Saturday, November 26, 2011

Presentation ගොඩ දා ගැනීම

ඔන්න ඉතින් මීට කලින් ලියනවා කියලා හිටපු මාතෘකාව තමයි අද කතා කරන්නේ.ඔක්කොටම කලින් මුලින්ම කියන්න ඕන මම මේ කාරණය ගැන කතා කරන්නේ මට තියෙන අත්දැකීම් ප්‍රමාණයේ හැටියටයි.ඒක හින්දා ඉතින් මේ දේවල් සියයට සියයක්ම හරියන්නේ නැතිවෙන්න පුළුවන්.හැබැයි මම මේ කියන්න යන ගොඩක් දේවල් මට ඇතුළු මගේ යාලුවොන්ට එහෙම හරිගියපු ක්‍රම.හරි වැඩිය කතා කරන්නේ නැතිව එහෙනම් වැඩේට බහිමු.

1. Topic / Type
Presentation එකට  සුදානම් වෙනකොට මූලිකවම හිතන්න ඕන දෙයක් තමයි මේක.අනිවා මාතෘකාව ගැන හොද අවබෝධයක් තියෙන්නම ඕන.තමන් කරන කොටස ගැන දැන ගන්නවට වඩා , සම්පුර්ණ මාතෘකාවම ගැන දැනගෙන ඉන්න එක හොදයි.මොකද Audience එකට ප්‍රශ්නයක් ආවොත් ගොඩක් වෙලාවට අහවල් කෙනා පෙන්නලා අහන්නේ නැහැනේ. අහන්නේ ගෘප් එකේ ඉන්න සෙට් එකෙන්මයි.එතකොට තමන්ට ටොපික් එක ගැන හරි කතා කරන දේ ගැන හරි අවබෝධයක් නැත්නම් වැඩේ අවුල්.

අනිත් එක මොන ජාතියේ Presentation එකක්ද කියන එක. Proposal, Prototype, Midreview ඔය එක එක Presentation වලට ලැබෙන කාලය වෙනස් නේ.ඒක හින්දා Type එක අනුව සුදානම් වෙන එකත්  වැදගත්.

2. Presentation Flow
මේක තමයි ඊළගට වැදගත් දේ.Present කරන හැමෝම තමන්ට කලින් එක්කෙනා කරගෙන ආවා වගේම ( පුළුවන්නම් ඊටත් හොදට ) තමන්ගේ කොටස කරලා ඉවර කරන්න ඕන.yAkA සහ මම හිටපු මුල් කාලේ Presentation වල yAkA මුලින්ම පටන් ගන්නවා , ඊට පස්සේ අන්තිමට මම ඉවර කරනවා.අපි ඒ කාලේ ඉදන් තේරුම් ගියපු දෙයක් තමයි , Presenation එකේ පටන් ගන්න එකයි , අවසාන වෙන එකයි එලටම තියෙන්න ඕන කියන එක.අපේ රිසර්ච් එකේදිත් තට්ට අයියා පටන් ගන්නවා , මලියා හරි මම හරි ඉවර කරනවා.

තේරෙන උදාහරණයක් කියනවනම් ( මේ දවස් වලට හරි ගියේ නැති උනත් ) , ඩ්ල්ෂාන් මැච් එක පටන් ගන්නවා වගේ Presentation එක පටන් අරගෙන මැතිව්ස් මැච් එක ඉවර කරනවා වගේ Presentation එක ඉවර කරන්න ඕන.

සාර්ථක ආරම්භයකින් හැමෝම ගැන හොද හැගීමක් ඇතිකරන්න පුළුවන් වගේම , සාර්ථක අවසානයකින් වැඩේ හොදටම උනා කියන හැගීම ඇති කරන්න පුළුවන්

3. Timing
ගොඩක් අයට අවුල් යනම දේ මේක තමා.ගොඩක් වෙලාවට Presentation  එකට ලැබෙන්නේ විනාඩි  20 ක් වගේ කාලයක් නේ ( Present කරන්න විනාඩි 15 ප්‍රශ්න වලට විනාඩි 5 ).ගෘප් එහෙක 5 හිටියොත් එක්කෙනක්ට ලැබෙන්නේ ගොඩක් දුරට විනාඩි 3 ක් විතර.වැඩක් නැති Slides ඔක්කොම අයින් කරලා දැම්මත් එක්කෙනක්ට Slides 3-6 අතර ගාණක් එන්න පුළුවන්.ඉතින් විනාඩි 3 කින් ඔය Slides ටික කවර් කරනවා කියන එක අමාරු වැඩක්.මොකද කාලය ඉවරයි කියලා බෙල් එක වැදුනම , ගොඩක් වෙලාවට ආයි වෙලාවක් දෙන්නේ නැහැ.දුන්නත් ඉතින් ලකුණු අඩු වෙලානේ වෙලාව ලැබෙන්නේ.ඒක හින්දා පුලුවන් තරම් Timing කියන එක හොදටම තියෙන්න ඕන.අපේ අයගේ භාෂාවෙන් කියනවා නම් ඉතින් වෙලාව අඩුයි වගේ කියලා හිතෙනවානම් ඉතින් Slides විදින්න ඕන.

Timing අවුල් නම් එකම විසදුම Timing හරියනකම් තනි තනිව හරි ගෘප් එකේ ඔක්කොමයි Presentation එක පුරුදු වෙන එක තමා.

4. Language
අපේ හැමෝගෙම කඩ්ඩ එක වගේ නැහැ නේ.සමහරුන්ට හොදටම පුළුවන් ,සමහර අයට අවුල්.Presentation එහෙකදී කඩ්ඩ බලන්නේ නැති උනාට (මම අදහස් කරේ Grammar වගේ දේවල් ), කඩ්ඩ ගොඩක්ම අවුල් නම් තමන්ගේ වගකීම තමයි කඩ්ඩ හොදට හදාගන්න එක.මොකද Present කරගෙන යනකොට කඩ්ඩ අවුල් හින්දා Presentation එක Slow උනොත් ඒක මුළු Presentation එකටම බලපානවා.

5. Practice
Practice makes perfect කියලනේ කියන්නේ ( ඔන්න මම නම් නෙවයි මේක කියලා තියෙන්නේ , ඒ උනාට මේක ඇත්ත ).මොකද අපි Practice වෙන්න වෙන්න අපේ තියෙන අඩුපාඩු , වැරදෙන තැන් , Slow වෙන තැන් අපිටම අල්ලගන්න පුළුවන්.මුලින්ම තමන්ගේ කොටස් තනි තනිව පුරුදු වෙලා , අඩුම ගානේ දෙපාරක් වත ගෘප් එකේ හැමෝම Presentation එක පුරුදු වෙනවනම් වැඩේ ගොඩ.

තව දෙයක් තමයි අනපේක්ෂිත දේවල් වලට ලෑස්ති වෙලා යන්න ඕන.අපි හිතමු විනාඩ් 20 Presentation එකට ලෑස්ති වෙලා ගියාට , පටන් ගන්නකොට අපිට කියනවා තියෙන්නේ විනාඩි 20 නෙවයි 15 ක් කියලා.ඒ වෙලාවෙදී අනේ අපි විනාඩි 20 ටනේ Practice කරේ අපි කොහොමද විනාඩි 15 කරන්නේ කියලා හිත හිත ඉදලා නම් වැඩක් නැහැ.ඒ වගේ වෙලාවට ගානට හරි ගැහෙන්න ඕන.ඔය වගේම තමයි එක පාරට ප්‍රෝජෙක්ටර් එක අවුල් ගියාම වගේ වැඩ උනාමත් බය නැතිව කරගෙන ආපු විදියටම Presentation එක කරන්න ඕන.

Presentation එකක් කරන්න ඕන කොහොමද කියන එක ගැන මගේ අදහස් බෙදා ගන්න එක තමයි මගේ අරමුණ උනේ.හැබැයි ඉතින් මේ මොන දේ තිබ්බත් Slides ටික එළකිරියට තිබ්බේ නැත්නම් වැඩේ අවුල්.ඒවා ඉතින් සාමන්‍ය දේවල් නේ.ඉස්සරහට Presentation කරන්න ඉන්න මගේ බ්ලොග් එක බලන නංගිලා , මල්ලිලාට මේක කියවලා මොනවහරි දෙයක් ගන්න පුළුවන් උනානම් ඒක තමයි වෙන්න ඕන දේ.

ප.ලි - මගේ බ්ලොග් එකේ වැදගත් කියලා දෙයක් ලිය උනාමද මන්දා :P

26 comments:

  1. මායි මගේ ගෲපායි දෙන්නම කලින් දවසේ තුන් හතරපාරක් ප්‍රසන්ටේශන් කරලා තමා ගේමට යන්නේ. නැත්නම් ඉතින් මොනා කියයිද කියලා ෂුවර් නෑ.

    මේක නම් පට්ටම ලිපියක්.

    ReplyDelete
  2. මගේ බ්ලොග් එකේ වැදගත් කියලා දෙයක් ලිය උනාමද මන්දා :P

    ඔව් :P

    සිරාවටම වැදගත් ලිපියක්

    ReplyDelete
  3. මේක වැදගත් අපිත් ෆයිනල් එකට සූදානම් වෙන්න ලගයි

    ReplyDelete
  4. ප්‍රශන්ටේෂන් ස්ලයිඩ් වල අකුරු වල ප්‍රමාණය, වර්ණ වගේ දේවල් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ. මම දැක තිබෙනවා සමහර අය ස්ලයිඩ් වල පොඩි අකුරෙන් රචනා ලියල ඒකම බලාගෙන කියවනවා. ඒක නරක පුරුද්දක්. පවතින ආලෝක තත්වයන් යටතේ පැහැදිලිව පෙනෙන වර්ණ ගැනත් සැළකිලිමත් වෙන්න.

    ReplyDelete
  5. @ මධුරංග අයියා - අනිවා අපිත් එහෙම තමා අයියේ..අන්තිම කාලේ තිබ්බ ප්‍රසන්ටේෂන් නම් දෙපාරක්/තුන් පාර ප්‍රැක්ටිස් කරලා තමා යන්නේ

    @ බුවා - ඒකනේ ඒකනේ මටත් හිතුනා ඕකම .. :P

    ReplyDelete
  6. @ නදීර - වැදගත් උනා නම් එච්චරයි මලයා :)

    @ චානක - ඒ ටික තමා ඊළගට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටික..කළු පාට බැක්ග්‍රවුන්ඩ් , ඇහැට නොපෙනන තරමේ පොඩි අකුරු වගේ ඒවාගෙන් අනිවාර්යයෙන්ම මිදෙන්න ඕන

    ReplyDelete
  7. නියම දැනුවත් කිරීමක්. අපිත් ප්‍රසන්ටේශන් කට්ටිය ඇන ගන්නවා වගේම ඇන ගෙනත් තියෙනවා. බොහොම ස්තූතියි කිව්වා ඕං...

    ReplyDelete
  8. සෑහෙන ප්‍රයෝජනවත් ලිපියක්.

    ReplyDelete
  9. මරු බං... කවදා හරි ඕනේ වෙන්නේ නැතෑ

    ReplyDelete
  10. නියමයි අයියා!!!! මාරම වැදගත්. මොකද මාත් ප්‍රෙසෙන්ටේශන් කරන්න ගිහින් හොදට බය වෙලා තියෙනවා...

    ReplyDelete
  11. ඉදලා හිටලා හරි වැදගත් දෙයක් ලියන එක හොදා :P
    අඩෝ පට්ට මචං ඉස්සරහට වැදගත් වෙයිනෙ කවදාහරි

    ReplyDelete
  12. මුලින්ම අපු දවසෙම හොඳ පොස්ට් එකක් තුබුන එල ජයවේව!!!

    ReplyDelete
  13. පුළුවන් නම් මම කව්ද කියලා කියන්න..November 26, 2011 at 10:06 PM

    චම්මෝ....අපි ඕවා අකුරටම කලාද?

    චම්මට ලියන බැරි වුන තව පොඩි වැදගත් දේවල් ටිකක් මම ලියල යන්න හිතුවා....

    1. ප්‍රසන්ටේෂන් එකක් හදන කොට හැම වෙලාවේම බලන කෙනාගේ අවධානය පලවෙනි ඇසිල්ලෙන්ම ඇඳ ගන්න ආකාරයට හදන්න බලන්න...සිංහලෙන් කියනවා නම් (Interactive Presentation on first eye sight)..

    2. ඕනවට වඩා ස්ලයිඩ් දාන්න යන්න එපා...

    3. ප්‍රසන්ටේෂන් එකේ ස්ලයිඩ් වල ඕනාවට වඩා කරුණු කාරනා දාන්න යන්න එපා...සිංහලෙන් කියනවා නම් (Point Form)එකෙන් ලියන්න..

    4. අනිවාර්යෙන්ම ඇනිමේෂන් දාන්න අමතක කරන්න එපා...

    5. ප්‍රසන්ටේෂන් මාතෘකාවට අදාල කරුණු කාරනා පුළුවන් තරම් ඇනිමේෂන් යොදා ගනිමින් කරන්න පුරුදු වෙන්න..ඒක බලන කෙනාට තේරුම ගන්න පහසුයි...

    6. ප්‍රසන්ටේෂන් ස්ලයිඩ් හැදීමේදී යොදා ගන්න අකුරු පිළිබඳව සැලකිලිමත් වෙන්න...බලන කෙනාගේ ඇස වලට අමාරු නොවෙන විදිහට හරියන font එකක් භාවිතා කරන්න.

    7. ඉහත කිව්ව font තෝරා ගත්තට පස්සේ හරියන font සයිස් තෝරා ගන්න...

    8. ප්‍රසන්ටේෂන් ඒක අවසානයේදී තිබෙන VIVA කියන එකට පොඩ්ඩක් වත් භය වෙන්න එපා..තමන්ගේ භය මුණෙන් පෙන්නුවොත් සුපර්වයිසර් දිගට හරහට නෙලන්න පටන් ගන්නවා ඒකාන්තයි...

    9. තමන් කරන ප්‍රසන්ටේෂන් ඒක පිළිබඳව හොඳ අවබෝදයක් මෙන්ම එම අවස්ථාවට සුදුසු පරිදි මුහුණ දීමට පුරුදු වන්න...

    10. ප්‍රසන්ටේෂන් එකට කලින් කෂ්ටිය සෙට් වෙලා තමන්ගේ මාතෘකාවට අදාලව අහන්න පුළුවන් වෙයි කියලා හිතෙන ප්‍රශ්න මොනවද කියලා සාකච්චා කරන්න..කෂ්ටිය සෙට් වෙලා කතා කරන කොට එක එක්කෙනා තමන්ගේ අදහස් කියද්දී අනිවා සුපර්වයිසර් අහන ප්‍රශ්නත් නිකන්ම වගේ එතනදී කතා වෙන්න පුළුවන්...

    ඔය කියල තියෙන දේවල් ටික එක ප්‍රසන්ටේෂන් එකකට කරලා බලන්න එතකොට ඊලග එක කරන්න ඕන කොහොමද කියලා කෂ්ටියට ඉබේම තේරෙන්න පටන් ගනී...

    සැමටම සුභ...

    ReplyDelete
  14. @ ළහිරු - අපෙත් ගොඩක් අය ඇන ගන්නවා , ඒවගෙනුත් දේවල් අරගෙන තමයි පොස්ට් එක ලිව්වේ..

    @ හිෂාන් - ප්‍රයෝජනවත් දෙයක් ගන්න පුළුවන් උනානම් එච්චරයි මචෝ :)

    @ ගෝල්ඩ් ෆිෂ් - ඒකනේ ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන් නේ ;)

    ReplyDelete
  15. @ හිතු - අපිත් මුල්ම කාලේදී බයෙන් බයෙන් තමයි කරේ..පස්සේ පස්සේ ඒ ගතිය මගඇරුනා..පුරුදු උනාම ඔය බය ගතිය අයින් වෙනවා

    @ තිවංක - හිකිස්‌..ඒක තමා මේ යලට මහට හරි වැදගත් දෙයක් ලිව්වේ..

    ReplyDelete
  16. @ ඔය නම කියන්න කියලා තියෙන බුවාට - මම නම් දන්නවා ඔය කවුද කියලා..

    මගේ පොස්ට් එකටත් වඩා ඔය ගොඩක් කරුණු කියලා තියෙන්නේ , මට ස්ල්යිඩ්ස් ගැන කියන්න බැරි උනාට මේ කමෙන්ට් එකෙන් ඒ දේත් කියලා තියෙනවා..

    කමෙන්ට් එකේ තියෙන දේවල් ඔක්කොම හරි..අනිවා ඒ දේවලුත් ඔයාලගේ Presentation එකට එකතු කරගන්න..

    කමෙන්ට් එක දාපු යාලුවට බොහොම ස්තුතියි ..

    ReplyDelete
  17. වැදගත් දෙයක් ලිය උනාද මන්දා නෙමෙයි යාළුවා වැදගත් දෙයක් ලිය උනා තමයි...

    ReplyDelete
  18. සෑහෙන්න වටින ලිපියක්... :)
    මුලින් ම ආපු දවසේ කියෙව්වේ වටිනා දෙයක්..... :D :D

    අදයි මේ පැත්ත ට ගොඩ වැදුණේ...... ආයෙත් දිගට ම එනවා..... :))))))

    ReplyDelete
  19. වැදගත් ලිපියක්!

    ReplyDelete
  20. ඔයාගේ පෝස්ටුවේ ලිය වුනු දේවල් වලට මන් උදාහරණ දෙන්නම්කෝ..

    මගේ පලමු වෙනි කම්පියුටර් මැත්ස් ප්‍රසෙන්ටේෂන් එක කරන්න ස්ටාර්ට් කරලා "දිස්" කියලා පලමු වෙනිම තියරිය.. ස්ක්‍රීන් එකට අත දික් කරද්දි...කරන්ට් ගියා...හැමෝම අතින් කට වහන් හිනා වුනා..මන් කරපු එකම දේ මාකර් පෙන් එක අරන් බෝඩ් එකේ ඇද ඇද මුකුත් නොවුණු ගාන්නට මතකෙ තිබ්බ ටික කරා..එදා මට වැඩිම මාර්ක්ස් හම්බ වුනේ මගේ ප්‍රසෙන්ටේෂන් ස්කිල් එකට නෙමේ..කම්ෆිඩන්ස් එකට කියලා අද මට තේරෙනවා...

    මන් මේ කතාව කිව්වේ පොරක් කියන්න නම් නෙමේ..එදා මන් එවැනි දේකට සූදානමිනුයි හිටියේ..ඒ නිසා පොරක් නොවුනු මට පොරක් වෙන්න පුලුවන් වුනා.

    පෙර සුදානම ඕනෑම දේකට හරිම වැදගත්..ඒ වගේම වැදගත් ලිපියක්..

    ReplyDelete
  21. ගොඩක් හොද ලිපියක්..මට නම් ඇත්තටම වටිනා දේවල් ගොඩක් දැනගන්න හම්බුනා,,,

    ReplyDelete
  22. අම්මෝ ප්‍රසන්ටේෂන් මතක කරන්න එපා. :(( මතක වෙද්දීත් එපා වෙනවා..ඔක්කොමත් හරි තනියම කරන ප්‍රසන්ටේෂන් තමයි එපා වෙන්නේ,, :D ගොඩාක් වැදගත් ලිපියක්..

    ReplyDelete
  23. මම නම් කැම්පස් ගිය මුල් කාලේ ප්‍රසන්ටේශන් කිව්වාම පණ බයේ ගැහෙනවා,. දැන් නම් එහෙම අවුලක් නෑ,. ඒත් ඉස්සරහට ගියාම පොඩි ගැස්මක් එනවා. ඇත්තටම වැදගත් ලිපියක් :D

    ReplyDelete
  24. නියමයි මල්ලි... මම මේකට පොඩි දෙයක් එකතු කරන්නම් අර නම හොයන්න කියන බුවාගේ කොමෙන්ට් එකත් එක්ක යන්න.
    ඇනිමේෂන් කරන්න. එත් වෙසක් තොරණක් කරගන්න එපා. එතකොට බලන එක බලන් ඉන්නේ ඊළඟ ඇනිමේෂන් එක මොකද්ද කියල මිසක් කියන කරුණු නෙවෙයි.
    පොයින්ට් ෆොර්මැට් එකට කරුණු ස්ලයිඩ් කරත් ඉදිරිපත් කරනකොට ටයිමින් ඇතුලේ ප්‍රසන්ට් කරන්න. ප්‍රශ්න වලට තැනක් දෙන්න. ඒ කියන්නේ ඒ කරුණ ගැන ඔක්කොම දේවල් ඔයාගේ ටයිම් ලයින් එකේ කියන්න බැරි උනත් පුළුවන් ටික කියන්න. එහෙම වෙද්දී අනිවාර්යෙන්ම ප්‍රශ්න එනවනේ ඒ අහන වෙලාවට ඒ ගැන ඇහුවොත් විස්තර කරන්න බලාගෙන ඉන්න.
    අතරමැද ප්‍රශ්න වලට උත්තර දෙන්න එපා කවදාවත්. කාලය එනකම් ඉන්න කියන්න.
    ගිරා පාර දානවට වඩා තමන් මේ මාතෘකාව ගැන දන්නා බව පෙන්නන්න. ඒ කියන්නේ සරලවම කාලය ඇතුලෙන් විස්තර කරන්න.

    ReplyDelete
  25. @ ක්සැන්ඩර් අයියා - අනිවා අයියා කියපු ඔක්කොම වැදගත් දේවල්..ගිරවා නොදා ඉන්න එක නම කොහොමත් වැදගත්..ස්තුතියි අයියා ප්‍රතිචාරයට..
    තොරණක් නොකරන එකත් සිරා...සමහර ඒවානම් තොරන් වගේම තමා..

    @ ප්‍රර්ථනා , වර්ණා , අනුරංග , අසනී - කට්ටියට බොහොම ස්තුතියි..ඉස්සරහට කරන්න තියෙන ඒවා හොදට කරනං පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  26. අපේ තට්‌ට පුතා ඉතින් බර දාලා නේ පටන් ගත්තේ මතකද ච්ම්මා

    ReplyDelete

හිතට එන ඕනැ එකක් කියල යන්න... Always Be My Guest !!!!!