අපි කරපු ( කරන්න හිටපු ) ප්‍රොජෙක්ට් ගොඩකම ක්‍රියාකාරී සමාජිකයෙක් තමා අයි.යු.Resource Allocating කියන සබ්ජෙක්ට් නම් උපරිමයෙන්ම පුළුවන්.උදාහරණයක් විදියට, මලියා කිව්වොත් ලබන සතිය වෙද්දී Router එකක් ඕන කියලා , ආයි නෑ මොන ලෝකෙන් හරි Router එකක් ලබන සතිය වෙනකොට අයි.යු ගෙනත් දෙනවා.එච්චරට විවිධාකාරයේ සම්බන්ධතා අයි.යු ට තිබ්බා.ඒ නිසා අපේ ගෘප් එකට කවදාවත් රිසොස් පැත්තෙන් ප්‍රශ්න නම් තිබ්බේ නැහැ.සමහරු නම් ඉතින් ඔය සම්බන්ධතාවලට එක එක කට කැඩිච්ච කතා කිව්වා, ඒ උනාට මොකද පල ඇති ගහටනේ ගල් වදින්නේ කියනවා වගේ අයි.යු නම් සැලුනේ නැහැ ඒ කතාවලින්.
අයි.යු මේ මෑත කාලයක් වෙනතුරුම ලෝක වාර්තාවක් තියාගෙන හිටියා.දැන් නම් ඒකේ තත්වය කොහොමද දන්නේ නැහැ.වාර්තාව තමයි අවුරුදු තුනක් යනකම් කිසිම ඩ්සයිනින් ටුල් එකක් ගෙදර පරිගණකයේ දාගෙන නොතිබීම.දැන් ඉතින් පුදුම වෙන්න එපා , එහෙනම් මේ යෝධයා කොහොමද අවුරුදු තුනක් තිබ්බ විභාග / ප්‍රැක්ටිකල් එහෙම පාස් උනේ කියලා.ඒකට තමයි කියන්න ටැලන්ට් එක කියලා.මගේ මතකයේ හරි නම් මේ වෙනකම් කිසිම සබ්ජෙක්ට් එකක් අයි.යු අවුල් කරගෙන නැහැ. කොහොමද හැකියාව.
හැකියාව ගැන කිව්වම මතක් උනේ , ඔය මම කිව්වා හැකියාවට අමතරව තව විශේෂ හැකියාවන් රාශියක් අයි.යු ට තිබ්බා.අනේ ඉතින් ඒවා දන්නෝ දනිති.අපේ රංග අයියා ප්‍රසිද්ධ වැඩේටත් අයි.යු ප්‍රසිද්ධයි.තවත් අයි.යු කිව්වම මතක් වෙන දෙයක් තියෙනවා ඒ තමයි අයි.යු සහ විභාග කියන එක අයි.යු ගේ වැඩියෙන් ඇක්ටීවී කාලවලින් එකක් තමයි විභාග කාල සීමාව.විභාගයට කලින් දවසේ ඉන්න ඕන , විභාග ශාලාවේදී ඉන්න ඕන කොහොමද කියන එක ගැන උපදෙස් ගන්නවනම් , නියාම පුද්ගලයා අපේ අයි.යු තමයි මල් ස්ට්‍රැටජී වගේ තමා මේ ක්‍රමත් අත්දුටුවයි - ප්‍රත්‍යක්ෂයි.
මුදාගන්න අයි.යු ට හැකිවෙන්න කියලත් මමතුමා ලාවට වගේ ප්‍රර්ථනා කරනවා.
