕන අපිට තියෙන කාලේදී නෙවෙයි , අපිට නැති කාලෙදියි.ඒ දේ අතින් මම වාසනාවන්තයි , මොකද මට තියෙන කාලේදී හිටපු යාළුවෝ දෙතුන් දෙනාට වඩා, මට නැති කාලේදී මාත් එක්ක යාළුවෝ ගොඩක් හිටියා.ඒ යාළුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි.

35 comments:

  1. ඔය වචනෙට අපි අද ඉදන්ම කුලි ලිඳ කියලා කියමු !!!
    ඒකත් මරු ඈ. පහුගිය අවුරුදු තුන හොදට ගත කරලා තියෙන පාටයි.

    ReplyDelete
  2. සුන්දර මතකයන් ගොඩක් තිබිලා වගේ :))

    ReplyDelete
  3. තට්ට අයියාNovember 19, 2011 at 7:06 PM

    මටත් කියන්න ගොඩාක් දේවල් තියෙනවා..ඒක නිසා ඔය ලියන්න තියෙන හැමදෙයම ඉක්මනට ලිව්ව නම් මරු...

    ReplyDelete
  4. පස්සේ කාලෙකට මතක කරන්න තියෙන්නේ මේ කාලේ අපි මුහුණ දෙන අත්දැකීම් තමයි.. ජීවිතයේ පුළුවන් තරම් විදින්න, පුළුවන් තරම්ම.. දුක සතුට හැමදේම.. යාළුවො අද ඉන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන්.. එත් නැති උනු යාළුවො ගැන දුක වෙන්න එපා මොකද එයාලගේ පැත්තෙන් හේතුව අපි දැන් නැහැනේ.. පුළුවන් තරම් ජීවිතේ ගැන තේරුම් ගන්න.. එතකොට ජීවත් වෙන්න ලේසියි..

    ReplyDelete
  5. හ්ම්ම්.....ජීවිතේ හුගාක් අත්දැකීම් එකතුවෙන්නෙ කාලයත් එක්ක අපි ඉස්සරහට ඉස්සරහට යද්දි තමා.අයියා අද වෙනකොට ලොකු ගමනක් ඇවිත් තියෙනවා..ඉතින් ඉස්සරහටත් හොදට අනාගතේට මූණ දෙන්න වාසනාව ලැබෙන්න කියල මම සුභ පතනවා.SLIIT එකේ ජීවිතේ ගැන තව තව ලියන්න.මාත් ටිකක් දන්නවා ඕකෙ අයියලාගෙ පිස්සු වැඩ එහෙම..;) හික්ස්ස්.සෙහෙනම් ජය වේවා!!

    ReplyDelete
  6. තවත් පාරිභාෂික වචනයක් "කුලිලිඳ " හි හි

    ReplyDelete
  7. ඔය වගේ බැජ් එකක් දාලා එනකොට කොහොම දැනෙනෙවා ඇත්ද?.. ඔය අවුරුදු 3 මදි වගේ මට අනම් එකට

    ReplyDelete
  8. කියන්න දේවල් ගොඩයි.. මේක තමා ජිවිතේ හොදම කාලේ. මොනා උනත් නියම යාළුකම් නැතිවෙන්නේ නැ කියන එක හැමදාම ඔප්පු උනා. ඉස්සරහට ස්ලිට් නැති නිසා අදහස් ගොඩක් පල කරන්න පුළුවන් වෙයි.. සහ ගොඩක් දේ ලියල චම්මට අපායට ටිකට් ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.. හිකිස්‌

    ReplyDelete
  9. මොනවා ලිව්වත් වෑදගත්ම දේ මේකේ ලියලා නෑ.. මේක කියවන හෑමෝම වගේ චම්මගේ මුනු පොත් status එක බෑලුවනම් හොදයි...
    -----
    Chamal ČħãmmĄ Perera
    ස්ලිට්‌ එකේ අවුරුදු තුනේ ජිවිතේ ඉවරයි...මාර වැඩේ කියන්නේ කෙනෙක් Farewell එකෙන් පස්සේ මාව FB එකෙන් Remove කරලනේ..අනේ ඉතින් මාව Remove කලා වගේම , ඔය Add කරගෙන ඉන්න මගේ නෑදෑයෝ ටිකත් Remove කරානම් තමා හොද....දන්නෝ දනිති
    Unlike · · Share · 9 hours ago near Colombo ·
    -----
    මම හිතන්නේ චම්ම මේ අවුරුදු 3ටම ඉගනගත්ත එකම දේ "TRUST NO ONE, except family" වෙන්න ඔනී !!

    ප.ලි -
    චම්ම කිව්වා වගේ.. මේක පොඩි රටක් නේ.. කවුරු කවුරුත් ආයි සෙට් වෙයි නේ... බලමුකෝ... දන්නෝ දනිති...

    ReplyDelete
  10. I'm gonna miss everyone of you so much :(

    ReplyDelete
  11. හ්ම්ම්.. කට්ටියම සෙට් වෙන අන්තිමම දවසේ තියන හැගීම හරිම උණුසුම් විදියට ජීවිතේ පුරාම තියේව කියල ප්‍රර්ථනා කරනව. අපෙත් බැච් එකේ හිටිය ඔක්කොම එකට හිටිය අන්තිම දායින් දවස් ගානකට පස්සේ එක එකා විසිරිලා දැන් ලෝකේ වටේම,.. ආයේ හදිස්සියකටවත් හම්බවෙන්න නෑ.

    ReplyDelete
  12. @ මධුරංග අයියා - අන්න හරි ඒක අපි තියාගම්මු..මටත් හිතට හරියට වචනයක් සෙට් උනේමැ නැහැ..ඒකයි ඕක දැන්මේ...

    @ හසිත - ආයිත් අහලා..හැබැයි ඉතින් අසුන්දර මතකයන් තිබ්බේ නැත්තෙත් නැහැ..

    @ තට්ට අයියා - හිකිස්‌..බලමු බලමු

    ReplyDelete
  13. @ වර්ණා - සියයට සියයක්ම හරි..මේ කාලේදී ජිවිතේ වෙන දේවල් , කරන කියන දේවල් තමයි කවදාකහරි අපේ ජීවිතේ තියෙන්නේ..
    මොකද මමත් යාළුවෝ ගැන හොදට ඉගෙන ගත්තා..ඔයා කියන එකත් ඇත්ත එයාලගේ පැත්තෙන් " එයාලට ඕන " හේතු තියෙනවනේ අපෙන් ඈත් වෙන්න...

    @ හිතු - බොහෝම ස්තුතියි නංගි ප්‍රාර්ථනාවට..ඉස්සරහටත් පුළුවන් විදියට ලියන්නම්කෝ...ආ ඔය කොහොමද මේකේ විස්තර දන්නේ.. ;)
    දසුන් මේකේද ඉන්නේ ;)

    ReplyDelete
  14. @ බුවා - අනිවා..වචන සෙට් එකට තව එකක් එකතු උනා

    @ රහස් පරීක්ෂකයා - ඒක නම් ඇත්ත මලයා..දාලා එනකොට නම් පුදුම දුකයි..ඒත් මොනවා කරන්නද...

    @ වරු රොක්ස් - සිරා කථාව..අනිවා කවදාවත් හොද හිතෙන් තියෙන යාළුකම් නතර වෙන්නේ නැහැ..ඇරත් ඉතින් දුකේදී නැති යාළුකම් නම් කොහොමත් තිබුනත් වැඩක් නැහැ...

    මට අපායට් ටිකට් එකක් ලැබුනත්..මම ඔයාවත් ගෙනියනවා ෆ්‍රී ..බය වෙන්න එපා :P

    ReplyDelete
  15. @ yaka - හිකිස්..අපෝ සමහර දේවල් තියනවානේ බන් මතක් කරන්නවත් කැමති නැති...කියපු කථාව ඇත්ත..
    මේ අවුරුදු තුනට ඉගෙන ගත්තු ලොකුම පාඩම් ටික තමයි...

    1.කවදාවත් ගෙදරට / තාත්තට , අම්මට බොරු කියන්න එපා..කවුරු වෙනුවෙන්වත්.. මොකද ඒ කට්ටය අපේ ජීවිත වලින් යනවා එනවා..ඒ උනාට තාත්තයි ,අම්මයි කවදාවත් අපිව දාලා යන්නේ නැහැ..

    2. තමන්ගේ අම්මයි තාත්තයි , ඇරෙන්න වෙන කවුරුවත් විශ්වාස කරන්න එපා කියන ඒක..
    තමන්ගේ දෙමව්පියෝ කවදාවත් තමන්ට වරදක් කරන්නේ නැහැ..වෙන අය අපිට එහෙම කලාට..

    ------------------------------------------------

    බොහෝම ස්තුතියි මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවට මචෝ..මම දන්නවා උබ මේ ගැන මට අවුරුදු තුනක් තිස්සෙම කියන්න හැදුවා කියන එක..ඒත් ඉතින් මගේ වෙලාවට මට ඒක තේරුම් ගන්න බැරි උනා..
    උන දේ උනා..බලමු ඉතින් ඉස්සරහට වෙන දෙයක්...
    මේක ඉතින් පුන්චි රටක් නේ ;)

    ReplyDelete
  16. @ Ruchira - yeah..me too bro.. Let's keep our touch forever :)

    @ක්සැන්ඩර් අයියා - ඇත්ත අයියා..ඒ හැගීම හරිම වෙනස් හැගීමක්..දුක සතුට ඔක්කොම තියෙනවා එකේ..

    ReplyDelete
  17. ඔය කුලීළිඳ නම් කරලා තිබ්බේ "Farewell with Candle light" කියලා..හැබැයි මුළු farewell එකටම මම ඉටිපන්දම් දැක්කේ අර ගේම් ඒක කරන කොට කෂ්ටිය අතින් අතට පාස් කරපු ඉටිපන්දම් 2ක විතරයි...
    මේ වගේ කට කැඩිච්ච කතා කියන්නේ කව්ද කියලා දන්නවා නේ...:D

    ReplyDelete
  18. Ur a realy very good friend machan... Best of luck for ur future... Tacare brother... - from Madhushan ( KABARAYA)

    ReplyDelete
  19. anemanda itin me farewell eka hodata tibba .but "after farewell" eka gana livvanam thama hoda chamma .vadagath deval gana uba liyala nathi eka thama duka .better come quick rather than late ...............
    apita loku scene diravanne ne :P :P

    ReplyDelete
  20. Kiyannan godak dewal thiyenawa machan....anemanda thattayath mekata comment karala theyena nisa ithen e gena tikak hithala balanna one.......

    ReplyDelete
  21. ගිය දෙවල් ගියා...වෙච්ච දෙවල් උනා....ලෝක ස්වභාවය ඔහොම තමයි කියන්න තමා තියෙන්නේ...එත් ඉතින් ඔහොම කිව්වට උඹට තියන දුක දන්නේ උඹ විතරයි කියලත් දන්නවා.....ඒත් මචං ඕක තමා ලෝක ස්වභාවය

    කොහොම උනත් උඹ කිව්වා වගේ ලොවෙත් නැති පාඩම් ටිකක් ඉගෙන ගත්තා මේ අවුරුදු 3ට....මදි නොකියන්න....

    එල කොල්ලෝ, බලු කොල්ලෝ, එල කෙල්ලෝ, බලු කෙල්ලෝ ඔක්කොම මීට් උන.....

    එලමකිරි ෆ්‍රෙන්ඩල සෙට් එකක් හම්බුනා....උන් එක්ක මරගත්තා....එකට කෑව බිව්ව....අපේ සූදු ගහපු එවන් ටික ගැන නොකියම බෑ... තුරුම්පු වලට මරාගත්තට කවදාවත් කාඩ් පැක් එක නම් ගෙදර තියලා අවෙ නෑ...

    කොහොම උනත් හැමෝටම හොඳ අනාගතයක් හොඳ ජොබක් ලැබේවායි ප්‍රර්තනා කරනවා........

    ReplyDelete
  22. මම නම් සුදු කෙලියේ නෑ....

    ReplyDelete
  23. චම්මා උබට එක දෙයක් මම කියන්නම් , උබ මේ දේ හොදට හිතට ගනින්.මේ ලෝකේ මිනිස්සු අදුරගන්න බැහැ.උබට අවරුදු තුනක් ගිහින් මිනිස්සු අදුරගන්න බැරි උනාට අපි මිනිස්සුන්ව අදුරගත්තේ ගොඩ කාලෙකට කලින්.මම ඒ දේවල් මෙතන කියන්න ඕන නැහැ නේ.

    උබ හොද කොල්ලා කියලා මම දන්නවා.ඒ වගේම උබත් එක්ක හිටපු අය උබට කෙලවපු විදියත් මම දන්නවා.උබට ඔය දේවල් උනේ උබ හිතුවා හැමෝම උබ වගේ හොදයි කියලා.එහෙම නැහැ බන් අන්න ඒක හොදට හිතට ගනින් උබට ඒක ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි.

    කවදාහරි ඔය අදාළ අයට උබට කරපු දේවල් වලට පසුතැවෙන්න වෙනවා බන්.

    -මම ඔය හැමෝවම හොදට ආශ්‍රය කරපු එකෙක්

    ReplyDelete
  24. හ්ම්ම් හ්ම්ම්.. හරි වැරදි හැම තැනම තියෙනවා.. හරි දේ විතරක් කරමු.. වැරදි දේ අමතක කරමු.. යාලුවන්ගේ උනත් එහෙමයි..

    ReplyDelete
  25. ඔය අන්තිමට කොමෙන්ට් එක දාපු "ඇනෝ" SLIIT එකේ කෂ්ටිය පිළිබඳව අවබෝධ කර ගත්ත හින්දද 1st ඉයර් එක ඉවර වෙද්දීම මේකෙන් අයින් වෙලා ගියේ....

    ReplyDelete
  26. Mana machan hengenne nathuwa kelinma kiyannan....mama hithana wideyata machan oya hodata hemowama asre kara kiyapu ano anthima wenakamma hiteya.....hebei anthimata poratath kawuruth nathi una.....mama methana namath kiyanawa habei sure nathuwa nam kiyana eka weradi nisa kata wahagena innawa......habei chamma meka hodata hithata ganin oya ubata therun karala denna hadapu ano innawa neda. poranan hodakata newe ubata therun karala denna geye kiyanan mama dannawa.....mata oya ano type karala thiyena wediya hodata hurui.....eth nama danne nathuwa katawath muku keyana eka hari nane....oka namath ekkama dammanan thamai godak watinne......monawa karannada mama hithana poratan sliit akediwath kondaknan thibbe ne....(porata awurudu thunama yanakan kondak kiyala ekaknan thibune ne.....ara peththatai me peththatai wela depeththata kelan kiya kiya hitapu eka wetharai kare....)mama hithana kenanan meka dala thiyenne eya matanan wereddak karala ne....hebei puluwan tharan anith minissunta reddanna thamai beluwe....(ME COMENT EKA EYATA ADALA NATHTHAN HEMOWAMA ASRE KARALA THIYENA ANO TA HOLMAN WEGE WEI....HEBEI MAMA HITHANA KENANAN ME COMMENT EKA DALA THIYENNE MAMA KIYANNA ONE TIKA KIWWA)

    ReplyDelete
  27. අන්තිමට ඉතුරු වෙන්නේ තලු මර මර රසවිඳින්න පුලුවන් මතකයන් ගොන්නක් විතරයි..සමහර වෙලාවට රසවත් වෙලාවකට අමිහිරි!

    ReplyDelete
  28. ammapa mata yanna bari una nova sliit :(

    ReplyDelete
  29. අනේ ගොන් මානෝ...උඹ වෙනදා වගේම අදත් වැරදි...උඹ හිතන කෙනා නෙවේ ඔය ඇනෝ...අවුරුදු 3ක් ගිහින් උඹට තාම බෑ නේ මිනිස්සු අදුන ගන්න...පුළුවන් නම් මාව අදුන ගනින්....උඹට මම අර කෙල්ලගේ මොබයිල් ෆෝන් නම්බර් එක හොයලා දෙනවා...

    ReplyDelete
  30. Sometimes being a friend means mastering the art of timing..
    There is a time for silence.
    A time to let go and allow people to hurl themselves into their own destiny.
    And a time to prepare to pick up the pieces when it's all over.
    if tht is a farewel 4 us..i hope all our frendships will stay 4evr....n ever...nvr gona b die..until v die..

    ReplyDelete
  31. http://www.google.lk/url?sa=t&rct=j&q=sometimes%20being%20a%20friend%20means%20mastering%20the%20art%20of%20timing..there%20is%20a%20time%20for%20silence.a%20time%20to%20let%20go%20and%20allow%20people%20to%20hurl%20themselves%20into%20their%20own%20destiny.and%20a%20time%20to%20prepare%20to%20pick%20up%20the%20pieces%20when%20it's%20all%20over.&source=web&cd=1&ved=0CBoQFjAA&url=http%3A%2F%2Fthinkexist.com%2Fquotation%2Fsometimes_being_a_friend_means_mastering_the_art%2F151737.html&ei=qzbPTsG8JcfJrAe3ldnCDA&usg=AFQjCNGgDEqRgIA7DLWtE7HZq0q8re8Ghw

    ReplyDelete
  32. හෙහ්...හෙහ්...ඇනෝල එකිනෙකාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කොරල නේද?

    ReplyDelete
  33. ඉවරද?අනාගතයට සුභපැතුම්!!!!!1
    අපිට තව අවුරුද්දක් තියෙනවෝ......

    ReplyDelete
  34. ඒ,.. කෝ... මම මේකේ කමෙන්ට් එකක් දැම්මනේ,.. ඒක නැති වෙලා,.. ඉහි ඉහි,..

    ReplyDelete
  35. මමත් ආවා නොවැ ඔය ෆෙයාවෙල් එකට, මම නම් 1ස්ට් ඉයර්. හරි සන්තොසයි මේ බ්ලොග් එක දැක්කම. . . :)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!