Friday, November 4, 2011

ඉවරායි. . .

ඉවරයි කියන්නේ ඉවරෙටම ඉවරයි.අවුරුදු තුනකට කිට්ටු වෙන්න කට්ටක් කාලා කරපු දේ ඉවරයි.අන්තිම අවුරුද්දේ තිබ්බ viva එක ( හරි මයිලෝ එක හරි නෙස්ටමෝල්ට් එක හරි ) එකත් ඉවරයි.අපේ හිටපු පස්දෙනාම ඒකෙනුත් ගොඩ ගියා.ඔය අන්තිමට තියෙන එක තමයි සාමාන්‍යයෙන් අමාරුම එක , ඒක අවුලක් උනේ නැහැ කියෙන්නේ ඉතින් ගොඩේ ගොඩ.

අපි සතුටින් හිටියට ඉතින් අපේ සමහර යාළුවෝ කිහිප දෙනෙක්ට නම් පොඩ්ඩක් අවුල් උනා.ඒ උනාට ඉතින් කට්ටියටම සති දෙකක් විතර ලැබුනා , තමන් කරපු ප්‍රොජෙක්ට් එකට අලුතින් component එකතු කරලා හරි , තව තියෙන component වෙනස් කරන්න හරි.එයාලගේ ප්‍රොජෙක්ට් එකේ තීරණය ලැබෙන්නේ ඊට පස්සේ.බයවෙන්න එපා යාලුවනේ කාටවත් අවුලක් වෙන්නේ නැහැ.

අපේ මේ පාර ප්‍රොජෙට් එක නම් වැදගත් වෙන්නේ ලංකාවේ ඉස්කෝලවලට.ලංකාවේ පාසල්වල තියෙන දත්ත එක තැනකට එකතු කරගෙන , අවශ්‍ය වෙලාවල් වලදී ඒවා ලබාදෙන එක වගේ දෙයක් තමයි කරේ.( සරලව කිව්වොත් එහෙම දෙයක් තමයි වෙන්නේ), ඊට අමතරව පාසලෙන් ලැබෙන අස්වීමේ සහතිකය , අදාළ දත්ත නිවැරදිව ඇතුළු කරාම Auto Generate වෙලා එන විදියේ component එකකුත් තිබුනා.අවුරුද්දකට කිට්ටු වෙන්න වගේ මේ ප්‍රොජෙක්ට් එක අපි කරා,අම්බෝ මේක කරන්න ගිහිල්ලා උන දේවල්.ඒ ටිකත් පුළුවන් විදියට කියන්නම්.

ඔයිට අමතරව ඉතින් මගේ පැත්තෙන් විස්තර කියනවනම් ලොකු ලොකු දේවල් ගොඩක් උනා.ජොබ් එකකුත් ලැබුනා.ස්ලිට්‌ එකේ වැඩ ඉවරඋන ගමන් ජොබ් එකක් ලැබුන එකත් ඉතින් එක අතකට හොදයි.කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා එ දේවල් වෙලාව තියෙන විදියට කියන්නම්.

ප.ලි - මකුළු දැල් කැඩුවට ඉතින් , ඒ කරලත් සතියකට පස්සේ තමයි මේක ලියන්නෙත්.

ප.ප.ලි - අර communication skills කතන්දරේ ලියාගෙන යනවා.ළගදීම ඒක පබ්ලිශ් කරන්නම්.

17 comments:

  1. සුභ පැතුම් අයියා.......

    ReplyDelete
  2. ජොබ් එකට සුභපැතුම්. අදකාලෙ ‍ඉගනගෙන ඉවර වෙනකොට ජොබක් සෙට් වෙනව කියන්නෙ මංගල කාරණයක්කේ.

    ReplyDelete
  3. එල... සුභපැතුම්... චම්මා..

    ReplyDelete
  4. සුබ පැතුම් මලයා, සුබ අනාගතය්ක පතනවා ......

    ReplyDelete
  5. ඔබගේ ඉදිරි අනාගතයට මගෙන් සුභ පැතුම් !!

    ReplyDelete
  6. සුභ පැතුම් එහෙනම් මගෙනුත්...

    ReplyDelete
  7. තට්ට අයියා..November 4, 2011 at 11:09 PM

    ඉවරෙටම ඉවරායි....

    ReplyDelete
  8. ඔන්න මල්ලිට මගෙනුත් සුබ පැතුම් !!

    ReplyDelete
  9. කැම්පස් වලින් එලියට යන හැමොම ආන්ඩුවෙන් ජොබ් දෙනකම් බලන් ඉන්නැතිව නෙ වගෙ හම්ම්බවුනු එකකට යනවනම්.
    …කොහොම උනත් සුභ පැතුම් !

    ReplyDelete
  10. පරල්ලු ව්උනාට සමාවෙන්න. සුභ පැතුම් අයියා..!!!!

    ReplyDelete
  11. මගේ උණුසුම් සුබ පැතුම් මචෝ...

    ReplyDelete
  12. හැමදෙනාටම බොහොම ස්තුතියි :) :)

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!